ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කටඋත්තරය පාපෝච්චාරණ සාක්ෂියක් බවට පත්කරන හැටි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතෙ මේ කටඋත්තරය වගේ සාක්ෂියකින් ඔබ වැරදිකරුවෙකු වෙන්න පුළුවන්. ඊයේ ඒක ජවිපෙ ක්‍රියාධරයන්ට, දෙමළ කැරැලිකරුවන්ට වුණා. අද අහ්නාෆ් ජසීම්ට වෙන්න පුළුවන්. හෙට ඔබටත් වෙන්න පුළුවන්. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කරන්න. වධහිංසනයට විරුද්ධ වෙන්න.

News Detail

ත්‍රස්ත විරෝධී නව නීති ඇත්තටද? බොරුවටද?

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතහි තිබෙන අඩුපාඩු මගහැරීමට යෝජිත සංශෝධන අසමත් බව සිවිල් සංවිධාන පෙන්වා දෙති. ඒ වෙනුවට යෝජනා කරනු ලබන්නේ දැනටත් පවතින, එහෙත්, බොහෝවිට උල්ලංඝනය වන බව පෙනෙන වෙනස්කම්ය. එසේ නැතහොත්, පවත්නා තත්වය ප්‍රමාණවත් අන්දමින් හෝ අර්ථවත් ලෙස හෝ වෙනස් කිරීමට ඉවහල් නොවන නොගැඹුරු වෙනස්කම්ය. ප්‍රචණ්ඩ අන්තවාදී ආගමික මතවාද දරන්නන් ප්‍රතිරැඩිකල්කරණය සඳහා වන රෙගුලාසි නිකුත් කිරීම වැනි ක්‍රියාමාර්ග හේතුවෙන් රජයේ ප්‍රතිසංස්කරණ අභිප්‍රායන් පිළිබඳ ගැටලු මතුවේ.

News Detail

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු හිරේ

මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන මාධ්‍ය සංවිධාන හතක එකමුතුව හා ජනමාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සංවිධානය (IFJ) විරෝධය පළ කර තිබේ.

News Detail

දුමින්දගේ නඩු තීන්දුව, පුරහල බෝම්බය හා පද්මිනී රණවක

පුරහල බෝම්බ සිද්ධිය සම්බන්ධයෙන් සිරගත කළ පුද්ගලයන් නිදහස් කරන්නැයි අප ඉල්ලාසිටින්නේ නැත. එහෙත්, දෙමළ ඊලාම් යුද්ධය සම්බන්ධ සිදුවීම්වලට වැරදිකරුවන් වී සිටින සිංහල, දෙමළ, මුස්ලිම් සියලුදෙනාට පොදු සමාවක් ලබාදී, පුනරුත්ථාපනය කර, එම පරිච්ඡේදය අවසන් කළ යුතුය.

News Detail

මතවලට මතවලින් මුහුණදෙන්න; මර්දනය අතට නොගන්න

අසාද් සාලි දීර්ඝකාලීනව සිරකර තබාගැනීමේ අරමුණක් තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ කරන ප්‍රකාශයෙන්ම පෙනේ. දේශපාලනික අරමුණු වෙනුවෙන් හා පළිගැනීමේ චේතනාවෙන් පුද්ගලයන් අනවශ්‍ය පරිදි සිරකර තබාගැනීම සඳහා නීතිය අවභාවිතා කිරීම රටකට හොඳ දෙයක් නොවේ.

News Detail