2021 අභියෝග මොනවාද?

අජිත් පැරකුම් ජයසිංහ
ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස මා දකින අන්දමින් නම්, 2021 යනු ලාංකික ඉතිහාසයේ අභියෝගාත්මක වසරක් වන්නට ඉඩ තිබේ. පහත දැක්වෙන්නේ ඒ පිළිබඳ දේශපාලනික අනුමානයකි. ඒ ඒ විෂය ක්ෂේත්‍රවල විද්වතුන් මෙම කාරණා පිළිබඳ පළ කරන අදහස් ඉතා වැදගත්ය.
දැවැන්ත ණය බරක ගිලී සිටින ශ්‍රී ලංකාවේ රජයට 2021 වසරේදී දේශීය හා විදේශීය ණය ගෙවාගැනීමට හැකිවන්නේ කෙසේද? රජය ඒ සඳහා මුදල් උපයාගන්නේ කෙසේද? ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීම්වලින් පහත වැටීම නිසා ණය ගෙවීමට ණය සපයාගැනීම තවත් දුෂ්කර වේද? ණය ගෙවීම සඳහා විදේශ සංචිත භාවිතා කිරීමෙන් රුපියල තවත් බාල්දු වෙයිද?
රජය දේශීය සම්පත් සම්බන්ධයෙන් කුමන ප්‍රතිපත්තියක් අනුගමනය කරයිද? මුදල් සොයාගැනීමට හැකි හැම ඉඩම් කට්ටියක්ම විකුණයිද? කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවේ අදානි සමාගමට ලබාදෙයිද?
ලෝකයේ අනෙක් සියලු රටවල් ලංකාව ගිලගන්නට බලාගෙන සිටී යයි සිතන අපට ඉන්දියාව, එක්සත්, ජනපදය, යුරෝපා සංගමය, එක්සත් රාජධානිය, ජපානය, ඔස්ට්‍රේලියාව වැනි බලවත් රටවල් සමග යහපත සම්බන්ධතා රැකගත හැකිවෙයිද? ජීඑස්පී ප්ලස් වැනි බදු සහන සුරැකෙයිද? චීනය අපට ඇති තරම් මුදල් දෙයිද? ඒ වෙනුවෙන් කුමක් ආපසු ගනීවිද?
ගෝලීයකරණය වූ ලෝකයේ ජාත්‍යන්තරය සමග සුහද සම්බන්ධතා රැකගනිමින් එක්ව ගමනක් යන්නට අපට හැකිවේද? ලෝකයම තරහා කරගෙන වෙන්ව ගමනක් යා හැකිද?
ආනයන තහනම් කරමින් අපනයන පමණක් කරගෙන පැවතිය හැකි සොඳුරු ආර්ථික උපායමාර්ගය ලෝකය පිළිගනියිද?
ශ්‍රී ලංකාවේ පාලකයන්ට එරෙහිව යළි මතුවිය හැකි මානව හිමිකම් හා යුද අපරාධ චෝදනා රටට කුමන අන්දමින් බලපායිද?
මේ වන විට බරපතල සමාජ ව්‍යාප්තියක් සිදුවී තිබෙන කොවිඩ්-19 ගෝලීය වසංගතයට කුමක් සිදුවෙයිද? එන්නත්වලට එය පාලනය කරන්නට හැකි වෙයිද? එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබාදීමට රජය සමත් වෙයිද?
මේ වනවිට රැකියා, ආදායම් මාර්ග අහිමි වී සිටින ලක්ෂ සංඛ්‍යාත ජනයාට ජීවිතය ගොඩනගාගැනීමට මාර්ග විවෘත වේද? අප දන්නා ආදායම් මාර්ග වන විදේශ රැකියා, ඇඟලුම් හා තේ ආදී අපනයන බෝගවලට වැඩි අවස්ථා හිමි වේද? සංචාරක කර්මාන්තය යළි පණගන්වාගැනීමට හැකි වේද?
ලාංකිකයන්ගේ සිත්වල දේශපාලකයන් විසින් නිර්මාණය කරනු ලබන සංවර්ධන සිහින කෙසේ වෙතත්, තිබෙන දේ හෝ රැකගන්නට අප සමත් වේද?
රටේ ජනාධිපති ලෙස පත් වී, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒකාධිපති බලතල පවරාගෙන, පාර්ලිමේන්තුව බල රහිත කර, සීමිත කවයක් සමග ගම සමග සංවාද පවත්වමින් සිටින ගෝඨාභය රාජපක්ෂට මේ අභියෝග ගැන අවබෝධයක් තිබෙනවාද? සියල්ල දන්නා කෙනෙකු බව පෙනෙන ඔහුට තිබෙන තත්වය පැහැදිලි කරදෙන්නට රාජ්‍ය නිලධාරීන් සමත් වේද?
මේ වන විට කොවිඩ්-19 පිට දමා හැකිතරම් අඩුවෙන් වැඩකර ස්ථිර ආදායම් මාර්ග භුක්ති විඳින රාජ්‍ය සේවකයන් ලක්ෂ 14කගෙන් සමන්විත මේ දැවැන්ත රජයේ බර නිසා බදු ගෙවන ජනයාගේ කොඳු ඉතිරි වෙයිද?
දැනට යන විදියට නම්, මේ අවුරුද්දේම සිදුවිය හැකි ලොකුම විනාශය රටට සිදුවනු ඇද්ද? එය ලබන අවුරුද්දටවත් කල්දමාගන්නට හැකි වේද? දුප්පත් මිනිසුන් කන්න බොන්න නැතුව මියයන තත්වයක් නිර්මාණය වෙයිද? රජය රටේ පුරවැසියන් ඝාතනය කිරීම හා වධදීම තවතවත් වැඩි වේවිද? ජාති, ආගම් අතර ගැටුම් තවත් තීව්‍ර වෙයිද?
සියල්ල අළු දූලි මතින් යළි පටන් ගන්නට සිදුවෙයිද? ඒ කවදාද? මෙරට ජනතාව ලෙස අප එයට සූදානම්ද?
Related News
2 thoughts on “2021 අභියෝග මොනවාද?”
Leave comment Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Aanduwe prasna waradaana mathin waha gannata samath wunath , janathawata waha kanna siduwunoth paalaka samaagamata berearum viya heka . Hemadeyakma bainethuwen menma yakada sapaththuwen paalanaya kala nohekiwanawaa atha .
Kohomanamuth samaharu petho Diyasenayo menma Keathumathiyak nam , sihina waliyenda athurudan wanu atha .