Wijedasa Rajapaksa with Gotabaya Rajapaksa

විජේදාස රාජපක්ෂගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනාවලට කුමක් වෙයි ද?

එක්සත් ජාතික පක්ෂයෙන් තේරී පත් වී 19වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම සඳහා විශේෂ කාර්යභාරයක් ඉටු කළ විජේදාස රාජපක්ෂ ඇමතිවරයා දැන් 19 ආපසු හරවනු පිණිස 21, 22 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන යෝජනා ඉදිරිපත් කර තිබේ.

Translations by Creative Content Consultants

21වන ආණ්ඩ්‍රක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කරන්නේ 15වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කර, 99 පරිච්ඡේදයේ 6 (අ) වගන්තිය සංශෝධනය කර, මැතිවරණ දිස්ත්‍රික්කයකදී පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් ලබාගැනීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂයක් ලබාගත යුතුව ඇති 5% ඡන්ද ප්‍රතිශතය වෙනුවට පෙර තිබූ පරිදි සියයට 12.5% නැවත නීතිගත කිරීමයි.

22වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් යෝජනා කරන්නේ, අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, සභාපති විනිසුරුවරයා ඇතුලු අභියාචනාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජිකයින් යන නිලධාරීන් පත් කිරීමේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය වෙනුවට අධිකරණ සේවා කොමිෂන් සභාවේ අදහස් විමසා ජනාධිපතිවරයා විසින් කෙළින් ම එම පත්කිරීම් සිදුකිරීමයි. නීතිපති, පොලිස්පති, පාර්ලිමේන්තු මහලේකම්, ඔම්බුඩ්ස්මන් යන තනතුරු සඳහා පත් කිරීමේදී ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට අග්‍රාමාත්‍යවරයාගෙන් අදහස් විමසීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් එම පත්කිරීම් ඍජුවම සිදුකිරීම ද එමගින් යෝජනා කර තිබේ. ‍ආරක්ෂක අමාත්‍ය ධුරය හා තවත් ඇමතිකම් දැරීමට ජනාධිපතිවරයාට හැකි වන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම මෙහි තවත් අරමුණකි.

මෙම යෝජනාවේ අරමුණ කුමක් වුවත්, මෙම ලිපියෙන් විමසනු ලබන්නේ පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ඉදිරියට ගෙන යාම සඳහා පාර්ලිමේන්තුවේ ඇති පටිපාටියයි.

පොදු හෝ මහජන වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධ පෞද්ගලික පනත් කෙටුම්පත් ඉදිරිපත් කිරීමේ හැකියාව අංක 52 දරන ස්ථාවර නියෝගය අනුව මන්ත්‍රීවරුන්ට තිබේ.

එය පනත් කෙටුම්පතේ පිටපතක් සමග යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යුතු ය.

ඉන් පසු මහලේකම්වරයා විසින් පනත් කෙටුම්පත ප්‍රසිද්ධ කිරීම සිදු කෙරේ.

දින 14කට පසු පළමු වර කියවීම සිදු වේ.

ඉන් අනතුරුව පනත් කෙටුම්පත අදාළ අමාත්‍යංශය වෙත යොමු කරනු ලැබේ.

ශ්‍රේෂ්ඨාධිකරණයේදී සංශෝධන සිදුකළ හැකි ය. (ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 ව්‍යවස්ථාව)

ඇමතිවරයා විසින් මාස හයක් තුළ වාර්තාවක් සපයනු ලැබේ.

ඉන් අනතුරුව දෙවෙනි වර කියවීම (අංක 52(7) දරන ස්ථාවර නියෝගය ප්‍රකාරව) සිදු වේ.

එයින් පසු ව්‍යවස්ථාදායක ස්ථාවර කාරක සභාව විසින් පනත් කෙටුම්පත සලකා බලනු ලැබේ.

තුන්වන වර කියවීම (අංක 71-73 දරන ස්ථාවර නියෝගය ප්‍රකාරව) සිදුවන්නේ ඉන් අනතුරුව ය.

කථානායකවරයා විසින් සහතික කිරීම (අංක 74 දරන ස්ථාවර නියෝගය) අවසන් පියවරයි.

Translations