Sri Lanka President Ousted

ජනාධිපති ඉල්ලා අස්වුණා. ඊළඟට වෙන්නෙ මොකක්ද?

අජිත් පැරකුම් ජයසිං

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වගන්තිය අනුව පුරප්පාඩුව ඇතිවූ දිනය සහ අලුතින් පත්වූ ජනාධිපතිවරයා ධුරය භාරගන්නා දිනය අතර කාලපරිච්ඡේදය තුළදී අගමැතිවරයා ජනාධිපති ධුරයේ වැඩ ආවරණය කරනවා. ඒ අනුව, රනිල් වික්‍රමසිංහ හෙට දිනයේදී වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දෙන්නට නියමිතයි.

වැඩබලන ජනාධිපතිවරයා විසින් අගමැති ධුරය සඳහා කැබිනට් ඇමතිවරයකු පත්කරගන්නවා. මුලින් වෙන්නෙ මේක.

ඉල්ලා අස්වීම සිදුවී දින 30ක් ඇතුළත පාර්ලිමේන්තුව විසින් අනුප්‍රාප්තික ජනාධිපතිවරයකු තෝරා පත්කරගන්නවා.

ඒ සඳහා ජනාධිපතිවරණයකට තරග කිරීම සඳහා අදාළ වන වයස ආදී සුදුසුකම් සහිත ඕනෑම මන්ත්‍රීවරයකුට තරග කළ හැකියි. රනිල්, සජිත්, ඩලස්, අනුර වැනි අය මේ සඳහා සුදුසුකම් සපුරා තිබෙනවා. මහින්ද රාජපක්ෂට බැහැ. ඔහු කලින් දෙවරක් ජනාධිපති ධුරය දරා තිබෙන නිසා නුසුදුස්සකු වෙනවා.

පාර්ලිමේන්තුවේ ජනාධිපති මැතිවරණය පැවැත්වෙන්නේ රහස් ඡන්දයෙන්.

අපේක්ෂකයන් අතරින් වැඩිම ඡන්ද ප්‍රමාණය ලබාගන්නා මන්ත්‍රීවරයා ජනාධිපති ධුරයට පත්වෙනවා.

ඒ ජනාධිපතිවරයාට ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධුර කාලයේ ඉතිරිය වන අවුරුදු අවුරුදු දෙකහමාරකට අඩු කාලය තුළ එම ධුරය දැරිය හැකියි. ජනාධිපතිවරයකුට හිමිවන සියලු බලතල එම ජනාධිපතිවරයාටත් හිමිවෙනවා.