weight loss scale

ජනාධිපති අපේක්ෂකයන් වත්කම් බැරකම් ප්‍රසිද්ධ කළ යුතුයි.

1981 අංක 15 දරන ජනාධිපතිවරයා තෝරාගැනීමේ පනතේ 2 (1) වගන්තිය අනුව සියලු අපේක්ෂකයින් සිය නාම යෝජනාව සමග වත්කම් බැරකම් ප්‍රකාශය ද ඉදිරිපත් කළ යුතුයි.

(ලිපිය දැන්වීමෙන් පසු)
Translations by Creative Content Consultants

එම වත්කම් බැරකම් ප්‍රකාශ ප්‍රසිද්ධ කිරීමේ අයිතියක් මැතිවරණ කොමිෂමට නැහැ. එහෙත්, අවශ්‍ය කෙනෙකුට මුදලක් ගෙවා එය ලබාගත හැකියි. එහෙත්, එම තොරතුරු රහස්‍ය නිසා ප්‍රසිද්ධ කරන්නට බැහැ.

හැබැයි, ප්‍රසිද්ධ කිරීම අපේක්ෂකයාට කරන්නට පුළුවන්. ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා එසේ කළ යුතු බවයි අපේ අදහස. කුඩා පක්ෂවල අපේක්ෂකයන්ට හා ස්වාධීන අපේක්ෂකයන්ට තම වත්කම් බැරකම් ප්‍රසිද්ධ කර ප්‍රධාන අපේක්ෂකයන්ට අභියෝගයක් කරන්නට පුළුවන්.

ජනාධිපති අපේක්ෂකයකු ධනවතකු වීම ගැටලුවක් නෙමෙයි. එහෙත්, ජනාධිපති වීමෙන් පසු ඔහු අයථා ක්‍රමවලින් තව තවත් ධනවත් වෙනවා නම් ප්‍රශ්නය එයයි. ඉදිරි ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන් පත් වන්නේ අලුත් ජනාධිපතිවරයකු නිසා ඔහුට (ඇයට?) දැන් පටන් ම තම තත්වය රටට හෙළි කර තබන්නට පුළුවන්.

වත්කම් බැරකම් ප්‍රකාශ පිළිබඳ මෙම ලිපිත් කියවන්න:

මැතිවරණ, වත්කම් බැරකම් ප්‍රකාශ හා වගවීම

වත්කම්, බැරකම් හා ජඩකම්

සජිත්, රවී, ගයන්ත, අකිල, නවීන්, හරින්, මනෝ, හලීම් ඇමතිවරු වත්කම් ප්‍රකාශ හංගලා