Gotabaya Rajapaksa

ගෝඨාභය රාජපක්ෂගේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්න

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ තම අපේක්ෂකයා ලෙස නම් කර ඇතත්, ඔහු පිළිබඳ නීතිමය ගැටලු සහ එම නීතිමය ගැටලු ආමන්ත්‍රණය කරන ආකාරය පිළිබඳ තවත් ගැටලු ද ඉතිරි වී තිබේ.

Translations by Creative Content Consultants

ඔහු ද්විත්ව පුරවැසියෙක් ද? ඔහු ද්විත්ව පුරවැසිභාවය ඉවත් කරගත්තා ද? ඔහු ඇත්තට ම ද්විත්ව පුරවැසියෙක් වුණා ද? ඔහුට ලංකාවේ පුරවැසිභාවය තිබේ ද? 2003දී එක්සත් ජනපදයේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා ශ්‍රී ලාංකික පුරවැසිභාවය අත්හැර දැමූ අවස්ථාවෙන් පසු ඔහු ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය ලබාගත්තේ කවදා ද? අතුරු ප්‍රශ්නයක් ලෙස, 2005දී ඔහු ලංකාවට පැමිණියේ ඇමරිකානුවකු ලෙස ද? නැතිනම්, අතහැර දමන ලද ශ්‍රී ලාංකික පුරවැසිභාවයට හිමි ගමන් බලපත්‍රය නීති විරෝධී ලෙස භාවිතා කරමින් ද? ඇමරිකානු සංචාරකයකු ලෙස ඔහු වීසා ලබාගත්තා ද? එසේ වීසා ලබාගත්තා නම්, ඔහු ලංකාවේ දේශපාලනය කරමින් එම වීසා උල්ලංඝනය කළා ද? 2005 ජනාධිපතිවරණයේදී ඔහු ඡන්දය ප්‍රකාශ කළා ද? ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ තිබුණා ද? එය ඇතුළත් කළේ කවුරු ද? මේ ආදී ප්‍රශ්න රැසක් ඉතිරිව තිබේ.

තම අවංකභාවය කල් තබා ඔප්පු කිරීම බරපතල වගකීමකැයි ඔහු සිතන්නේ නම් ඔහු එම ප්‍රශ්නවලට පිළිතුරු දිය යුතු ය.

ඔහු මෙම කාරණාවලට පිළිතුරු නොදෙන්නේ නම්, ඒ සම්බන්ධයෙන් කර තිබෙන යම් යම් පැමිණිලි විභාග කරන අංශ ඒ පිළිබඳ කරුණු අධ්‍යයනය කර තිබේ ද? ඒ සම්බන්ධ ලේඛනමය වාර්තා දැන් ලබාගත හැකි ද? ඒවා විනාශ කර තිබේ ද? මෙකී කාරණා නිරවුල් කිරීම පිණිස, තමන් ළඟ ඇති අදාළ ලේඛන ඉදිරිපත් කිරීමට ඔහු සූදානම් ද? එසේ නොකරන්නේ නම්, පුරවැසියන්ට මෙම කුකුස සම්බන්ධයෙන් ඇති ගැටලු විසඳාගැනීමට තිබෙන මාර්ගය කුමක් ද? එකී මාර්ග හා ජනාධිපතිවරණය අතර තිබෙන නීතිමය අන්තර් සම්බන්ධයන් කෙසේ ද? මෙකී කරුණු විමසා බැලිය යුතු ය.

ලංකාවේ මහජන පැමිණිලි විමර්ශන, නඩු පැවරීමේ සහ නඩු අවසන් කිරීමේ ක්‍රියාවලියේ තිබෙන අඩු වේගයේ වාසිය ගන්නවා වෙනුවට සිය අවංකභාවය කල් තබා මහජනතාව ඉදිරියේ ඔප්පු කර පෙන්වීමට ගෝඨාභය රාජපක්ෂට හැකි විය යුතු ය.

සජිත්ට ප්‍රශ්න පත්‍රයක් මෙතනින් කියවන්න >>