Sri Lanka cabinet

කැබිනට් මණ්ඩල සමාජ විශ්ලේෂණය

ප්‍රජා පර්යේෂණ කණ්ඩායම

අලුතෙන් පත් වූ කැබිනට් මණ්ඩලයේ සාමාජිකයන් 26 පිළිබඳ අපි විශ්ලේෂණයක් කළෙමු.

Translations by Creative Content Consultants

එහි රාජපක්ෂ පවුලේ සාමාජිකයන් සිව්දෙනෙකු ඇත. ඒ ගෝඨාභය, මහින්ද, චමල් හා නාමල් ය.

සිටින්නේ එක් කාන්තාවකි. කාන්තා කටයුතු කැබිනට් අමාත්‍ය ධුරයක් නැත.

එක් දෙමළ ජාතිකයෙක් හා එක් මුස්ලිම් ජාතිකයෙක් සිටිති.

ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන ආගම් අනුව සැලකූ කල, බෞද්ධයන් සංඛ්‍යාව 23කි. හින්දු, ක්‍රිස්තියානි, මුස්ලිම් එක් අයෙක් බැගින් සිටිති.

සුළුතර ලිංගික ප්‍රජාවන්ට අයත් කිසිවෙකු කැබිනට් මණ්ඩලයේ නැත.

සිංහල ජනවර්ගය තුළ ඇති, විශේෂයෙන් ම මැතිවරණවලදී අතිශය වැදගත් සාධකයක් වන කුල පදනම් සැලකූ විට 18දෙනෙකු ම ගොවිගම කුලයට අයත් වෙති. සෙසු කුල අතරින් කරාව, දුරාව, සලාව, බත්ගම, නැකති යන කුලවලට මන්ත්‍රී ධුර හිමි වී තිබේ.

වයස අනුව සලකා බැලූ කල, එහි ළාබාලම ඇමතිවරයා වයස 34ක් වන නාමල් රාජපක්ෂ ය. කැබිනට් මණ්ඩලයේ 15ක් ම වයස අවුරුදු 60ට වැඩි ජ්‍යේෂ්ඨ පුරවැසියෝ ය. වයෝවෘද්ධම සාමාජිකයා වයස අවුරුදු 81ක් වන වාසුදේව නානායක්කාර ය.

වයස අවුරුදු 50ට අඩු – 01යි
වයස අවුරුදු 50 – 60 අතර – 10යි
වයස අවුරුදු 60-70 අතර – 07යි
වයස අවුරුදු 70 – 80 අතර – 07යි
වයස අවුරුදු 80ට වැඩි – 01යි

ප්‍රාදේශීය නියෝජනය සලකා බැලූ කල

කොළඹ – 05
හම්බන්තොට – 02
කුරුණෑගල – 02
මහනුවර – 02
රත්නපුර – 02
ගම්පහ – 01
කළුතර – 01
ගාල්ල – 01
මාතර – 01
මාතලේ – 01
යාපනය – 01
බදුල්ල- 01
නුවරඑළිය- 01
අනුරාධපුරය – 01

ඇමතිවරුන් දෙදෙනෙකු පත් වී තිබෙන්නේ ජාතික ලැයිස්තුවෙනි. ඔවුන් ද කොළඹ කේන්ද්‍රීය දේශපාලකයෝ ය.

පළාත් වශයෙන් ම නියෝජනයක් නැති පළාත්: නැගෙනහිර
නියෝජනයක් නොමැති මැතිවරණ දිස්ත්‍රික්ක: පුත්තලම, පොළොන්නරුව, වන්නි (කිලිනොච්චි, මන්නාරම, මුලතිව්, වවුනියාව), ත්‍රිකුණාමලය, මඩකලපුව, අම්පාර, මොනරාගල, කෑගල්ල

නමවයස දිස්ත්‍රික්කය
ගෝඨාභය රාජපක්‍ෂ – ආරක්‍ෂක
70+ජනාධිපති
මහින්ද රාජපක්ෂ –
මුදල්, නාගරික සංවර්ධනය හා නිවාස,
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු

70+
කුරුණෑගල
නිමල් සිරිපාල ද සිල්වා – කම්කරු අමාත්‍ය

70+
බදුල්ල
ජී.එල්. පීරිස් – අධ්‍යාපන අමාත්‍ය

70+
ජාතික ලැයිස්තුව
පවිත්‍රා වන්නිආරච්චි – සෞඛ්‍ය අමාත්‍ය 50+රත්නපුර
දිනේෂ් ගුණවර්ධන – විදේශ අමාත්‍ය
70+කොළඹ
ඩග්ලස් දේවානන්ද – ධීවර අමාත්‍ය
60+යාපනය
ගාමිණි ලොකුගේ – ප්‍රවාහන අමාත්‍ය 70+කොළඹ
බන්දුල ගුණවර්ධන – වෙළෙඳ අමාත්‍ය
60+කොළඹ
ආර්.එම්.සී.බී. රත්නායක – වනජීවි හා වන සංරක්ෂණ අමාත්‍ය
60+නුවරඑළිය
ජනක බණ්ඩාර තෙන්නකෝන් – රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය 60+මාතලේ
කෙහෙළිය රඹුක්වැල්ල – ජනමාධ්‍ය අමාත්‍ය
60+මහනුවර
චමල් රාජපක්ෂ – වාරිමාර්ග අමාත්‍ය
70+ හම්බන්තොට
ඩලස් අලහප්පෙරුම – විදුලිබල අමාත්‍ය
60+මාතර
ජොන්ස්ටන් ප්‍රනාන්දු – මහාමාර්ග අමාත්‍ය 50+කුරුණෑගල
විමල් වීරවංශ – කර්මාන්ත අමාත්‍ය
50+කොළඹ
මහින්ද අමරවීර – පරිසර අමාත්‍ය
50+හම්බන්තොට
එස්.එම්. චන්ද්‍රසේන – ඉඩම් අමාත්‍ය 60+අනුරාධපුරය
මහින්දානන්ද අලුත්ගමගේ – කෘෂිකර්ම අමාත්‍ය
50+මහනුවර
වාසුදේව නානායක්කාර – ජල සම්පාදන අමාත්‍ය
80+රත්නපුර
උදය ගම්මන්පිල – බලශක්ති අමාත්‍ය
50+කොළඹ
රමේෂ් පතිරණ – වැවිලි අමාත්‍ය 50+ගාල්ල
ප්‍රසන්න රණතුංග – සංචාරක අමාත්‍ය
50+ගම්පහ
රෝහිත අබේගුණවර්ධන – වරාය හා නාවික අමාත්‍ය
50+කළුතර
නාමල් රාජපක්ෂ – තරුණ හා ක්‍රීඩා අමාත්‍ය 30+හම්බන්තොට
අලි සබ්රි – අධිකරණ අමාත්‍ය 50+ජාතික ලැයිස්තුව
Translations