Asela Sampath

අලුත් අවුරුදු කටේ පාරිභෝගික අයිතිවාසිකම් නායක අසේල සම්පත් අත්අඩංගුවට ගැනීමේ දේශපාලනය

පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් අරගල කළ සමාජ ක්‍රියාකාරිකයකු වන මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමේ ව්‍යාපාරයේ කැඳවුම්කරු හා සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමයේ ජාතික සංවිධායක වන අසේල සම්පත් අත්අඩංගුවට ගැනීම දේශපාලනික වශයෙන් ඉතා වැදගත් සංසිද්ධියකි. එම අවස්ථාවේදී නිකුත් කරන ලද මෙම සජීවී වීඩියෝව ඔබ අනිවාර්යයෙන්ම බලන්න. ලිපිය අවසානයෙහි සබැඳිය තිබේ.

ඔහු අත්අඩංගුවට ගැනීමට ප්‍රමුඛ හේතුව විය හැක්කේ ඇමති බන්දුල ගුණවර්ධනගේ ඊනියා සහන බඩු මල්ල විවේචනය කිරීමයි. හැකි නම් ඒ සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගන්නා ලෙස අසේල සම්පත් බන්දුල ගුණවර්ධනට අභියෝග කළ ආකාරය පහත දැක්වෙන වීඩියෝවේ දැක්වේ. ආණ්ඩුව සිටගන්නේ පාරිභෝගිකයන් සූරාකන ජාවාරම්කරුවන්ගේ ලාභ වැඩිකරදී උන්ගෙන් අත යටින් වාසි ලබාගැනීමේ උවමනාව වෙනුවෙන් බව පෙනේ.

පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් කරනු ලබන අරගලය මේ මොහොතේ අතිශය වැදගත් දේශපාලන අරගලයකි. සෑම මිනිසෙකුම පාරිභෝගිකයෙකි. සමාජය වෙනස් කිරීම සඳහා පාරිභෝජනවාදයට එරෙහිවත්, පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙනුත් ද්විත්ව අරගලයක් අවශ්‍යය.

දැන් අසේල සම්පත් අත්අඩංගුවට ගෙන තිබෙන්නේ වොක්ෂෝල් වීදියේ පිහිටි පාරිභෝගික සේවා අධිකාරීයට පැමිණ එහි නිලධාරීන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනුකළ නඩුවකට අදාළ විවෘත වරෙන්තුවක් අනුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසයි.

අලුත් අවුරුදු කටේ තබා ලංකාවේ මේ මොහොතේ සිටින පාරිභෝගික අරගලකරුවා අත්අඩංගුවට ගැනීම ආණ්ඩුව කරන නින්දිත වැඩකි.

අත්අඩංගුවට පත් අසේල සම්පත් මහතා කොටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

අසේල සම්පත් අත්අඩංගුවට ගත් අවස්ථාවේ නිකුත් කරන ලද වීඩියෝව බලන අතර මේ කාරණා ගැනත් සිතන්න.

  1. වර්තමාන අරගල භූමියේදී පාරිභෝගික අයිතිවාසිකම් වෙනුවෙන් අරගලයේ වැදගත්කම
  2. තමන් කරන දේශපාලනය පිළිබඳ පවුලෙන් ලැබෙන සහයෝගයේ හා අවබෝධයේ වැදගත්කම
  3. පොලිසිය කරන්නේ ද රැකියාවක් බව සිතා ඔවුන් සමග ගැටුම් ඇතිකර නොගැනීම
  4. අවශ්‍ය අවස්ථාවේදී අවශ්‍ය අයුරින් සන්නිවේදනය
  5. සාමාන්‍ය මිනිසකු ලෙස ජීවත්වීම හා විවෘතභාවය

අපට අවශ්‍ය ඔහු වැනි නායකයන්ය. අසේල සම්පත් ජන බල පවුර ක්‍රියාකාරිකයෙකි. ජන බල පවුර යනු මෑතදී බිහිවූ සක්‍රිය සිවිල් සමාජ සංවිධානයකි.

අසේල සම්පත් අත්අඩංගුවට ගැනීමේ වීඩියෝව මෙතැනින්

මේ ලිපිත් කියවන්න.

Creative Content Consultants