Anura Kumara Dissanayake

අනුර කුමාර දිසානායකට ප්‍රශ්න පත්‍රයක්

ජාතික ප්‍රජාතන්ත්‍රවාදී බලවේගයේ ජනාධිපති අපේක්ෂකවරයා ලෙස ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක තරග කිරීම සම්බන්ධයෙන් ද ප්‍රශ්න රැසක් තිබේ.

Translations by Creative Content Consultants

ජනාධිපතිවරණයට තරග කරන එක ජවිපෙට වාසියක් වන්නේ කෙසේ ද? නැතිනම්, එය අවාසියක් ද?

ප්‍රායෝගිකව අනුර කුමාර දිසානායක ජයග්‍රහණය කිරීමේ හැකියාව තිබේ ද?

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය මහ මැතිවරණයකට කෙසේ බලපායි ද? එය අවාසිදායක ලෙස බලනොපාන බව ඇති සහතිකය කුමක් ද?

පාර්ලිමේන්තුවේ වැඩි ජවිපෙ නියෝජනයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමෙහි ලා සාධනීය තත්වයකි. එසේ තිබියදී, පරාජය වීමට ජනාධිපතිවරණයක් තරග කිරීමෙන් මහ මැතිවරණය අභියෝගයට ලක් කරගන්නේ කුමට ද? එය වළක්වාගැනීමට ඇති උපායමාර්ග මොනවා ද?

පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ජවිපෙ උත්සාහ නොකළේ ඇයි? එවැනි වැඩසටහනක් ඔස්සේ අනුර කුමාර දිසානායකට ම පොදු අපේක්ෂකයා වන්නට අවස්ථාවක් තිබුණේ නැද්ද? දැන් වුණත්, එයට ප්‍රමාද ද? ඒ වෙනුවෙන් අවම හෝ උත්සාහයක් නොදරන්නේ ඇයි?

ජවිපෙ ජනාධිපතිවරණයට තරග කිරීමෙන් සිදුවන්නේ රාජපක්ෂ විරෝධී ඡන්ද කැඩී ගෝඨාභයට වාසිදායක තත්වයක් නිර්මාණය වීම නොවේ ද?

එජාප අතින් ගිලිහෙන බව දක්නට ලැබෙන ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදය සමාජ ප්‍රජාතන්ත්‍රවාදී තැනකින් තමන් අතට ගැනීම ජවිපෙට වඩා යෝග්‍ය නැද්ද?

මෙම ප්‍රශ්න සාකච්ඡාවට බඳුන් කළ යුතු ය. සෙසු ප්‍රධාන අපේක්ෂකයන් සම්බන්ධයෙන් තිබෙන ප්‍රශ්න ද අපි මතු කළෙමු.

ගෝඨාභය රාජපක්ෂගේ අවංකභාවය පිළිබඳ ප්‍රශ්න
සජිත්ට ප්‍රශ්න පත්‍රයක්