හෙට අරින රටේ අපේ ජීවිත අපේ අතේ

ශ්‍රී ලංකාවේ දෙවෙනි කොවිඩ්-19 රැල්ල පාලනය කර ඇති බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි. අපි මෙය යම් දුරකට පිළිගන්නෙමු. බොහෝ අලුත් රෝගීන් හමුවන්නේ නිරෝධායනය කළ අය අතරින් බව ද හමුදාපතිවරයා පවසයි. එහෙත්, සමාජයෙන් තවමත් රෝගීන් හමු වන බව බොරුවක් නොවේ. ඇතැම් රෝගීන් හඳුනාගනු ලබන්නේ ගෙදරදී සිදු වූ මරණවලින් පසුව කරන ලද පීසීආර් පරීක්ෂණ ඔස්සේය.
කෙසේ වෙතත්, ඉදිරියේදී මරණ වැඩි විය හැකිය. එයට හේතුව සරලය. රෝගීන් 6,000ක් පමණ රෝහල්ගතව සිටීම හා 80,000කට වඩා නිරෝධායනයේ සිටීම ඊට හේතුවයි. දෛනිකව හමුවන රෝගීන් සංඛ්‍යාව හතරකට වැඩිය. දැන් දැන් දිනකට මරණ හතරක් පහක්ද වාර්තා වෙයි.
ශ්‍රී ලංකාවේ සමස්ත මරණ සම්බන්ධයෙන් සලකා බැලූ කල ඒවායින් 75%ක් සිදුවන්නේ බෝ නොවන රෝග නිසා බව නිල සෞඛ්‍ය වාර්තාවලින් පෙනේ. කොවිඩ්-19 නිසා මැරෙන බොහෝ දෙනෙකු ද විවිධ බෝ නොවන රෝගවලින් දිගු කලක සිට පෙළෙන පුද්ගලයන්ය. මෙම පුද්ගලයන්
බෝ නොවන රෝගවලින් හා විවිධ නිදන්ගත රෝගවලින් පෙළෙන පුද්ගලයන් ආරක්ෂා කරගැනීම එම රෝගීන්ගේ ඥාතීන්ට දැවැන්ත අභියෝගයකි. මහළු පුද්ගලයන්ටද තිබෙන අවදානම අධිකය.
කෙසේ වෙතත්, මේ රෝගීන් මියයාම රටේ ආර්ථිකයට තිබෙන බර සැහැල්ලු වීමක් නිසා රජය එය භාරගන්නට සූදානම් බව පෙනේ. අකැමැති වුණත් විසඳුමක්ද නැත.
දැඩි සෞඛ්‍ය නීති රීති අනුගමනය කරමින් ඇඳිරි නීති අවසන් කරමින් ලබන සඳුදා සිට රට විවෘත කිරීම සඳහා රජය ගත් තීරණය ඉතාම බුද්ධිමත් තීරණයකි. ඇඳිරි නීති නිසා ආර්ථිකය හා ජන ජීවිතය කඩාකප්පල් වේ. ලොව කිසිදු රටක් මේ අන්දමින් ඇඳිරි නීති දමාගෙන කොවිඩ්-19 පාලනය කරගෙන නැත. දැඩි සෞඛ්‍ය විධිවිධාන අනුගමනය කිරීම සඳහා ඇඳිරි නීති අත්‍යවශ්‍ය නැත.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවා දින දහයකට වැඩි ඇඳිරි නීති අනුමත කරන්නේ නැත. ඇඳිරි නීති දමාගෙන මෙම රෝගය මර්දනය කළ හැකි යයි කියන, රජයෙන් වැටුප් ලබන, එසේ නැතිනම් පෞද්ගලික ඉතුරුම් තිබෙන ආත්මාර්ථකාමීන් ඇඳිරි නීති දමාගෙන තව කෙතරම් කලක් සිටිය යුතුද යන්න කිව යුතුය. දෛනික ආදායම් උපදවන ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකායෙන් අතිවිශාල පංගුවක් වන පිරිස්වලට කොවිඩ්-19ත්, ජීවනෝපායත් සමග පොරබදන්නට අනිවාර්යයෙන්ම සිදු වේ. ඔවුන් එයට සූදානම්ය. එසේම, වෙනත් විකල්පයක්ද නැත.
පීසීආර්, ආශ්‍රිතයන් හඳුනාගැනීම, නිරෝධායනය, අවශ්‍ය ප්‍රදේශ හුදකලා කිරීම, පොදු ප්‍රවාහනයේදී, සේවා ස්ථානවල හා ව්‍යාපාරික ස්ථානවල දැඩි සෞඛ්‍ය රෙගුලාසි අනුගමනය කිරීම අඛණ්ඩව සිදුවිය යුතුය. ඒවා අධීක්ෂණයට ලක් කළ යුතු ය. රජයේ වගකීම එයයි.
රාජ්‍ය නායකයන් ඔහේ නිකං රට ඇර දමා වෙනත් වැඩවලට අවධානය යොමු කරගෙන නොසිටිනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. එසේම, මෙම දුෂ්කර මොහොතේ මෙම වසංගතය මැද ජන ජීවිතය හා ආර්ථිකය පවත්වාගැනීමට මහජනතාවගේ පූර්ණ සහයෝගය ලබා දිය යුතුය.
ආණ්ඩුව ද දේශපාලන සෙල්ලම් නවතා ජනතාවට උදව් කළ යුතුය.
Related News
3 thoughts on “හෙට අරින රටේ අපේ ජීවිත අපේ අතේ”
Leave a Reply to රසික Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- Ranjith Thilakasiri on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
- Sarath warnakulasuriya on මානව සංවර්ධනයේ ඇන්ත්‍රොපසීන අවධිය
- Sarath warnakulasuriya on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
- Sarath warnakulasuriya on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- ජගත් පතිරණ on ශුක්රා මුනවර් නිසා අපට වෙච්ච දේ
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Rataka aarthikaya godanengenne , aanduwa saha janathawa athara siduwana daama prathikriyaa ( chain reactions ) mathin hataganulabana samprayukthaya padanamwa bevin depaarshawayama wagakiemen eya
therumgatha yuthuya .
සන්නද්ධ අරගලයකින් කොරෝනා පරාජය කල යුතුය. ඒ සදහා අප ඒකාවන්ව පෙලගැසෙමු.
අපේ අය හරි වෙනස්, අද මම සුපර් මකට් එකට ගියා. කාර් වලින් නෝනා මහත්වරු ඇවිත් අපු සියලු දෙනාම සුපෙර් මාකට් එකට යනවා. එක් කෙනෙක් ගියා නම් හොදයිනේ. අනේ මන්දා තේරෙන්නේ නැද්ද? මෝඩ කමද කියලා