හරිනම් මෛත්‍රී-මහින්ද ඔක්: 26 කුමන්ත්‍රණයට හිරේ සිටිය යුතු ය

ශ්‍රී ලංකාවේ පළමු පුරවැසියා වන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට එරෙහිව යමින් කුමන්ත්‍රණයක් සිදු කළ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා කුරුණෑගල පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ ඇතුළු පිරිසක් විසින් දියත් කරන ලද ව්‍යවස්ථා විරෝධී, රාජ්‍ය විරෝධී කැරැල්ලට අදට වසරක් සපිරේ.
ජනාධිපතිවරයා 2018 ඔක්තෝබර් 26දා සිදු කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණය පරාජය කිරීමට මෙරට ප්‍රජාතන්ත්‍රවාදී පුරවැසියෝ සමත් වූ හ. විධායක ජනාධිපති බලය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතනවල දුබලතාව හේතුවෙන් ජනාධිපතිට එරෙහිව නීතියෙන් ක්‍රියා කිරීමේ ශක්තිය ශ්‍රී ලංකා රාජ්‍යයට නැත. නැතිනම්, මේ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණකරුවා මේ වන විට සිටිය යුත්තේ හිරේ ය.
ඔහුගේ ප්‍රධාන කුමන්ත්‍රණ සහායකවරයා මහින්ද රාජපක්ෂ ය. මේ වන විට ඔහු ඊළඟ අගමැති වීමේ සිහිනය දකිමින් සිටියි. වර්තමානයේ විපක්ෂ නායක ධුරය දරන ඔහුට විපක්ෂ නායක ධුරය තබා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් හෝ දැරීමට නීතිමය අයිතියක් නැත. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 99 (13) (අ) වගන්තිය අනුව යම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු එම ධුරයට පත් වූ අවස්ථාවේදී ඔහුගේ නාම යෝජනාව ඇතුළත් වූ පිළිගත් දේශපාලන පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක සාමාජිකභාවය, සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමෙන් හෝ පහකිරීමෙන් හෝ අන් හේතුවක් නිසා හෝ නතර වූ අවස්ථාවකදී ඔහුගේ සාමාජිකත්වය නතර වූ දින සිට එක් මාසයක කාලසීමාවක් ඉකුත් වූ විට ඔහුගේ අසුන හිස්වන්නේය.
මහින්ද රාජපක්ෂ නොවැම්බර් 11දා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේ ය. ඒ අනුව, ඔහුගේ මන්ත්‍රී ධුරය අහෝසි වී හමාර ය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීම යනු ඉතා පැහැදිලිව ම එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා එහි සාමාජික පක්ෂයක් වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉල්ලා අස්වීමයි. ඒ අනුව, එම මන්ත්‍රීවරයා ඉවත් කර ඇති බව හා ඔහු වෙනුවට වෙනත් අයකු පත් කරන බව පාර්ලිමේන්තු ලේකම්වරයාට දැනුම් දීමේ බලය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ලේකම්වරයාට තිබිණි. එම සන්ධානයේ මහලේකම් ධුරය හෙබවූ මහින්ද අමරවීර එසේ නොකර සිටීම පක්ෂ ලේකම්වරයකු ලෙස වගකීම් පැහැරහැරීමකි. එය හුදු පක්ෂ අභ්‍යන්තර ප්‍රශ්නයක් නොවේ. පාර්ලිමේන්තුව හා සම්බන්ධ පොදු කාරණාවකි. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීමට නුසුදුසු පුද්ගලයකු එම ධුරය දැරීමත්, එසේ කිරීමට අනුබල දීමත් පුරවැසියන්ගේ මූලික හිමිකම් උල්ලංඝනය කිරීමකි.
ඔක්තෝබර් 26 දින ආරම්භ වූ දේශපාලන අර්බුදයේ ප්‍රතිඵල 2018 වසරේ සිව්වන කාර්තුවේ ආර්ථික වර්ධන දත්ත මගින් නිරූපණය විය. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය 2018 වසරේදී 3.1% දක්වා පහත වැටිණි. 4 %ක ආර්ථික වර්ධන වේගයක් කලින් අපේක්ෂා කර තිබිණි.
ඔක්තෝබර් 26 කුමන්ත්‍රණය නිසා සිදු වූ එක් යහපත් දෙයක් තිබේ. එනම්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය හා අධිකරණය, පාර්ලිමේන්තුව, රජය ඇතුළු පද්ධතිවල අවංකභාවය, පරිපූර්ණත්වය හා විශ්වසනීයත්වය පිළිබඳ දේශීය හා ජාත්‍යන්තර වශයෙන් අලුත් විශ්වාසයක් ගොඩනැගීමයි. ලංකාවේ සමාජ ක්‍රමයට ප්‍රජාතන්ත්‍ර විරෝධී කුමන්ත්‍රණවලට මුහුණ දී පරාජය කිරීමේ හැකියාවක් තිබෙන බව පෙන්වා දීම ආයෝජක විශ්වාසය, ජාත්‍යන්තර වෙළඳාම වැනි ආර්ථික සාධක සම්බන්ධයෙන් වැදගත් ය.
(කාටුනය: විනී හෙට්ටිගොඩ, ලංකා පුවත්පත)
Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන - TOPnews.LK on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද? - TOPnews.LK on ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018