විමල් සහ ගම්මන්පිල පොරොන්දුව සහ තීන්දුව කුමක් ද?

විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල අතර එක්ව වැඩ කිරීමේ ගිවිසුමක් අත්සන් කර තිබේ. එම ගිවිසුම රාජපක්ෂ ආණ්ඩුව ඇතුළෙන් සිදු වන වැදගත් දේශපාලනික වර්ධනයක් ලෙස සැලකිය හැකි ය.
විමල් හා ගම්මන්පිල යන දෙදෙනා ම රාජපක්ෂවරුන්ගේ අනුග්‍රහය නොමැතිව පවතින්නටත් බැරි, රාජපක්ෂලාටත් නැතුව බැරි කුඩා පක්ෂ දෙකක නායකයෝ ය. ඔවුන්ට රාජපක්ෂලා යටතේ වැදගත් ඇමතිකම් ලැබිය හැකි වුවත්, ජනාධිපති, අගමැති වන්නට අවස්ථාවක් නම් ලැබේ යයි බලාපොරොත්තු විය නොහැකි ය. ඔවුන්ගේ අනාගතය නැවත වතාවක් නාමල් රාජපක්ෂට යට වනු නියත ය. ඔවුන් මේ ගිවිසුම අත්සන් කරන්නේ එම ඉරණම වෙනස් කිරීම සඳහා අවශ්‍ය ශක්තිය ලබාගන්නට ය.
ආණ්ඩුව ඉදිරි වසර පහ තුළ ඉතිහාසයේ පෙර නොවූ විරූ අභියෝග රැසකට මුහුණ දෙන බව හා අර්බුදයට පත් වන බව හා ජනතාව අතර ප්‍රවර්ධනය කරන ලද පටු අපේක්ෂා ඉටු කිරීමට අසමත් වීමෙන් ජනප්‍රියත්වයෙන් ගිලිහෙන බව ද අනුමාන කළ හැකි ය. ලංකාවේ දේශපාලනය රාජපක්ෂවාදී පසුගාමී උගුලෙන් ගලවාගත හැකි නිශ්චිත මොහොත එය විය හැකි ය.
රාජපක්ෂවරු එම අර්බුදයෙන් ගොඩ ඒමට නාමල් රාජපක්ෂ ආයෝජනය කරමින් සිටිති. ඉදිරි ආණ්ඩුවක බොහෝ විට නාමල් රාජපක්ෂ ඇමතිකම් නොදරමින් පසුබිමින් සිටිමින් ආණ්ඩු පක්ෂ – විපක්ෂ මිශ්‍ර භූමිකාවක් කිරීමට ඉඩ තිබේ. තමන් උඩ දැමීම සඳහා පැරණි රාජපක්ෂ හිතවාදීන් පාවිච්චි කිරීමට නාමල් රාජපක්ෂ දැනටමත් සමත් වී හමාර ය.
මහ රාජපක්ෂවරුන් වේගයෙන් වියපත් වෙමින් සිටින අතර 2025න් පසුත් ඔවුන්ට බලය අල්ලාගැනීමට හැකි වේ ද යන්න සැක සහිත ය. රනිල් වික්‍රමසිංහ ද ඒ වන විට දේශපාලනයෙන් විශ්‍රාම යාමට නියමිත අතර අනාගතය ඇත්තේ සජිත්, චම්පික, විමල්, උදය, අනුර කුමාර දිසානායක වැනි අය අතේ ය. රාජපක්ෂවරුන් යටතේ නාමල් රාජපක්ෂ අභිභවා කිසිවකුට හිස එසවීමට ලැබෙන්නේ නැත. එබැවින් ආණ්ඩුව තුළ කෙතරම් දක්ෂ තරුණයන් සිටියත් ඔවුන්ට රාජ්‍ය නායකත්වය දක්වා සංවර්ධනය විය නොහැකි ය.
ජවිපෙ හැර සෙසු දේශපාලන බලවේග මෙම අනාගතය සම්බන්ධයෙන් උන්නතිකාමී ආයෝජන කරමින් සිටියි. විමල් හා උදය ගම්මන්පිලගේ දේශපාලන පරිවර්තනය විග්රහ කරගත හැකි වන්නේ එම සංදර්භය තුළයි.
ඔවුන් උත්සාහ කරමින් සිටින්නේ රාජපක්ෂලාගෙන් ගිලිහෙන සිංහල ජාතිකවාදී බලවේගය දිය වී යාමට නොදී සියතට ගැනීමට බව පැහැදිලි ය. ආණ්ඩුව අභ්‍යන්තරයේ මෙමගින් ඇති කරනු ලබන අතතිය දේශපාලනික වශයෙන් රසවත් අත්දැකීමක් වනු ඇත.
Related News
1 thought on “විමල් සහ ගම්මන්පිල පොරොන්දුව සහ තීන්දුව කුමක් ද?”
Leave a Reply to Sarath warnakulasuriya Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද? - TOPnews.LK on ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Saamanya minisa menma deasapalanika panchaskandayanda viyapathviema swabavikaya . Namuth tharuna sith athi ( Young in hearts ) samanya miniha weherenne seminya . Majara sith hadehi randawagath viyapath desapalakayo sithin haa gathin oralosu kaalayata wadaa wegayen weherena bawa owunge sariera baasawen ( body language ) manaawa pasak wea .
Ithin api mak korannada !