ජනාධිපතිවරණයට එජාපෙන් රනිල්

එක්සත් ජාතික පක්ෂයේ නිල ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් වීමට නියමිත බව ඉතා විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.
එජාප ව්‍යවස්ථාව අනුව වික්‍රමසිංහ සිය අපේක්ෂකත්වය පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තුළ තහවුරු කරගැනීමට නියමිත ය. එහිදී සජිත් ප්‍රේමදාසට සිය අනාගතයට වාසිදායක විය හැකි සම්මුතියකට පැමිණීමට හෝ නැතිනම් පක්ෂයෙන් ඉවත්ව ගොස් වෙන ම තරග කිරීමට සිදු වනු ඇතිි බව පක්ෂ ආරංචි මාර්ග පවසයි.
සජිත් ප්‍රේමදාස සම්මුතියකට පැමිණීමට කැමැත්ත පළ කරමින් ඇති බව ද, ඔහු එජාප අපේක්ෂකයා ලෙස ප්‍රවර්ධනය කරමින් සිටින මලික් සමරවික්‍රම, මංගල සමරවීර, අජිත් පී. පෙරේරා, හර්ෂ ද සිල්වා, හරින් ප්‍රනාන්දු වැනි පිරිස්වල බලපෑම නිසා සම්මුතියකට පැමිණීම පමා වෙමින් තිබෙන බව ද වාර්තා වේ.
මෙම පිරිස අතර නිර්මාණය වූ සන්ධානයෙහි යම් පසුගාමී අශුද්ධ ලක්ෂණ පක්ෂය තුළ හා පක්ෂයට හිතවත් කණ්ඩායම් අතර දැඩි විරෝධයකට තුඩු දී ඇති බව වාර්තා වේ.
පසුගිය ඔක්තෝබර් 26දා ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ මහින්ද රාජපක්ෂ ඒක්ව දියත් කළ රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණයේදී ද සජිත් ප්‍රේමදාස කුමන්ත්‍රණකරුවන් සමග ගනුදෙනු කළේ ය. වර්තමානයේදී ද ඔහු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග එක්ව එජාපය කැඩීමේ සන්ධානයක් සඳහා සලකා බැලීම් කරමින් සිටින බව ද වාර්තා වේ.
එම කුමන්ත්‍රණයට එරෙහි අරගලයේදී පෙරමුණ ගත්තේ රනිල් වික්‍රමසිංහ ය. එබැවින්, මේ මොහොතේ ජනාධිපති අපේක්ෂකත්වය වෙනත් අයෙකුට ලබා දීමට ඔහුගේ කිසිදු උනන්දුවක් නැති බව වාර්තා වේ. එජාප ප්‍රමුඛ සන්ධානයේ සහයෝගය ද හිමි වන්නේ ඔහුට බව වාර්තා වේ.
Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද? - TOPnews.LK on ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018