gotabaya rajapaksa in organic farm

ජනාධිපතිගෙ පෝර බොරුව

අජිත් පැරකුම් ජයසිංහ

ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක් යැයි තමා දැන් සිතන හෙයින් ඒ පොහොර නැවත ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කිව්වලු.

මේකත් බොරු. රසායනික පොහොර ලබාදෙන්න ආණ්ඩුවට සල්ලි නැහැ. ඒ නිසා බොරු කියන්න එපා. කළ යුතුව තිබෙන්නෙ පොහොරවලින් අයකරන බදු අවම කරන එක මිසක් ආපහු පොහොර නිකම් දෙන එක නෙමෙයි. පොහොර තහනම ඉවත් කරලා වෙළඳපොළෙන් මිලදීගන්නට ඉඩදෙන්නට ඕනැ. පොහොර වෙළඳපොළ නියාමනය කරන්නට ඕනැ. ඒ කියන්නෙ මිල පාලනය නෙමෙයි. අසාධාරණ ලාභ වළක්වන්නට ඕනැ. මහජන මුදලින් ගොවීන්ට පොහොර නිකම් දෙනවා නම්, ගොවීන් නොවන ජනතාවට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභයක් තියෙන්නට ඕනැ. එහෙම එකක් කවදාවත් වුණේ නැහැ. පොහොර සහනාධාරයේ ප්‍රතිලාභ ගත්තෙ ඩඩ්ලිලා, නිපුණලා, නිව් රත්නලා වගේ හාල් වෙළෙන්දො. අඩුගානෙ ගොවීන්ගෙ දිළිඳුකමවත් නැතිවෙලා නැහැ. ඒ නිසා පොහොර නිකම් දෙන්න ඕනැ නැහැ.

ගොවීන් වෙළඳපොළ කෘෂිකර්මාන්තයට හැඩගැසෙමින් ඉන්නවා. ඒක වෙන්න ඉඩදෙන්න ඕනැ. ගොවීන්ට ලබාදිය යුත්තේ විධිමත් රක්ෂණ හා දායකත්ව විශ්‍රාම වැටුප් වැනි දේයි. නිකං පෝර නෙමෙයි.පොහොර සහනාධාරයෙන් ගුණාත්මක කොම්පෝස්ට් ලබාදුන්නට කමක් නැහැ. ඒවා ආනයනය කරනවා වෙනුවට රටේ නිෂ්පාදනය කරන්නට ඕනැ. හොර කොම්පෝස්ට් බිස්නස් නවත්තන්න ඕනැ. රජය කොම්පෝස්ට් බිස්නස් එක නවත්තන තරමට හොඳයි. එහි විශාල නාස්තියක් හා දූෂණයක් සිදුවෙනවා.

පොහොර සහනාධාරය අහෝසි කිරීම ඇත්තටම ප්‍රගතිශීලී වැඩක්. මේ අපි ඒක ඒ දවස්වලම අගය කරපු හැටි. කියවන්න:

රසායනික පොහොර තහනම විප්ලවයක් වන්නේ කෙසේද?