Sri Lankan FTZ workers

මේ වන විට 2020 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙමින් තිබේ. දළ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පහසු ජයක් අත් කරගනු ඇතැයි සිතිය හැකි ය. ඔවුන්ගේ උන්නතිකාමී ඉලක්කය තුනෙන් දෙකකි. තුනෙන් දෙකේ බලයකින් කරන්නට යන දෙය අභිරහසකි. කෙසේ වෙතත්, ආණ්ඩුව වන ජනාධිපතිවරයාත්, රාජපක්ෂ පවුලත්, ඔවුන්ගේ අනුගාමිකයිනුත් ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කරනු ඇතැයි බලාපොරොත්තු විය නොහැකි ය.

Translations by Creative Content Consultants

එම නිසා අනිද්දායින් ඇරඹෙන යුගය තුළ පුරවැසියන් මුහුණ දෙන බරපතල ම අභියෝග වන්නේ දැනට පවත්නා ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීමයි. ස්වාධීන කොමිෂන්, තොරතුරු දැනගැනීමේ අයිතිය ආදියෙන් පටන් ගෙන මූලික මානව හිමිකම් දක්වා අයිතිවාසිකම් ආරක්ෂා කරගැනීම සඳහා පුරවැසියන්ට විශාල අරගලයක් කරන්නට සිදු විය හැකි ය.

අනෙක් කාරණය දූෂණය හා භීෂණයයි. මෙම කාරණා දෙක සම්බන්ධයෙන් රාජපක්ෂ පවුල හා ඔවුන්ගේ අනුගාමිකයන් සතුව ඇත්තේ ඉතා නරක ඉතිහාසයකි. අනාගතය නිදොස් කරගැනීම ඔවුන්ගේ වැඩකි. එහෙත්, මහජන දේපල හා ජන ජීවිත ආරක්ෂා කරගැනීම පුරවැසියන්ගේ වගකීමකි.

ලංකාව වැනි රටක පාලකයන්ට කළ හැකි මහ ලොකු දෙයක් නැත. දැවැන්ත, අකාර්යක්ෂම රජයක් පවත්වාගෙන යාම සඳහා මහජනතාවගෙන් බදු මුදල් සූරාකෑම සහ නිලධාරීන් හා දේශපාලකයන් එක්ව ඒවා පෞද්ගලික භාවිතාව සඳහා යොදාගැනීම අතරමැද සංවර්ධනය කෙසේ වෙතත් රජයෙන් දැනට ලැබෙන සේවාවන් හෝ පැවතීම ලොකු දෙයකි.

රටේ ඇත්ත සංවර්ධනයක් සිදුවන්නේ රජය හරහා නොවේ. පෞද්ගලික අංශය හා වෙළඳපොළ හරහා පමණි. කවුරු කැමති වුණත්, අකැමැති වුණත් තත්වය එයයි. ආණ්ඩුවට සංවර්ධනය සම්බන්ධයෙන් කළ හැකි එක ම දෙය නම්, පෞද්ගලික අංශය දිරිගන්වන ප්‍රතිපත්ති සම්පාදනයයි. පෞද්ගලික අංශය ධාවනය වන්නේ ලාභය නිසා ය. ලාභය යනු නියාමනය කළ යුතු එකකි. රජයක් විසින් කරනවා නම් කළ හැකි දෙයක් වන්නේ එයයි. එහෙත්, පවත්නා රාජ්‍ය ව්‍යූහයට එයවත් කළ නොහැකි ය.

මේ පත්වන දේශපාලකයන්ගෙන් රටට ප්‍රයෝජනයක් තිබේ නම් තිබෙන්නේ මහජන අදහස් නියෝජනයේදී හා ප්‍රතිපත්ති සම්පාදනයේදී ය. දේශපාලකයන් කරනවා යයි කියන සෙසු සියලු දේ බොරු ය. ඔවුන්ට ඒවා කළ නොහැකි ය. කරන යමක් තිබේ නම්, එය මහජන මුදලින් රජය කරන දේ මිස දේශපාලකයන් කරන දේ නොවේ. ඒ නිසා පළමුව පුරවැසියන් ලෙස අප දේශපාලකයන්ට මහ ඉහළින් සැලකීම නැවැත්විය යුතු ය. ඔවුන් ගණන් නොගත යුතු ය. ඔවුන්ගේ වාද බයිලාවලට සවන් දීම සඳහා කාලය නාස්ති නොකළ යුතු ය.

පුරවැසියන් ලෙස අප කළ යුතු වන්නේ හැකි තරම් දුරට දේශපාලකයන් ප්‍රතික්ෂේප කරන ගමන් පුරවැසි සංවිධාන හරහා, සමාජ මාධ්‍ය හරහා පුරවැසි අයිතිවාසිකම් සම්බන්ධයෙන් මැදිහත් වීමයි.

රට සංවර්ධනය වන්නේ හා සමාජය වෙනස් වන්නේ පුරවැසියන්ගේ දේශපාලනයෙන් මිස දේශපාලකයන්ගේ දේශපාලනයෙන් නොවේ. වැඩ කිරීම පුරවැසි දේශපාලනයේ ප්‍රධානතම භූමිකාවයි. පුරවැසියන්ට වැඩ කරන්නට නිදහස දේශපාලකයන්ගෙන් ලබාගත යුතු ය. වැඩ කිරීමට හා ව්‍යවසායකත්වයට තිබෙන දේශපාලන බාධක ඉවත් කළ යුතු ය.

දේශපාලකයන් පුරවැසියන් සූරා කා ඒ මුදලින් සැප විඳීමට අප විරුද්ධ විය යුතු ය. අපේ බදු මුදල් සම්බන්ධයෙන් ඔවුන් ප්‍රශ්න කළ යුතු ය. වග විය යුතු තත්වයට පත් කළ යුතු ය.

ඡන්දයෙන් කවුරු දිනුවත්, පැරදුණත්, කුමන පක්ෂවලට පාර්ලිමේන්තු නියෝජනය ලැබුණත්, නොලැබුණත්, පුරවැසියන් ලෙස අපට කළ හැකි දේ එයින් සීමා වන්නේ නැත.

විශේෂයෙන් ම, සමාජ මාධ්‍ය යුගයේදී ඔබ හා මා ඇතුළු පුරවැසියන්ට නියෝජනය ලබාගැනීමට හා අයිතිවාසිකම් රැකගැනීමටත්, ප්‍රජාතන්තවාදය ශක්තිමත් කිරීම සඳහා අරගල කිරීමටත් විකල්ප ක්‍රම තිබේ.

දේශපාලකයන්ව ගණන් ගන්න එපා. අපි වැඩ කරමු.

Translations

2 thoughts on “ඡන්දෙන් පස්සෙ පුරවැසි දේශපාලනය

  1. Oba kiyana paridi , pawathina aanduwa dinieme idakada thibunath owun balayata pathviemekin pasu janathawa ichcha bha
    ngathwayata pathviema nowelakviya heka
    Eyama rate janjalayak wanu atha .

  2. 2020 මහා මැතිවරණයෙන් පසු පුරවැසියාගේ කාර්යභාරය ගැන වික්ෂිප්තව සිටින පුරවැසියන්ට ඉතා පැහැදිලි ආරාධනයක්. ජයවේවා.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.