Gotabaya Rajapaksa

අජිත් පැරකුම් ජයසිංහ

වත්මන් රජය එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග ඇතිකරගෙන තිබෙන ගිවිසුම් තමන් බලයට පත් වුවහොත් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ ඔක්තෝබර් 15දා පැවැත්වුණ පුවත්පත් සාකච්ඡාවේදී පැවසීමෙන් ඔහු බලයට පත්වීමටත් පෙර ම එක්සත් ජාතීන් ඇතුළු ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැටුමක් ඇති කරගැනීමට සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට හා ආර්ථික සංවර්ධනයට ප්‍රමුඛ අවධානය යොමු කළ යුතු වසර කීපයක් ඉදිරියේ තිබියදී මානව හිමිකම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන් හා ලොව වෙනත් රටවල් සමග ගැටුමක් ඇති වන ප්‍රකාශයක් බලයට එන්නටත් පෙර මේ අන්දමින් කිරීමෙන් ගෝඨාභය රාජපක්ෂගේ රාජ්‍යතාන්ත්‍රිකභාවය සම්බන්ධ බරපතල ප්‍රශ්නයක් ජනතාව ඉදිරියේ තැබෙන බව අපේ අදහසයි.

2009 මැයි මාසයේ යුද ගැටුම් අවසන් වූ සැණින් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන්නැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා වූ බෑන් කී මූන්ට ආරධනා කළේ ය. එම චාරිකාවෙන් පසු ශ්‍රී ලංකා රජය හා එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් නිකුත් කරන ලද ඒකාබද්ධ නිවේදනයෙන් ශ්‍රී ලංකා රජය මානව හිමිකම් උල්ලංඝනය වීම් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බව හා යුද්ධයට තුඩු දුන් හේතු ඉවත් වන පරිදි දේශපාලන විසඳුමක් ලබා දෙන බව ප්‍රකාශ කළේ ය.

මේවා එක්සත් ජාතීන් විසින් හෝ ජාත්‍යන්තර ප්‍රජාව සැනසීම සඳහා කළ යුතු දේ නොව, ජාතීන් අතර සංහිඳියාව ඇතිකිරීම සඳහා ශ්‍රී ලංකාව විසින් සිදු කළ යුතු දේ ය. ඒ වෙනුවෙන් උත්සාහයක් ලෙස 2010දී රජය විසින් උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (LLRC) පත් කරන ලද අතර 2011 වසරේ නිකුත් වූ එම කොමිෂමේ වාර්තාවේ නිර්දේශයක් අනුව, යුද්ධයේ අවසාන සමයේ රජය හා කොටි සංවිධානය විසින් කරන ලදැයි කියන යුද අපරාධ පිළිබඳ සොයාබැලීම සඳහා මැක්ස්වෙල් පරණගමගේ සභාපතිත්වයෙන් කොමිෂමක් පත් කරනු ලැබුවේ ද රාජපක්ෂ රජය ම විසිනි. යුද්ධයේ අවසන් සමයේ සිවිල් වැසියන් 7000 – 7500 අතර සංඛ්‍යාවක් මිය ගිය බව එම කොමිෂම විසින් වාර්තා කරන ලදී. වත්මන් ආණ්ඩුව විසින් ක්‍රියාත්මක කරන ලද අතුරුදහන් වූවන් පිළිබඳ සොයාබැලීමේ කාර්යාලය, අතුරුදහන් වූවන්ට, මානව හිමිකම් උල්ලංඝනය වූවන්ට වන්දි ගෙවන හානිපූරණ කාර්යාලය ආදිය පරණගම කොමිෂමේ නිර්දේශයි.

මානව හිමිකම් උල්ලංඝනයන් පිළිබඳ දේශීය පරීක්ෂණයක් පවත්වන බවට එක්සත් ජාතීන්ට පැවසුවේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් යුත් රජය ම ය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ තවමත් හොල්මන් කරන්නේ එයයි.

ශ්‍රී ලංකාවේ දේශීය ක්‍රියාකාරිත්වයන් පමා වෙමින් තිබියදී මෙරට මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීති කඩවීම් පිළිබඳ සොයාබැලීමට එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා විසින් 2011දී ඉන්දුනීසියානු ජාතික මර්සුකි දරුස්මාන්ගේ සභාපතිත්වයෙන් ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන ලදී. පුද්ගලයන් 2,300කගෙන් පමණ සාක්ෂි 4,000ක් පමණ ලබාගෙන සිදු කරන ලද විමර්ශනයේ වාර්තාවේ, ශී‍්‍ර ලංකා ආණ්ඩුවට තහනම් පොකුරු වෙඩිලිවලින් සිවිල් වැසියන් ඝාතනය කිරීම, ආණ්ඩුව විවේචනය කළ ජනමාධ්‍යවේදීන් ඝාතනය, රෝහල් හා තහනම් ස්ථානවලට ෂෙල් වෙඩි එල්ල කිරීම ඇතුළු චෝදනා පහක් එල්ල විය. කොටි සංවිධානයට ද බරපතල මානව හිමිකම් උල්ලංඝන හා යුද අපරාධ චෝදනා එල්ල විය. ශ්‍රී ලංකා රජය මෙම වාර්තාව පිළිගන්නේ නැත. පරණගම කොමිෂම පිහිටුවනු ලැබුවේ ඒ අනුව ය.

2015 ජනවාරි 8 බලයට පත් වූ රජය ඉදිරියට ගියේ, මහින්ද රාජපක්ෂ රජය විසින් පත් කරන ලද උගත් පාඩම් හා ප්‍රතිසන්ධාන කොමිෂමේ හා පරණගම කොමිෂමේ පදනම් මත ය. 30/1 යෝජනාවලිය එන්නේ ඒ අනුව ය. මානව හිමිකම් සම්බන්ධයෙන් පසුගිය පස් වසරක් පුරා ජාත්‍යන්තර ප්‍රජාව හා එක්සත් ජාතීන් සමග ගැටුම් විරහිත තත්වයක් පවත්වාගැනීමට ආණ්ඩුව සමත් විය. පස් වසරක එම ක්‍රියාවලිය ප්‍රතික්ෂේප කරන බව ගෝඨාභය රාජපක්ෂ 2019 ඔක්තෝබර් 15 පුවත්පත් සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ සරල ලෙස පැවසී ය. ඒ අතර, එක්සත් ජාතීන් සමග ඉදිරියට ද සුහදව කටයුතු කරන බව ද ගෝඨාභය රාජපක්ෂ පැවසී ය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම යනු ප්‍රතික්ෂේප කළ නොහැකි යථාර්ථයකි. ගෝඨාභය රාජපක්ෂගේ ආණ්ඩුවක් විසින් පසුගිය පස් වසරක් පැවති ක්‍රියාවලියක් එකහෙළා ප්‍රතික්ෂේප කරන බව කියන එක තරම් එය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂම හමුවේ තහවුරු කරන එක පහසු නැත. බලයට එන්නට පෙර ම ගෝඨාභය රාජපක්ෂ එක්සත් ජාතීන් හා ජාත්‍යන්තර ප්‍රජාව සමග බාල්දියක් පෙරළාගෙන තිබේ.

සවිස්තර ලිපියක් 2019 ඔක්තෝබර් 20 ලංකා පුවත්පතේ පළ වේ

1 thought on “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති වන්නත් පෙර ජිනීවා සමග ගැටුම් අරඹයි

  1. ” katath ehtharaa VAJJAMA kei ” uthuru meda palaathe perennang upaherana lesa kiyana thawath wekiyaki . VAAJJAMA waadya bhaandayak lesa aruth denawaa viyaheka . Waadanay honda ho naraka viyaheka . Maaluwa nahinneth kata nisaa yai boho aya danithi . Samaharavitn eka katak saha kang dekak pihitiye ema sathaage aarassaawata viyaheka . Namuth UDDHACHCHAKAMA nisaa amaaruwe wetena praanien da sitithi . Upan gei karumaya eya ta heathu viyaheka !

Leave comment

Your email address will not be published. Required fields are marked with *.