gas placard

චරිත හේරත් පසුගිය ජුලි මාසයේ කෝප් කමිටුවේ සභාපති විදියට නිර්දේශ කළා, ලිට්‍රො ගෑස් ගනුදෙනුව ගැන විගණකාධිපති පරීක්ෂණයක් කරන්නය කියලා . මුලින් විමර්ශනයක් කරන්න කියලා දැන් එයා විමර්ශනය නොකරම තීන්දුවත් දීලා ඉවරයි.

ඔය ගැන පහත ලින්ක් කර තිබෙන සිළුමිණ වාර්තාවේ විස්තර තිබෙනවා. ලිට්‍රෝ එකේ නිලධාරීන් හේතුවත් පැහැදිලි කරනවා. ඒ හේතු පැහැදිලි කිරීම විමර්ශනය කළ යුතුයි. එහෙම නොකර කෙළින්ම නිගමනවලට එන එක ප්‍රොෆෙෂනල් නැහැ.මේ ලිපිය කියවන්න. ඒකෙ විස්තරය තියෙනවා. https://www.silumina.lk/…/%E0%B7%80%E0%B7%90%E0%B6%A9…

කොමිස් කියන්නෙ බිස්නස්වල සාමාන්‍ය දෙයක්. මාකටිංවලදි තමන්ට බිස්නස් ගේන එකාට සලකන එක සාමාන්‍ය තත්වයක්. ධනේශ්වර නිෂ්පාදනයෙදි හා සේවාවන්වලදි මේක ඉතා සාමාන්‍යයි. නිෂ්පාදනයට වඩා බ්‍රෑන්ඩ් එකත්, ඊටත් වඩා මාකටිනුත් වෙළඳපොළේදි ප්‍රමුඛයි.

සරල උදාහරණයක් ගත්තොත්, ඉන්ෂුවරන්ස් පොලිසි එකක් විකිණුවාම රජයට අයත් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සමාගම පවා රක්ෂණ නියෝජිතයාට විශාල කොමිෂන් එකක් ගෙවනවා.

රජයට සැපයුම් කරන වැඩේ නිසානෙ මේ ප්‍රශ්නෙ ඇතිවෙන්නෙ. රජයේ නීති අනුව කොමිස් ගන්න බැහැ. හැබැයි මාකටිං අනුව කොමිස් දෙන්නම ඕනැ. මොකද, බිස්නස් එක රැකගන්න නම් බිස්නස් එක ගේන එකාව සතුටු කරන්න ඕනැ. නැතිනම් ඌ වෙන තැනකට බිස්නස් එක ගෙනියනවා. කොමිස් ජාවාරම්වලට මග විවෘත වෙන්නෙ එහෙම. ඕක පාලනය කරන්න ඉතාම අමාරුයි.

මේවට විසඳුම රජය බිස්නස් කරන එකෙන් අයින් වෙන එක. උදාහරණයක් විදියට ගෑස් වෙළඳපොළ නිදහස් කරලා, ඉල්ලුමට සාපේක්ෂව වැඩි සැපයුමක් තිබෙන තරගකාරී පරිසරයක් හැදුවා නම්, ලිට්‍රෝ එකට කොමිස් ගහලා වැඩි මිලට විකුණන්න බැහැ. රජයේ සමාගමක් නොවෙයි නම් ලිට්‍රෝ එක ප්‍රමුඛ වෙන්නෙත් නැහැ.

හැම රටකම ධනේශ්වර වෙළඳපොළේ සේල්ස් කොමිෂන්ස් තියෙනවා. ඒක සාමාන්‍ය තත්වයක්. ඒක ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ රජයට සැපයුම් කරද්දියි. කොමිෂන්ස් නොගෙන ඉන්න තරම් අවංක රජයේ නිලධාරීන් ලංකාවෙ නම් හොයාගන්න අමාරුයි. වක්‍රව හරි වාසි ගන්නවා. ඖෂධ වෙළඳපොළ හොඳ උදාහරණයක්. සැපයුම් කරන අයගේ සිට නිර්දේශ කරන අය දක්වාම විවෘතවම වාසි බෙදනවා. ටයි දාගත්ත ඖෂධ වෙළඳ නියෝජිතයන් රජයේ රෝහල්වල විවෘතවම ගැවසෙනවා.

රජය කරන්නට ඕනැ වෙළඳපොළ නියාමනය විතරයි.

(ඡායාරූපය ගෑස් සිලින්ඩර් පුපුරා ගිය සමයේ උද්ඝෝෂණයකට සම්බන්ධය)

1 thought on “ගෑස්වලින් කොමිස් ගැහුවද? කොමිස් ප්‍රශ්නෙට මොකක්ද කරන්නෙ?

  1. මෙතන තියෙන ප්‍රධානම ප්‍රශ්නයක් තමයි මේ ආයතන මෙහෙයවීමට දේශපාලනය මැදිහත් කිරීම. අර්ජුන රණතුංග වරාය ඇමති වෙනවා. වරාය සභාපති වෙනවා දම්මික රණතුංග. අර්ජුන රණතුංග වරාය ඇමතිකමෙන් අයින් කරලා කණිජතෙල් ඇමති කරනවා. එතකොට දම්මික රණතුංග පෙට්‍රෝලියම් සභාපති වෙනවා. සාගල රත්නායක වරාය ඇමති වෙනවා. කාවන් රත්නායක (අයියා) වරයා සභාපති වෙනවා. අද පෙට්‍රෝලිම් සභාපති අලිසබ්‍රිගෙ මල්ලි සබ්‍රි. එයාර්ලංකා එක මෙහෙයවෙවුවේ කවුද? සාමාන්‍යපෙල අසමත් ශිරන්තිගෙ අයියා. රනිල්ගේ ආණ්ඩුවේ චරිත රත්වත්තේ කියන්නේ ඔය ඇමතිවරුන්ටත් වඩා බලය තියෙන කෙනෙක්. එයර්ලංකා එකේ CEO කවුද? සුරේන් රත්වත්තේ. චරිත රත්වත්තේගේ සොහොයුරා. මම මේ කියපු ටික විතරක් බලන්න. වරාය, පෙට්‍රෝලියම්, එයාර්ලංකා. කෘෂිරක්ෂණ මණ්ඩලයට එහෙම දාන්නේ නැහැ. විශාල ධනය හැසිරෙන තැන්වලට මේ දේශපාලනය මැදිහත්වීම් කරනවා. ඒක නිසා පළමුකොටම රජයේ උපායමාර්ගික වැදගත් මර්මස්ථාන රජය සතුව තියාගත යුතුයි. දේශපාලනී කරණය නතර කළ යුතුයි

Leave a Reply to Lakshman Jayasinghe Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: