Harini Amarasuriya

අජිත් පැරකුම් ජයසිංහ, පැරාගේ විරාමය – ලංකා පුවත්පත, 2020 අගෝස්තු 13

2020 අගෝස්තු මැතිවරණයේදී දිස්ත්‍රික්වලින් පාර්ලිමේන්තුවට තේරී පත් වී ඇති කාන්තා මන්ත්‍රිනියන් සංඛ්‍යාව අටකි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් කාන්තාවන් දෙදෙනෙකු පත් කර තිබේ. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා ආචාර්ය හරිනි අමරසූරිය පත් කරන බව ප්‍රසිද්ධ කර තිබේ. ඉලංකයි තමිල් අරසු කච්චි පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු මානව හිමිකම් කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුණනාදන් පත් කරනු ඇතැයි අපේක්ෂා කළ ද එය සිදු වූයේ නැත. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙන් කාන්තාවක් පත් කරන බවට වාර්තා වී තිබේ.

Translations by Creative Content Consultants

කෙසේ වෙතත්, අවසානයේදී පාර්ලිමේන්තුවට පත් වන කාන්තා මන්ත්‍රීවරියන් සංඛ්‍යාව 12ක් වනු ඇත. 2015 පාර්ලිමේන්තුවේ ද කාන්තාවන් 13ක් සිටි අතර ගීතා කුමාරසිංහගේ මන්ත්‍රී ධුරය අහිමි වීමත් සමග එය 12ක් බවට පත් විය. එය ප්‍රතිශතයක් ලෙස 5.3%කි.

2015දී බලයට පත් වූ ආණ්ඩුව ප්‍රතිපත්තියක් ලෙස කාන්තා දේශපාලන නියෝජනය වැඩි කිරීම පිළිගත්තේ ය. ප්‍රායෝගික තලයේදී, පළාත් පාලන ආයතනවල අනිවාර්ය කාන්තා නියෝජනය සඳහා නීති සම්පාදනය කරන ලදී. ඒ අනුව, 2018 වසරේ පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයෙන් දිවයින පුරා ප්‍රාදේශීය සභා, නගර සභා හා මහ නගර සභාවලට තේරී පත් වූ මන්ත්‍රීන් 8,721ක් අතරින් 2,526ක් හෙවත් 29%ක් ම කාන්තාවෝ වූ හ.

පළාත් පාලන ආයතනවල එතෙක් පැවති 1%ට අඩු කාන්තා නියෝජනය මෙසේ 29% දක්වා වැඩි වීම කැපීපෙනෙන සංවර්ධනයකි. එහෙත්, එමගින් දේශපාලන තලයේ විප්ලවීය වෙනසක් සිදු වූ බවක් පැහැදිලිව නොපෙනේ. ප්‍රමාණවත් තරමින් බිම් මට්ටමේ කාන්තා දේශපාලන නායකත්වයක් එමගින් නිර්මාණය වූයේ නැත. එයට එක් හේතුවක් වන්නේ, එසේ තේරී පත් වූ කාන්තාවන් ද ඇතුළුව සමස්ත දේශපාලන සමාජය ම කාන්තා නියෝජනය අගය කරන තත්වයක නොපැවතීමයි. දේශපාලනයේ කාන්තා නියෝජනය වෙනුවෙන් පෙනී සිටි සිවිල් සමාජ සංවිධාන පවා මෙම කාන්තා නියෝජිතවරියන් 2,526 දෙනා සම්බන්ධ කරගෙන ඉදිරි ගමනක් සැලසුම් කළේ නැත. මෙම කාන්තාවන් අතරින් කිසිවකු මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් තේරී පත් වී නැත.

එයට එක් හේතුවක් වන්නට ඇත්තේ 2018 පෙබරවාරි පළාත් පාලන මැතිවරණයේ සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇති වූ පිබිදීමයි. එහි කූටප්‍රාප්තිය ලෙස සැලකිය හැකි 2020 අගෝස්තු පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව එම පක්ෂය කාන්තාවන්ට දෙන තැන කුමක් ද යන්න පැහැදිලි ය. කැබිනට් මණ්ඩලයේ සිටින්නේ කාන්තාවන් දෙදෙනෙකු පමණි ඒ සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි ය. රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 38ක් අතර ද සිටින්නේ කාන්තාවන් දෙදෙනෙකු පමණි. ඒ බන්ධනාගර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ නිපුනතා සංවර්ධන වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍ය සීතා අරඹෙපොළ ය. අලුතෙන් නිර්මාණය කරන ලද බලතල සහිත තනතුරක් වන දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති තනතුරු අතරින් කෑගල්ල දිස්ත්‍රික් සභාපති තනතුර රාජිකා වික්‍රමසිංහට ලබා දී තිබේ.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ, අගමැති මහින්ද රාජපක්ෂගේ හා ඔවුන්ගේ සහෝදර බැසිල් රාජපක්ෂගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු රජය කාන්තාවන් සම්බන්ධයෙන් දක්වන ස්ථාවරය මැනැවින් නිරූපණය වන පැතිකඩක් වන්නේ කාන්තා කටයුතු විෂය පවරා තිබෙන ආකාරයයි. කාන්තා කටයුතු අමාත්‍යාංශය වෙනම අමාත්‍යාංශයක් ලෙස පිහිටුවනු ලැබුවේ 1997 වර්ෂයේදී ය. එතැන් සිට වැඩිම කාලයක් කැබිනට් අමාත්‍යාංශයක් වූ කාන්තා කටයුතු අමාත්‍යාංශය මෙවර රාජ්‍ය අමාත්‍යාංශයක විෂය රැසක් අතරින් එකක් දක්වා පහත දමා තිබේ. එපමණක් නොව, එම අමාත්‍යාංශය සඳහා පත් කර තිබෙන්නේ ද පිරිමියෙකි. ඔහු නම්, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් සහ අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ය.

ශ්‍රී ලංකාවේ කාන්තා සංවිධානවලට බොහෝ දුරට නැවත මුල සිට බොහෝ දේ ආරම්භ කිරීමට සිදු වනු ඇත.

Translations

1 thought on “කාන්තා දේශපාලනය නැවත මුල සිට ද?

  1. Purushadhipathyaya rajayana lankieya samajaya thula kaantha deasapalana niyojanaya prasasthawa siduviema ugahataya .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.