කාන්තා අටදෙනෙක් ඡන්දයෙන් පත් වේ

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් දිස්ත්‍රික් මනාපවලින් කාන්තාවන් අටදෙනෙකු පමණක් තේරී පත් වී තිබේ. ඒ අතරින් තුන්දෙනෙකු ම තේරී ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයෙනි. ඔවුන් නම්,
පවිත්‍රා වන්නිආරච්චි (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
තලතා අතුකෝරල (සමගි ජන බලවේගය)
මුදිතා සොයිසා (රංජිත් සොයිසා බිරිඳ) (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
රත්නපුර දිස්ත්‍රික්කය අයත් වන සබරගමු පළාතේ කෑගල්ල දිස්ත්‍රික්කයෙන් තවත් කාන්තාවක් තේරී පත් වී ඇත. ඇය රාජිකා වික්‍රමසිංහ යි. (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
ගම්පහ දිස්ත්‍රික්කයෙන් සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ සහ කෝකිලා හර්ෂණී ගුණවර්ධන තේරී පත් වී ඇත. (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
ගාල්ල දිස්ත්‍රික්කයෙන් ගීතා කුමාරසිංහ තේරී පත් වී ඇත. (ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ)
රෝහිණී කුමාරි කවිරත්න මාතලේ දිස්ත්‍රික්කයෙන් තේරී පත් වී තිබේ. (සමගි ජන බලවේගය)
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සමගි ජන බලවේගයෙන් මෙවර මැතිවරණයට ඉදිරිපත් වූ හිටපු කාන්තා කටයුතු ඇමතිනී චන්ද්‍රානි බණ්ඩාර, හිරුනිකා ප්‍රේමචන්ද්‍ර, තුසිතා විජේමාන්න පරාජය වී ඇත.
එක්සත් ජාතික පක්ෂයෙන් තරග කළ විජයකලා මහේෂ්වරන් සහ අනෝමා ගමගේ ද පරාජය වී තිබේ.
එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කළ ශ්‍රියානි විජේවික්‍රම සහ සුමේධා ජී. ජයසේන මෙවර පරාජය වී තිබේ.
ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසය තුළ කිසිම දාක කාන්තාවන්ගේ නියෝජනය 6.5% ඉක්මවා නැත. 2015-2020 පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 5.3%කි. පාර්ලිමේන්තු මන්ත්‍රීන් 225ක් අතර කාන්තාවන් සිටියේ 12ක් පමණි. ඒ අතරින් කාන්තාවන් දහදෙනෙකු ඡන්දයෙන් තේරී පත් වූ හ.
මෙම සංදර්භය තුළ මැතිවරණයෙන් පසු දේශපාලන පක්ෂ මුහුණ දෙන ප්‍රබලම අභියෝගය වන්නේ තම ජාතික ලැයිස්තු ආසනවලින් කීයක් කාන්තාවන්ට දෙනවා ද යන්නයි. දැනට පෙනෙන්නට තිබෙන ආකාරයට නම් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සීතා අරඹෙපොළට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබෙනු ඇතැයි අනුමාන කළ හැකි ය. තවත් කාන්තාවන් දෙදෙනෙක් එම ජාතික ලැයිස්තුවෙහි සිටිති. ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් දෙමළ ජාතික සන්ධානයේ ජාතික ලැයිස්තුවෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරියක වන අම්බිකා සත්කුණනාදන් පත් කරන්නට ඉඩ තිබේ. සමගි ජන බලවේගයේ හෝ එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙහි සිටින කාන්තාවන් දේශපාලනයෙහි ප්රමුඛ අය නොවේ. ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තුවෙහි ප්‍රකට විද්‍යාර්ථියකු වන ආචාර්ය හරිනි අමරසූරිය, රංගන ශිල්පිනී දීපානි සිල්වා හා ඩාබිඳු සාමූහිකය නම් නිදහස් වෙළඳ කලාප කාන්තා සංවිධානයෙහි නායිකා චමිලා තුෂාරි සිටිති.
(කවරයේ ඡායාරූපය කෑගල්ල දිස්ත්‍රික්කයෙන් පත් වූ රාජිකා වික්‍රමසිංහ සිය ප්රචාරක කටයුතු අතරතුරදී)
මේ ලිපියත් කියවන්න: මහ මැතිවරණයෙන් විප්ලවීය වෙනසක් සිදු විය හැකි එක් විදියක්
මේ ලිපියත් කියවන්න: රතන හිමි, දේවානන්දා, පිල්ලෙයන්, අතාවුල්ලා, අංගජන් සමග හැදෙන තුනෙන් දෙක
කණගාටුවෙන් වුව ද කිව යුත්තේ කාන්තාවක් ජාතික ලයිස්තුවෙන් හෝ පත් කරන්නට ඇති ඉඩ අවම පක්ෂය නම් ජනතා විමුක්ති පෙරමුණු බවයි. විශ්වවිද්‍යාලවල ද ශිෂ්‍ය නායකත්වයේ උපාධිඅපේක්ෂිකාවන් සිට නැති බවයි මගේ මතකය.
Parlimenthuwata yaayuthu awama sudusukam yatathe wuwada , suruopiniyak vieme prawanathawayata wagakiyayuththe kawarahuda ?
මියගිය සාලින්ද දිසානායකගේ බිරිඳ වීම නිසා පොහොට්ටුවෙ ලිස්ට් එකෙන් මංජුලා දිසානායකට සීට් එකක් ලැබේ. නැත්නම් ඒකත් නැත. හරිනිටත් නොලැබේ…අම්බිගාටත් නොලැබේ. සජිත්ගෙනුත් වෙන්නේ ඔය ටිකමය.