ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය

ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන්ගේ සංඛ්‍යාව දිනකට 3000 ඉක්මවා යාමත් සමග සංචාරක ව්‍යාපාරය වේගවත් ලෙසින් යථා තත්ත්වයට පත්වන බව පෙනී යන බව සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ සේවය කරන ජීවන ප්‍රනාන්දු පසුගියදා ෆේස්බුක්හි සටහනක් තබා තිබිණි. ඔහු මෙසේ ද පැවසීය: “මෙරටට පැමිණෙන සංචාරකයකු දිනකට ඩොලර් 173.8 ක ප්‍රමාණයක් වියදම් කරනා අතර සංචාරකයකු මෙරට රැඳී සිටිනා කාලයේ සාමන්‍යය දින 10.8 කි මේ අනුව එක් දිනකදී සංචාරකයන් 3000ක් පැමිණි විට ඔවුන්ගෙන් ඩොලර් මිලියන 5.6ක මුදලක් ජාතික ආර්ථිකයට ගලා එයි. සංචාරක ව්‍යාපාරයේ නැගිටීම ශ්‍රී ලංකාව පෙලෙනා විදේශ විනිමය අර්බුදය ජය ගැනීමට මහත් රුකුලක් වනු ඇත.”

පසුගිය 24දා සංචාරක අමාත්‍යාංශය පැවසූ පරිදි 2021 සැප්තැම්බර් මාසයේ සිට ශ්‍රී ලංකාවට සංචාරකයන් 134,000 ඉක්මවන බවයි. දෙසැම්බර් මාසයේදී 50,000කට අධික සංචාරකයන් පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණියහ.

සංචාරක අමාත්‍යාංශය 2025දී මිලියන 7ක සංචාරක ඉලක්කයක් තබා තිබේ. එමගින් අපේක්ෂිත ආදායම ඩොලර් බිලියන 10කි. පාස්කු ප්‍රහාරය සිදුවන්නට පෙර 2017 වසරේදී ශ්‍රී ලංකාවට සංචාරකයන් 21 ලක්ෂයකට වැඩි පිරිසක් පැමිණියහ. රටට ඩොලර් බිිලියන හතරකට ආසන්න ආදායමක් ලැබිණි. ලක්ෂ පහකට ආසන්න පිරිසක් සංචාරක කර්මාන්තය තුළ ඍජුව හා වක්‍රව රැකියාවල යෙදුණහ. 2018 පාස්කු ප්‍රහාරය හා ඉන්පසු කොවිඩ්-19 නිසා සංචාරක කර්මාන්තය කඩා වැටිණි.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින ආර්ථික අර්බුදයට තිබෙන විසඳුම් අතර සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම ප්‍රධාන වේ. විදේශ සංචාරකයන්ට දෙවියන්ට මෙන් සැලකීම ගුවන් තොටුපළේ සිටම දැනටමත් ආරම්භ වී තිබෙන බව අප සමග කතා කළ සංචාරක මාර්ගෝපදේශක ධම්මික වික්‍රමආරච්චි පැවසීය. ඔහු පවසන පරිදි මේ වන විට සංචාරක කර්මාන්තයේ යෙදී සිටි මාර්ගෝපදේශක රියදුරන් වැනි සුළු ව්‍යාපාරිකයන් වාහන නැතිකමින් පීඩා විඳිති. පසුගිය කාලයේ ඔවුන් බොහෝදෙනෙකු ආදායම් නොමැතිකමින් වාහන විකුණා දැමූහ. දැන් වාහන මිල අනුව වාහන සේල්වලින් එම වාහනම ආපසු මිලදී ගැනීමට අති විශාල ධනයක් අවශ්‍යය. වාහන කුලියට දෙන ස්ථානවල කුලිය සංචාරක සමාගම්වලින් ඔවුන්ට ලබාදෙන කුලියට වඩා ඉහළය. මේ අතර තිබෙන වාහන ද දැන් පරණය.

අපි ලෝක ආර්ථිකයක් සමග බැඳී සිටින්නෙමු. ආනයන, අපනයන දෙකම එහිදී වැදගත්ය. වාහන ආනයනය තහනම් කර පරණ වාහනවලින් සංචාරක කර්මාන්තය කළ නොහැකිය. එසේම, පීසා එකක් හැදුවත් එය හරියට කරන්නට නම් ආනයනික අමුද්‍රව්‍ය අවශ්‍යය. දේශීය පොල්තෙල්වලින්, රම්පෙ කරපිංචාවලින්, ගල් අරක්කුවලින් විදේශ සංචාරකයන්ගේ අවශ්‍යතා සපිරිය නොහැකිය. දේශීය යයි කීවාට තුනපහ ටික හදාගන්නා කොත්තමල්ලි ටික පවා අප ගෙන්වන්නේ පිටරටිනි. ආනයන තහනම මරි මෝඩ වැඩකි. පුළුවන් තරම් ජාති වටිනාකම් අරවා මේවා එකතු කරගෙන අපනයනය කර සල්ලි හම්බ කරගෙන ඉදිකටුවේ සිට සියල්ල දේශීයව නිෂ්පාදනය කරගෙන චූන් එකේ ඉන්න පුළුවන් යයි සිතන ආර්ථික ඔස්තාද්ලා ලංකාවේ වැහි වැහැලාය. එවැන්නන් ලංකාවේ යළි පිබිදෙන සංචාරක කර්මාන්තය මේ මොහොතේ මුහුණදෙන ගැටලු ගැන සොයා බලනවා නම් ඔවුන්ගේ ආර්ථික මූලෝපායේ ගොබ්බකම පහසුවෙන් තේරුම්ගත හැකිවනු ඇත.

අපට සංචාරක කර්මාන්තය අවශ්‍ය නම්, අපි ගෝලීය ආර්ථිකයත් සමග සුබවාදී මනසකින් යුතුව සම්බන්ධ විය යුතුය. අනවශ්‍ය ආනයන වළක්වාගැනීමට නම් අප බුද්ධිමත් විය යුතුය. පාරිභෝජනවාදය වෙනුවට බුද්ධිමත් පාරිභෝජනය ප්‍රවර්ධනය කිරීම දේශපාලනික අරගලයකි. තහනම් කිරීම්වලින් පුරවැසියන් තැනිය නොහැකිය.

මේ අතර, Sunday Times වාර්තාවක් ඇසුරෙන් සටහනක් තබන සමාජ දේශපාලන විචාරක බර්ටි රණවීරගේ මෙසේ පවසයි.

විදේශ ගුවන් සේවා වලට අයත් ගුවන් යානා මෙරටට පැමිණීම අඩු කරන්නට ඉඩ තිබෙන බව වාර්තාවේ ඊට හේතුව වී තිබෙන්නේ මාස කීපයක් තිස්සේ ඔවුන්ට ලංකාව ගෙවිය යුතු ගාස්තු ගෙවා නොතිබීමයි ගාස්තු ගෙවිය යුත්තේ ඩොලර්වලිනි එම ගුවන් යානා මෙරට සිට මගින් සහ භාණ්ඩ එතෙර රටවලට ගෙන යති එසේ ගෙන යන භාණ්ඩ සහ මගින් වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු මෙරට සිටින ඔවුන්ගේ නියෝජිත ආයතන විසින් ගෙවිය යුතු වුවත් ආණ්ඩුව ඩොලර් ලබා නොදෙන බැවින් ලබා දුන් සේවා වෙනුවෙන් මුදල් යැවීමට එම නියෝජිත ආයතනවලට නොහැකි වී තිබේ සතියකට ගමන් වර 12ක් පැමිණි ඇතැම් විදේශ ගුවන් යානා දැන් එය තුනකට අඩු කර තිබෙන බවත් ප්‍රශ්නය වහා නොවිසඳුනහොත් ගුවන් යාන පැමිණීම මුළුමනින්ම නැවත්වීමට ඉඩ ඇති බවත් සඳහන් වේ

1 thought on “සංචාරක කර්මාන්තයට බාධා ගොඩයි

  1. Sancharakayan meratata peminenne ekinekaata saapeksawoo vividaakaara aramunu osseya .
    Videsa vinimaya adu wedi wasayen owho regena ethi .
    Owun mehi sitina kaala paraasaya thula risi paridi viyadam kiriemata ida prasthaa athikala yuthuya . Eya aanduwe wagakiemaki .
    Yamak lebiematanam , yamak kepakala yuthumaya .
    USD rekagannawaayai thappulamin hitiyata palak netha .
    Aanayana siema sancharakayanta ruchi netha .
    Manda owun santhapanayata, awassya boho de , aanayanaya kala yuthuya .
    Ala bathala ka kaa inna owhu mehi nopemine .
    Siyalla damwelaka puruk men bawa olamottala paalakayanta nowetahiema noothana menma anaagatha parapureada awaasanaawaki

Leave a Reply to Sarath warnakulasuriya Cancel reply

Your email address will not be published. Required fields are marked with *.

%d bloggers like this: