පසුපසින් එන නුඹ

අජිත් පැරකුම් ජයසිංහ
ඇයි මේ නුඹ
යන හැමතැන
මා පසුපස
එන්නෙ මෙහෙම?
නුඹ කවුරුද?
මට සතුරුද?
රැකවලෙක්ද?
මමිතුරෙක්ද?
නැතිනම් මා
කරන කියන
සිතනා දේ
ගැනම සොයන
ඔත්තුකාර
හාදයෙක්ද?
රාජකාරි
කාටද නුඹ?
යන යන තැන
නුඹ ඇවිදින්
මුල්ලක සිට
බලාඉඳියි
මට තනි නැහැ
ඇයි නුඹ මේ?
මා හැර ඇයි
යන්න බැරිද?
අතීතයේ
ලිපිගොනුවල
අනාගතේ
වළා අතර
ඔබ මොනවද
ඔය ලියන්නෙ?
ඒ අකුරුද
හද ගැහෙන්නෙ?
හැමතැනකම
ඔබ සිටියා
නොදුටු විලස
මා සිටියා
ඔබ නොසැලී
එහි සිටියා
මාත් මෙහෙම
මෙහි සිටියා
මට මතකයි
විටකදි ඔබ
මට රැවු හැටි
ගෙරවූ හැටි
ඔබ විලියෙන්
මිරිකෙනයුර
නොදුටුව ලෙස
මා සිටි හැටි
හොඳයි මිතුර
ඔව්, මමිතුර
කියන්න මට
කළ යුතු දෙය
මා හරි නම්
ඔබේ තඹය*
මට පෙනෙන්න
අප් කරන්න**
වැරදියි නම්
තොල අඹරා
හිස සලන්න
රණ්ඩු වෙන්න
* සහ ** thumb up හෙවත් අතේ මහපටැඟිල්ල ඔසවා අනුමත කිරීම
Aathmaya siethalayi
Pupuru mathuweya alu yata gini .
Aathmieya bhothayan meni
Apa daminne gini pupuru .
Hemage bhothayan serisarathi nidelle
Kumak karamuda yathadharsaya eyama nam .