Baghdadi

ලංකාවේ අන්තවාදීන්ටත් නායකත්වය දුන් බග්දාදි කවුරු ද?

එක්සත් ජනපද ප්‍රහාරයක් අතරතුර බෝම්බ පුපුරවාගෙන අද මිය ගිය බව සැලකෙන ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්ත සංවිධානයේ නායක අබූ බකර් අල් බග්දාදි උපන්නේ 1971දී ඉරාකයේ ය. පාඩම් කටයුතුවලදී අදක්ෂ වීම හේතුවෙන් අධ්‍යාපනයෙන් විශිෂ්ටත්වයක් නොපෙන්වූ බග්දාදි දුර්වල ඇස් පෙනීම නිසා ඉරාක හමුදා සේවයට පවා තෝරාගත්තේ නැත.

Translations by Creative Content Consultants

පසු කලෙක අල්-කයිඩා ත්‍රස්ත සංවිධානයේ ඉරාක නායකයා වූ ඔහු පසුව එයින් බිඳී ගොස් ඉස්ලාමීය රාජ්‍ය (IS) ත්‍රස්ත සංවිධානය බිහි කළේ ය. සිරියාව ද සම්බන්ධ කරගනිමින් පැරණි ස්වරූපයේ ඉස්ලාමීය කාලිෆ් රාජ්‍යයක් පිහිටවූ බව ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය රාජ්‍යය (ISIS) සංවිධානය 2014දී නිවේදනය කළේ ය.

අල්ලාගත් ඉරාකයේ මොසුල් නගරයේදී පළමු වරට ප්‍රසිද්ධියේ පෙනී සිටිමින් තමන් ලොව ඉස්ලාමීය ජනයාගේ නායක කාලිෆ්වරයා බව ස්වයංව නිවේදනය කළේ ය. ලොව සියලු ඉස්ලාමීය රටවල් එය ප්‍රතික්ෂේප කළ මුත්, මේ කාලිෆ් රාජ්‍යය ලොව පුරා සටන්කාමී ඉස්ලාම් අන්තවාදීන්ට ආකර්ෂනීය විය.

එයින් ලංකාවට සිදු වූ බලපෑමේ තරම කෙතරම් ද යත්, පසුගිය අප්‍රේල් 21 දින පාස්කු ඉරිදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය අල් බග්දාදිගේ නායකත්වය කෙරෙහි භක්තිමත්ව, ඔහු හෝ IS සංවිධානය සමග ඍජු සම්බන්ධයක් පවා නොමැතිව ස්වයංව සිතා ක්‍රියාත්මක කරන ලද proactive ප්‍රහාරයක් ලෙස විග්‍රහ කළ හැකියි. ලංකාවේ ප්‍රහාර දියත් කළ කණ්ඩායම සහ IS හෝ වෙනත් ත්‍රස්ත කණ්ඩායමක් සමග සම්බන්ධයක් පිළිබඳ සාක්ෂි කිසිවක් තවමත් විමර්ශකයන්ට හමු වී නැහැ.

ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බයක් පුපුරුවාගැනීමට නියමිතව සිට පසුව දෙහිවල කුඩා හෝටලයක කාමරයේදී පුපුරුවාගැනීම සිදු කළ අබ්දූල් ලතීෆ් ජමීල් ඔස්ට්‍රේලියාවේදී IS සමග සම්බන්ධකම් ඇති කරගෙන, පසුව බ්‍රිතාන්‍යයට ගොස්, එහි සිට සිරියාව කරා ගොස් IS සමග සම්බන්ධ වන්නට උත්සාහ කර, කිසියම් හේතුවක් නිසා අසාර්ථක වී ආපසු පැමිණි අයෙකි.

තවත් ලාංකිකයන් ගණනාවක් ම සිරියාවට ගොස් IS සංවිධානය සමග එක්ව සිටින බව ද, ඇතැමෙකු මිය ගිය හා ඇතැමෙකු තවමත් සිරියාවේ ජීවත් වන බව වාර්තා වේ.

අයි එස් හා ශ්‍රී ලාංකිකයන් අතර සම්බන්ධතා පිළිබඳ මෙම ලිපියේ කරුණු දැක්වේ. තව්හිද් ජමාද් උන්මන්තක වියරුවේ මුල මැද අග >>

ශ්‍රී ලාංකික ඉස්ලාමීය ත්‍රස්ත නායක සහරාන් ඇතුළු පිරිස බග්දාදි වෙනුවෙන් දිවි පිදීමට ප්‍රතිඥා දෙමින්