Rishad Badiudeen with Chamal Rajapaksa and Kamal Gunarathna

රිෂාඩ්, හකීම් ආණ්ඩුවට එක්වනු ඇත

විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දීමට සලකා බලන බව සමස්ත ලංකා මහජන කෙංග‍්‍රසයේ නායක හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් පැවසූ බව මාධ්‍ය වාර්තා කරයි. ඒ සමගම පරස්පර විරෝධී ලෙස ඔහු පවසන්නේ තමන්ට 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ බහුතරයක් කාරණාවලට එකඟ විය නොහැකි බවයි.

Translations by Creative Content Consultants

මෙය ආණ්ඩුවේ බහුතරයක් මන්ත්‍රීන් හා ඇමතිවරුන් සම්බන්ධයෙන් පමණක් නොව අගමැතිවරයා සම්බන්ධයෙන් වුව සත්‍යයක් විය හැකි තත්වයකි. එහෙත්, කිසිවකු විරුද්ධ නොවන්නට ඉඩ තිබේ. එපමණක් නොව, රිෂාඩ් බදුර්දීන්, රාවුෆ් හකීම් වැනි දේශපාලකයන් තනතුරු, වරප්‍රසාද වෙනුවෙන් 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නට පවා ඉඩ තිබේ.

විරුද්ධ වුවහොත්, තමන්ට පැවැත්මක් නැති වනු ඇතැයි ආණ්ඩුවේ මන්ත්‍රීන් බිය ය. ඒ නිසා, 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තාවකාලික පියවරක් බව ද ස්ථිරව සමස්ත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ම සංශෝධනය කිරීම සඳහා ඉදිරියේදී පියවර ගනු ඇති බව ද ඔවුහු බොරුවට කියති. තව කලක් යනකල් ඔවුන් මෙම රැවටීමට හසු වන බව රඟපානු ඇත.

රිෂාඩ් බදුර්දීන්, චමල් රාජපක්ෂ හා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න වැනි අය සහභාගී වූ උත්සවයකට සහභාගී වී ඔවුන් සමග ඡායාරූපවලට පෙනීසිටීම, කමල් ගුණරත්නට හිටිහැටියේම රිෂාඩ් බදිඋදීන්ගේ ගුණ සිහිවීම, රිෂාඩ් ආණ්ඩුවේ නායකයන් හමුවීම, ඔහුගේ සොහොයුරා පාස්කු ප්‍රහාර සැකයෙන් නිදහස් වීම, විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය දෙන්නට ඔහු සලකා බැලීම යන මේ සිදුවීම් අහඹු දේවල් විය නොහැකිය.

ඔහු පාස්කු ප්‍රහාරයට සම්බන්ධ යයි අපි කිසිදු අවස්ථාවක චෝදනා කළේ නැත. ඒ චෝදනා සියල්ල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ අනුගාමිකයන් විසින් කරන ලද ඒවාය. රිෂාඩ් දක්ෂ දේශපාලනඥයකු නිසා ඔහුගේ සහාය ආණ්ඩුවට ප්‍රයෝජනවත්ය. රිෂාඩ් චමල් හා කමල් අභිභවා උත්සවයේ පාලනය සියතට ගත් ආකාරයෙන් ම ඔහුගේ දක්ෂතාව නිරූපණය වේ. මුඛයෙන් මෙන්ම අධෝ මුඛයෙන් ද කතාකරන්නට ජනාධිපති ගෝඨාභයගේ අනුගාමිකයන්ට හැකිනම් එය ද සුවිශේෂ දක්ෂකමකි.

රාවුෆ් හකීම්ට වාසියක් වෙතොත් ඔහු ද 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය දීමට ඉඩ ඇති බව ඔහුගේ මෑත ප්‍රකාශවලින් ඇඟවේ. 18වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේදී හකීම් විපක්ෂ මන්ත්‍රීවරයකු වූ අතර ඔහු විවාදයේදී එම පනත් කෙටුම්පතට පක්ෂව කතා කළේ විපක්ෂයේ කාලය භාවිතා කරමිනි. ඉන් අනතුරුව, ඔහු පනතට පක්ෂව ඡන්දය දුන් අතර සති කීපයකින් ඔහුට ඒ සඳහා ප්‍රතිලාභ ලෙස කැබිනට් ඇමති ධුරයක් ලැබිණි.

කෙසේ වෙතත්, මුස්ලිම් ජනතාව අතර පදනමක් නැති අලි සබ්‍රි වැන්නන් කර තබාගෙන යනවාට වඩා මුස්ලිම් ජනතාව අතර පදනමක් ගොඩනගාගෙන, මුස්ලිම් ප්‍රජාව දේශපාලන කළමනාකරණය තුළට රැගෙන සංවර්ධනයට හවුල් කරගැනීම ආණ්ඩුවට වාසිදායකය. ආණ්ඩුව සිංහලයන්ගේ පමණක් නොවේ. සුළු ජාතීන්ට ද එය අයිතිය.

ඔවුන් එන්නට කැමතිය. ජනාධිපතිවරයා ඔවුන් ගන්නට කැමතිද?

Translations