ප්‍රගීත් එක්නැලිගොඩට ඇත්තට ම මොකක්ද වුණේ?

සන්ධ්‍යා එක්නැලිගොඩ
2010 ජනවාරි 24 ප්‍රගීත් ගෙදරින් පිටවුණා. “වැඩ වගයක් තියෙනවා. හවස කැලනිය පන්සලේ සරත් ෆොන්සේකා වෙනුවෙන් පිංකමක් තියෙනවා. ඒකටත් සහභාගි වෙලා එන්නම්. හෙට ඉඳන් ඔයාගෙ වැඩවලට උදව් කරන්නම්,” කිව්වා. ඒ තමයි මා අන්තිමට අහපු ඔහුගෙ හඬ.
2009දි ප්‍රගීත් පැහැරගෙන ගිහින් නිදහස් කළාට පස්සෙ අපි ආරක්ෂිත ක්‍රම පාවිච්චි කළා. මම ප්‍රගීත් ගැන සොයා බැලුවා. එදා මං ප්‍රගීත්ට කතා කළාට දුරකථනය විසන්ධි වී තිබුණා.
එදා දවසෙ ප්‍රගීත් පැහැරගෙන ගියේ කවුරුද කියන එක 2015 වෙනකල් ම අභිරහසක්ව තිබුණා. 2015දි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සොයාගත්තා, ප්‍රගීත් පැහැරගෙන ගියේ හමුදා බුද්ධි අංශ පිරිසක් විසින් බව. ගෝඨාභයගෙ අණින් තමයි එය කර තිබෙන්නේ.
දැනට හඳුනාගෙන, අධිකරණයට ඉදිරිපත් කර, ඇප මත නිදහස් කර තිබෙන හමුදා නිලධාරීන් හා ප්‍රගීත් අතර කිසිදු සම්බන්ධයක් තිබුණෙ නැහැ. ඔවුන්ට එසේ කරන්නට හේතුවක් තියෙන්න ඇති. පැහැරගෙන ගොස් කප්පම් ගැනීමට කළා වෙන්න බැහැ. ඔහු දුප්පතෙක්. ප්‍රබල නිලධාරියෙකු එයට අණ කරන්නට ඇති. මෙම සැකකරුවන් දැන් නැවත සේවයේ පිහිටුවා තිබෙනවා.
ඔහු පැහැරගෙන යාමට ප්‍රධාන දේශපාලන හේතුව තමයි රාජපක්ෂලාට විරුද්ධව ලිවීම, ඔවුන්ට අභියෝග කිරීම හා සරත් ෆොන්සේකා වෙනුවෙන් වැඩ කිරීම.
අතුරුදහන් වීමට දවස් කීපයකට පෙර රාජපක්ෂගේ මරණ ලැයිස්තුවේ තමන්ගෙ නම තිබෙන බව කිව්වා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තමන්ගෙ මට්ටමෙන් උපරිම අන්දමින් පරීක්ෂණ කළා. ඔවුන්ට වැඩිපුර තිබුණෙ දුරකථන තොරතුරු වැනි පර්යේෂණ සාක්ෂි.
යහපාලන ආණ්ඩුව බලයට ඒමට මෙම ප්‍රශ්නය පාවිච්චි කළා. මෛත්‍රීපාල සිරිසේන බලයට එන්නට මැතිවරණ වේදිකාවේ විකුණපු මට හෝ මගේ ළමයින්ට හෝ පසුගිය වසර පහ තුළ ඔහු හමුවන්නට අවස්ථාවක් දුන්නෙ නැහැ. ඒත්, අපරාධකරුවන්ට ඒ අවස්ථා ලැබුණා. අගමැති රනිල් වික්‍රමසිංහත් සීතල ප්‍රතිචාරයක් තමයි දැක්වූයේ.
මෙම සැකකරුවන් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ගලගොඩඅත්තේ ඥානසාර හිමි විනිසුරුවරයාට බැනවැදුණා. මා ඒ දෙස බලා සිටින විට මා අසලට පැමිණ “තෝ දැනගනින්. තොගෙ මිනිහා කොටියෙක්. තෝ පල හිඟාකාපිය,” කිව්වා. මට ගහයි කියලා බය වෙලා මා ගිහින් මහේස්ත්‍රාත්තුමාට කිව්වා. පසුව පොලිසියට පැමිණිලි කළා. මේ සම්බන්ධයෙන් වරදකරු වී සිර දඬුවම් ලැබූ ඥානසාර හිමියන්ව ජනාධිපතිවරයා සමාවක් දී නිදහස් කළා.
මෙම සටහන සඳහා උපයෝගී කරගන්නා ලද වීඩියෝව මෙතැනින් නරඹන්න
Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන - TOPnews.LK on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද? - TOPnews.LK on ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018