ලොකු කර බලන්න, ෆොටෝ ගන්න ඇප් එකක්

නිශාන් පෙරේරා, පානදුර
මතුගමදී දුටු විශාල සලබයකුගේ ඡායාරූපයක් ප්‍රජා වෙබ් අඩවියේ සංස්කාරකවරයා විසින් ෆේස්බුක්හි ෂෙයා කර තිබෙනු දැක මෙම සටහන තබන්නට සිතුණා.
අද වන විට ජංගම දුරකථනයෙන් බොහෝ විස්මිත දේ කරන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ලක්ෂ ගණනක් වන විවිධාකාර ඇප් හරහායි. අප හැමදෙනෙකු ම මේ ඇප් ගැන හැමදෙයක් ම දන්නේ නැහැ. ඒ නිසා අප දන්නා තොරතුරු බෙදාහදාගැනීම වැදගත් යයි සිතනවා. සියුම් විස්තර සහිත ඡායාරූපයක් ගන්නට අවශ්‍ය නම් පාවිච්චි කළ හැකි ඇප් එකක් ගැනයි මේ විස්තරය.
කුඩා දෙයක් විශාල කර බැලීමට අපි මැග්නිෆයින් ලෙන්ස් එකක් හෙවත් ලොකු කර බලන කාචයක් භාවිතා කරනවා. ඔබේ ස්මාර්ට් දුරකථනය දැන් ඒ සඳහා භාවිතා කල හැකියි.ඒ සදහා ඔබට cozy magnifier app ඇප් එක දුරකථනයේ ස්ථාපිත කරගත යුතුයි. මේ ඈප් එක භාවිතා කර කුඩා දේ ලොකු කර බැලීමට පමණක් නොවෙයි ඡායාරූප ගත කිරීමටත් පුළුවන්.ඒ වාගේම අන්වීක්ෂයක් ලෙස ක්‍රියා කරවීමටත් හැකියාව තිබෙනවා.
මෙහි විශාලන පරාසය 1.2X සිට 4.2X දක්වා වන අතර එය භාවිතා කරන්නාගේ අවශ්‍යතාවයට සරිලන ලෙස පාලනය කිරීමට පහසුකම් සපයා තිබෙනවා.
අන්වීක්ෂයේ විශාලන පරාසය 4.8X සිට 19.2 Xදක්වා වේ.ගූගල් ප්ලේ ස්ටෝ එකට ගොස් cozy magnifier ලෙස ටයිප් කර සර්ච් කරන්න. එහිදී ලැබෙන ලයිස්තුවේ මුලින්ම magnifier and microscope [cozy] ලෙස දක්වා ඇත්තේ නොමිලේ බාගත කර ගත හැකි ඈප් එකයි. මෙය 4.5MB ඇප් එකකි.


?
මේ ඇප් එකෙන් කරන්නේ digital zooming සහ ඉන් ලැබෙන ඡායාරූපය digitally තිව්ර කිරීම විය යුතුයි. මොනවා කළත් ජංගම දුරකථනයකින් ගන්නා ඡායාරූපයක කොලිටිය රඳා පවතින්නේ එහි කැමරාවේ optical zoom එක මත නොවේද?