CEB

විදුලිබල මණ්ඩලය අල්ලා බැඳ නොගෙන රට සංවර්ධනය කළ නොහැක

අද දින දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම පිළිබඳ කමිටුවක් හරහා විමර්ශනයක් පවත්වා වාර්තාවක් ලබා දෙන ලෙස විදුලිබල ඇමති ඩලස් අලහප්පෙරුම අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරාට නියෝග කර තිබේ.

Translations by Creative Content Consultants

දිවයින පුරා විදුලිය බිඳවැටීම, අලුත්ඇමතිවරයකු අමාත්‍යාංශයට පත් වීමත් සමග ම සිදුවීම සැකයට භාජනය වන කරුණකි. එයට හේතුව පැහැදිලි ය. ලංකා විදුලිබල මණ්ඩලය යනු කූට අරමුණු සහිත වෘත්තිකයන්ගේ ආධිපත්‍යයට නතු වී තිබෙන ආයතනයක් බවට චෝදනා එල්ල වේ.

මෙය කිසියම් කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම්, විදුලිබල පද්ධතිය බිඳවැටීම සමග සිදු වූ ආර්ථික හානියට ද අදාළ කඩාකප්පල්කාරීන් වගකිව යුතු අතර ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු ය. එය කඩාකප්පල්කාරී ක්‍රියාවක් නම්, එවැනි ක්‍රියා නැවත සිදු නොවන්නේ වගකිවයුත්තන්ට එරෙහිව තදින් නීතිය ක්‍රියාත්මක කිරීමෙනි.

මෙය හුදෙක් ම තාක්ෂණික දෝෂයක් නම්, 2015, 2016 වසරවලින් පසුව 2020දී මේ අන්දමින් නැවත වරක් මෙසේ දිවයින පුරා විදුලිය බිඳවැටීම සිදු වන්නේ තාක්ෂණික දෝෂ මගහරවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙනි. එයට ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රධාන ඉංජිනේරුවරුන් වගකිව යුතු ය.

ලංකා විදුලිබල මණ්ඩලය යනු මෙරට දූෂිත ම රාජ්‍ය ආයතන අතරින් එකකි. නිලධාරීන් හා දේශපාලකයන් මෙහි විවිධ අක්‍රමිකතාවලට සම්බන්ධ ය. විදුලිබල මණ්ඩලය දේශපාලකයන් තම හෙංචයියන්ට රැකියා දෙන තැනක් වන අතර, ලංකා විදුලිබල මණ්ඩලයේ රැකියා පසුගිය සමයේ විකුණන ලද බවට ද සැක මතු වේ. මේවා විමර්ශනය කළ යුතු ය.

කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලය විධිමත් නොකර රටේ ආර්ථිකය සංවර්ධනය කළ නොහැකි ය. ලංකා විදුලිබල මණ්ඩලය කොටස් කීපයකට වෙන් කර කළමනාකරණය කිරීමේ යෝජනාවක් පසුගිය සමයේ ඉදිරිපත් වූ අතර ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන්, සිවිල් සංවිධාන සහ විපක්ෂ දේශපාලන පක්ෂ විසින් එය පරාජය කරන ලදී. එහෙත්, ලංකා විදුලිබල මණ්ඩලය විධිමත්, ඵලදායී ආයතනයක් බවට පත් කිරීමේ සැලැස්මක් නම් තවමත් ක්‍රියාවට නැංවී නැත.

Translations