Sri Lanka elephants

2011 සිටි අලි 6000 දැන් කීය ද? සංගණනය සැප්තැම්බරයේ

ශ්‍රී ලංකා රජය දීප ව්‍යාප්ත වන අලි සමීක්ෂණයක් පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.

Sinhala Tamil English Translations and Content Writing
මෙම ගණන් ගැනීම 2019 සැප්තැම්බර් මස 13, 14, 15 දිනවලදී දිවයින පුරා අලි ජීවත් වන බව සැලකෙන සියලු වනෝද්‍යානවලදී පැවැත්වෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි. එම දිනවලදී වනෝද්‍යාන මහජනයා සඳහා වසා තැබේ.

ශ්‍රී ලංකාවේ ප්‍රථම වන අලි සංගණනය 2011 අගෝස්තු මාසයේදී සිදු කරන ලදී. එහිදී වන අලි
5,879 ක් ගණන් ගන්නා ලදී. ඒ අතර පැටවුන් 1,107ක් සිටිය හ. ඇතුන් ද 122ක් හඳුනාගන්නා ලදී.

ශ්‍රී ලංකාවේ දරුණු අලි – මිනිස් ගැටුමක් තිබේ. 2018 වසරේදී පමණක් අලි මිනිස් ගැටුම් නිසා වන අලි 350ක් පමණ මිය ගිය හ.