Mahinda Deshapriya

රජයේ සහනවලට දේශපාලනය එපා; සහනවලින් දේශපාලන ප්‍රවර්ධනයත් එපා – මහින්ද දේශප්‍රිය

ජනතාවට සහන සැලසීමේ කටයුතුවලට දේශපාලකයින් සම්බන්ධ නොවිය යුතු බවක් මැතිවරණ කොමිසන් සභාව කියා නැති මුත්, එමගින් දේශපාලන ප්‍රවර්ධනයන් නොකළ යුතු බව ද,
රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදුකෙරෙන සහන සැලසීමේ වැඩ පිළිවෙලට දේශපාලනඥයින් මැදිහත්වී බලපෑම් නොකළ යුතු බව ද මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

Translations by Creative Content Consultants

කොවිඩ්-19 ආපදාව හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේදී ස්වකීය පක්ෂය/ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය වනසේ ක්‍රියාකීරීමෙන් දේශපාලනඥයින්/ අපේක්ෂකයින් වැළකී සිටිය යුතු බවට මැතිවරණ කොමිසන් සභාව කළ ප්‍රකාශ හා නිකුත් කළ ලිපි පිළිබඳව කරන ලද බරපතල විවේචනය සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් සිදු කර තිබේ. ඒ මහතා එසේ කරන්නේ සිය ෆේස්බුක් ගිනුමේ සටහනක් තබමිනි.

මෙය ව්‍යවස්ථාපිත මැතිවරණ කාලසීමවක් නිසා හා රට ආපදාවකට මුහුණ දී ඇති නිසා මෙවැනි විටක පදනමක් රහිතව මැතිවරණ කොමිසන් සභාව විවේචනය කිරීම අයෝග්‍ය බව ඔහු පෙන්වා දෙයි.

ජනතාවට සහන සැලසීමට දේශපාලනඥයින් සම්බන්ධ නොවිය යුතු බව මැතිවරණ කොමිසන් සභාව කිසි විටෙක කියා නැති බව පෙන්වා දෙන ඒ මහතා, “අප කියා ඇත්තේ මේ ක්‍රියාමාර්ග හරහා දේශපාලනඥයින්/ අපෙක්ෂකයන්, ස්වකීය පක්ෂය හෝ අපේක්ෂකත්වය ප්‍රවර්ධනය නොකළ යුතු බව,” යි පෙන්වා දෙයි.

“එය ඡන්ද විමසීම් කාලයකදී පමණක් නොව ශිෂ්ට රටකදී සාමාන්‍ය තත්වය යටතේ වුවද නොකළ යුතු බවයි අපේ මතය. යහපත් පුරවැසියන් සියලු දෙනාම එයට එකඟ බව අප දන්නවා. අප පෙර සඳහන් ප්‍රකාශ කළේ සහන ලබාදීම හරහා දේශපාලනමය ප්‍රවර්ධන සිදුකරන බවට අපට පැමිණිලි ලැබීම නිසා. එම පැමිණිලිවලින් බොහොමයක් අසත්‍ය ලෙස බැහැර කරන්නට බැහැ. බොහෝ පැමිණිලි එක්තරා පක්ෂයක දේශපාලනඥයින් හා සබැඳිවයි ලැබෙන්නේ. ඒ පැමිණිලි වැඩි සංඛ්‍යාවක්, එම පක්ෂයේම අපේක්ෂකයින් වෙතින් ලැබීම විශේෂිත තත්වයක්,” යි පෙන්වා දෙන ඒ මහතා වැඩිදුරටත් මෙසේ ද පවසයි. “මේ අපේ දැනුම්දිීම් එක් පක්ෂයකට පමණක් අදාළ නැහැ . සෑම පක්ෂයකටම ,කණ්ඩායමකට හා අපේක්ෂකයකුට අදාළ බව කියන්න ඕනෙ. තවත් දෙයක් තමයි රාජ්‍ය දේපළ හරහා ලබාගන්නා ආධාර , විශේෂයෙන්ම, පළාත්පාලන ආයතනවල දේපළ පාලන බලය හිමි ප්‍රධානියාගේ අභිමතය පරිදි තමා කරන දෙයක් සේ පෙන්වමින්, ජනතාවට බෙදා හරිමින් අයුතු වාසියක් ලබා ගැනීම සම්පූර්ණයෙන්ම වැරදියි; අනීතිකයි. තනතුරේ නිල බලය ,දේශපාලනමය බලය භාවිතා කර ආධාර එකතු කර බෙදා දෙමින් තමන්ගේ දේශපාලන ප්‍රවර්ධනය සදහා යොදා ගන්නා බවට ද පැමිණිලි ලැබෙනවා; එයත් වැරදියි.
දේශපාලනඥයින්ට, ජනතාවට ආධාර කරන්න ඕන නම් වඩාත්ම හොද ක්‍රමය තමයි, ඒ ආධාර රාජ්‍ය යන්ත්‍රණය හරහා ලබා දෙන එක. අපේක්ෂකයින් ආධාර දෙන ඡායාරූප, වීඩියෝ ප්‍රදර්ශනය නොකරනව තමයි හොඳ.”

ආධාර දීමටත් වඩා බරපතල දෙයක් වන්නේ රාජ්‍ය යාන්ත්‍රණය හරහා සිදුකෙරෙන සහන සැලසීමේ වැඩ පිළිවෙලට දේශපාලනඥයින් මැදිහත්වී බලපෑම් කිරීම බව ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි. “අප්‍රේල් 06දා අපට සිද්ධවුණා, මේ ලැයිස්තු සැකසීම ගැන නියෝග දීමට ග්‍රාමනිලධාරීන් ස්වකීය නිවසට කැඳවා රැස්වීමක් තැබීමට දේශපාලනඥයකු දැරූ තැතක් වැළැක්වීමට. මැතිවරණ කොමිසන් සභාව ඉල්ලා ඇත්තේ සහන අවශ්‍ය තැනැත්තන් තෝරා ගැනීම සම්පූර්ණයෙන්ම නිර්දේශපාලනිකව කරන්න කියායි. එමෙන්ම සහනාධාර දීම හරහා පක්ෂ අපේක්ෂක ප්‍රවර්ධන නොකරන ලෙසයි,” යි ද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පෙන්වා දෙයි.

Translations