Kavinda Jayawardana

දොස්තර කාවින්ද ජයවර්ධනටත් හෝමෝෆෝබියාව

සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක කාවින්ද ජයවර්ධන වෛද්‍යවරයෙකි. ඔහු එක්සත් ජාතික පක්ෂයේ හිටපු මන්ත්‍රී වෛද්‍ය ජයලත් ජයවර්ධනගේ පුතා ය. රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.

Translations by Creative Content Consultants

ඔහුගේ වෛද්‍ය උපාධිය ලබාගෙන ඇත්තේ ඉන්දියාවේ චෙන්නයිහි ශ්‍රී රාමචන්ද්‍ර වෛද්‍ය විද්‍යාලයෙනි.

ශ්‍රී ලංකාවේ සමරිසි ප්‍රජාවට අයිතිවාසිකම් ලබා දිය යුතු ද යන ප්‍රශ්නය SLVlog විසින් ඔහුගෙන් විමසූ විට ඔහු එය එක හෙළා ප්‍රතික්ෂේප කරයි. එය මෙරටට හරියන්නේ නැති බව ඔහු පවසයි. “මං විශ්වාස කරන්නෙ ඒක මානසික ලෙඩක්. අනෙක, මම කතෝලිකයෙක්. අපේ කතෝලික සභාව මේ දේවල් ප්‍රතික්ෂේප කරනවා. මේවා ඕපන්ලි කතා කළාම තමයි ඒවා බලන කුඩා දරුවො ඔය පිස්සු මරගාත කරන්නෙ. අපේ ඉතිහාසෙ ඕව තිබුණෙ නැහැ. මහාවංශෙ, සෙල්ලිපි කියවලා බලන්න. ඒවයෙ මේ ජරාව තිබුණෙ නැහැ. මොඩර්න් වර්ල්ඩ් එකේ මේ ලෝකය විවෘත කිරීමත් එක්ක එක එක මානසික ආතතිවල ඉන්න පිරිස් ඉන්නවා. එක එක ආසාවල් තියෙන පිරිස් ඉන්නවා. ඒවා නීතිගත කරන්න ඕනැ නැහැ. ඒ මිනිස්සුන්ට ඒ ආසාවල් තියෙනවා නම්, වෙන රටවල්වලට, වෙන පළාත්වලට ගිහින් කාමරයක් ඇතුළෙ කරගන්න එක වෙනම කතාවක්. ලංකාවට ගේනවට මම එකඟ නැහැ. මගෙත් එක්ක වෙන ඕනැ කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන්,” යි ඔහු පවසයි.

එහෙත්, සමලිංගිකත්වය හා වෙනස් ලිංගික අනන්‍යතා පිළිබඳ වෛද්‍ය විද්‍යාත්මක හා සමාජ විද්‍යාත්මක මතය මීට වඩා වෙනස් ය.

ස්ත්‍රී හා පුරුෂ සමලිංගික, ද්විලිංගික, සංක්‍රාන්ති ලිංගික, අන්තර් ලිංගික, ලිංගිකත්වය ප්‍රශ්න කරන හා තවත් ලිංගික අනන්‍යතා රැසක් පවතින බව වර්තමාන පිළිගැනීමයි. ඒවා අස්වාභාවික තත්වයන් ලෙස වර්තමානයේදී සැලකෙන්නේ නැත.

ආර්ජන්ටිනාව, ඕස්ට්‍රේලියාව, ඕස්ට්‍රියාව, බෙල්ජියම, බ්‍රසීලය, කැනඩාව, කොලොම්බියාව, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, ෆ්‍රන්සය, ජර්මනිය, අයිස්ලන්තය, අයර්ලන්තය, ලක්සම්බර්ග්, මෝල්ටාව, මෙක්සිකෝ, නෙදර්ලන්ත, නව සීලන්තය, නෝර්වේ, පෘතුගාලය, දකුණු අෆ්‍රිකාව, ස්පාඤ්ඤය, ස්වීඩනය, එක්සත් රාජධානිය, එක්සත් ජනපදය, උරුගුවේ, තායිවානය සහ කොස්ටාරිකාව යන රටවල් මේ වන විට සමලිංගික විවාහ පවා නීතිගත කර තිබේ.

ශ්‍රී ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 365 වගන්තිය යටතේ සමාන ලිංගිකයන් අතර ලිංගික ක්‍රියා අපරාධ වරදක් ලෙස සලකන අතර එම වරදට අවුරුදු 10 දක්වා සිර දඬුවම් හා දඩ පැනවිය හැකි ය.

1841 අංක 4 දරණ පාදඩ ආඥා පනත (යල් පැන ගිය පනතක් වුවත් තවමත් භාවිතා වේ) යටතේ ප‍්‍රසිද්ධ ස්ථානවල අනිසි හැසිරීම හෝ මහජනයාගේ පිළිකුලට භාජනය වන ආකාරයෙන් හැසිරීම හෝ කිසියම් අයෙකුට අනිසි ලිංගික ක‍්‍රියාවන් උත්සාහ කිරීම වරදක් සේ සැලකේ.

මෙම නීති වෙනස් කරන ලෙස රට තුළ උද්දේශනයක් තිබේ.

ලිංගික සුළුතරයන් සම්බන්ධයෙන් විරුද්ධවාදී අදහස් දරණ අය හැඳින්වෙන්නේ හෝමෝෆෝබියාව ඇති අය ලෙසයි.

Translations