ඌරුජුවා අලියා බීම කම්හලට තර්ජනය කළා ද? ලංකාව Doing Business දර්ශකයේ ඉහළ නොයන්නේ ඇයි?

අජිත් පැරකුම් ජයසිංහ

ලෝක බැංකු කණ්ඩායමේ 2020 ව්‍යාපාර කිරීමේ පහසුව පිළිබඳ දර්ශකයේ රටවල් 190ක් අතරින් ශ්‍රී ලංකාවට හිමි වී තිබෙන්නේ 99වන ස්ථානයයි. අවාසනාවන්ත තත්වය වන්නේ ශ්‍රී ලංකාවට පසුගිය වසර තුළ ඉහළ නගින්නට හැකි වී තිබෙන්නේ එක් පියවරක් පමණක් වීමයි. ලකුණු සංඛ්‍යාව කලින් අවුරුද්දේ ලබාගත් ලකුණුවලට සමාන ය.

Translations by Creative Content Consultants

ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් දකුණු ආසියාවේ ඉන්දියාව 2019ට සාපේක්ෂව77වන ස්ථානයේ සිට 63 දක්වා පැමිණ ද, භූතානය 89වන ස්ථානයේ ද සිටිති. නවසීලන්තය, සිංගප්පූරුව, ඩෙන්මාර්කය, හොංකොං සහ කොරියා ජනරජය පිළිවෙලින් පළමු ස්ථානයේ සිට පස්වෙනි ස්ථානය හිමි වන රටවල් වේ. අවසන් ස්ථාන පහේ සිටින්නේ අවසානයේ සිට පිළිවෙලින් සෝමාලියාව, එරිට්‍රියාව, වෙනිසියුලාව, යේමනය සහ ලිබියාවයි.

ව්‍යාපාරකරණය පහසු කිරීම සම්බන්ධ රාජ්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක වීම අනුව ක්ෂේත්‍ර 11ක දර්ශක අනුව මෙම ලැයිස්තුගත කිරීම සිදු වේ. ඒ අනුව ව්‍යාපාර කිරීම පහසු ම රට

අද අරුණ පුවත්පතේ පළ වන පහත දැක්වෙන වාර්තාව වැනි සිද්ධි ද ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සම්බන්ධයෙන් දැඩි බලපෑමක් කරයි. මෙවැනි වාර්තා පළ කිරීමෙන් අරුණ පුවත්පත ඉටු කරන්නේ තමන් උදව් කරන ජනාධිපතිවරණ අපේක්ෂකවරයා ගෝඨාභය රාජපක්ෂගේ දරදඬු ප්‍රතිපත්ති හා ක්‍රියාමාර්ගවල අවශ්‍යතාව සමාජයට පෙන්වන්නට විය හැකි ය.

මේ සම්බන්ධයෙන් සමාගම හා පොලිසිය රටට පැහැදිලි කළ යුතු ය.

පාතාල කොන්දේසිවලට එකඟ වෙයි: අලියා බීම ඊයේ සිට යළි වැඩ

තිස්ස රවීන්ද්‍ර පෙරේරා, සඳරුවන් පලිහේන

කඩුවෙල පාතාලයේ ඌරුජුවාගේ තර්ජනයක් නිසා නවතා දැමූ රණාල එලිෆන්ට් හවුස් ආයතනයේ අලියා බීම හා අයිස් ක්‍රීම් නිෂ්පාදනය ඊයේ (24 වැනිදා) සිට යළි අරඹා ඇත.

ඒ පාතාල කණ්ඩායම් විසින් දමා තිබූ කොන්දේසි ඉටු කරමින් ඔවුන්ට අයත් ලොරි දෙකක් ප්‍රවාහන අංශයට ගැනීමට බලධාරීන් එකඟ වූ නිසා බව අලියා බීම සමාගමේ සේවකයන් අනාවරණය කළහ.

ඌරුජුවා නමැති කඩුවෙල පාතාලයා විසින් තමාගේ ලොරි දෙකක් එලිෆන්ට් හවුස් ආයතනයේ බීම ප්‍රවාහනයට යෙදවීමට උත්සාහ කර ඇතත්, එය ආයතනය විසින් ප්‍රතික්ෂේප කර තිබිණි. මෙයින් පසුව ඌරුජුවාගේ කණ්ඩායම්වල නියෝග මත පෙරේදා (23 වැනිදා) සිට මෑන්පවර් සේවකයන් හා ලොරිවලට ආයතනය වෙත පැමිණීම තහනම් කර තිබිණි. මේ හේතුවෙන් පෙරේදා (23 වැනිදා) දිනයේ අයිස්ක්‍රීම් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවතා දැමූ අතර බීම නිෂ්පාදනය කිරීමට ඇති ප්‍රධාන යන්ත්‍ර තුනෙන් දෙකක වැඩ නවත්වා දමා තිබුණි.

පෙරේදා (24 වැනිදා) රාත්‍රියේ ස්ථිර සේවකයන් රැගෙන යන වාහනවලටත් පහර දෙන බවට වූ තර්ජනයක් නිසා ආරක්ෂිත ක්‍රියාමාර්ග ගැනීමට සිදුවූ බව රණාල එලිෆන්ට් හවුස් ආයතනයේ නිලධාරියකු පැවසීය.

උද්ගත වූ තත්ත්වය නිසා සේවකයන් දැඩි ලෙස බියට පත්ව තිබෙන බව එම නිලධාරියා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් ආයතනයෙන් කිසිදු පැමිණිල්ලක් නොලැබුණද ඒ ගැන පැමිණිල්ලක් වෙතොත් සොයා බලන බව නුගේගොඩ පොලිස් අධිකාරී ලක්සිරි ගීතාල් අරුණ කළ විමසුමකදී පැවසීය.