Sajith Premadasa and Maithripala Sirisena

ඇල්පිටිය ප්‍රතිඵලයෙන් දිනුම් මෛත්‍රී විතරයි

ඇල්පිටියේ ඡන්ද ප්‍රතිඵලය මෙසේ ය:

1 – ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ 23,372 – ප්‍රතිශතය 57% – (ආසන 17)
2 – එක්සත් ජාතික පක්ෂය 10,113 – 24.5% – (ආසන 7)
3 – එක්සත් ජනතා නිදහස් සන්ධානය – ප්‍රතිශතය 12.5% – 5,273 (ආසන 3)
4 – ජනතා විමුක්ති පෙරමුණ (2) 2,435 – ප්‍රතිශතය 5.9% – (ආසන 2)
5 – ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ 310 – (ආසන 0)

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ ජයග්‍රාහකයා කවුරුද යන්න විග්‍රහ කළ බැලූ විට පෙනෙන්නේ ඒ මෛත්‍රීපාල සිරිසේන නායකත්වය දෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය බවයි. මෙම මැතිවරණයේ ප්‍රතිඵල මත විග්‍රහය සකසා ගන්නේ නම් තමන්ට ද 10%ක පමණ හෝ ඡන්ද පදනමක් ඇති බවට කේවෙල් කිරීමේ හැකියාව මෛත්‍රීපාලට ලැබේ. එහෙත්, එය රට පුරා සාමාන්‍යයක් වන්නේ නැත. ඒ අනුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දැනට ශ්‍රීලනිපය ස්ථානගත කරගෙන තිබෙන පරිදි පැත්තකින් තැබීමට ඉදිරියේදී හැකියාව ලැබෙන්නේ නැත. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ ව්‍යාපාරයට බලපාන බෝම්බයක් අතහැරීමේ හැකියාව මෛත්‍රීපාලට ඕනෑම මොහොතක තිබේ. එසේම, මෛත්‍රීපාල යනු සජිත්ට ඉතා සමීප පුද්ගලයකු බව ද අමතක නොකළ යුතු ය.

Translations by Creative Content Consultants

එක්සත් ජාතික පක්ෂය 2017දී නාම යෝජනා ලබා දෙද්දී රට පුරාම පාහේ පළාත් පාලන ආයතනවලට ඉදිරිපත් කළේ සංවිධායකයාගේ අන්තේවාසිකයන් මිස ප්‍රාදේශීය නායකයන් නොවේ. එයට හේතුව, ඔවුන් එදා සිතා සිටියේ තමන් බලයේ සිටින පක්ෂය නිසා පහසු ජයක් ලැබෙන බවයි. ගම් මට්ටමේ තිබෙන ජාති, ආගම්, කුල වැනි සාධක සලකා බැලීමක් පවා එජාප විසින් ලැයිස්තු සැකසීමේදී කළේ නැත. ඇල්පිටියේ ඇතැම් පීඩිත කුල පදනම් ඇති කොට්ඨාසවල එක්සත් ජාතික පක්ෂය තුන්වන තැනට වැටී ඇත.

එක්සත් ජාතික පක්ෂයේ අතීතයේ රූපා කරුණාතිලක සමග සිටි ප්‍රබලයන් පවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් වීම ඔවුන්ගේ වාසියට ඉවහල් විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මෙම මැතිවරණයේදී ලබාගත හැකි වී තිබෙන ප්‍රතිශතය අනුව, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහාය ඇතුව පවා ඔවුන්ට ජනාධිපතිවරණයකදී 50%ට වැඩි ඡන්ද ප්‍රතිශතයක් දිනාගැනීම දුෂ්කර ය. මෙම ප්‍රතිඵලය අනුව, ජනාධිපතිවරණයේ ජයග්‍රහණය තහවුරු කරගැනීමට නම් ඔවුන් තව සෑහෙන්න උත්සාහ කළ යුතු ය. එක්සත් ජාතික පක්ෂයට පටන් ගන්නට සිදු වී තිබෙන්නේ පසුබෑමකින් ය.

ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ ද කිසිදු ප්‍රගතියක් පෙන්නුම් කර නැත.

ඇල්පිටියේ ඡන්දය කල් යන්නට හේතු වූ නාම යෝජනා ප්‍රතික්ෂේප වූ හා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වාරණ නියෝගයක් ලබාගත් රාජාලියා ලකුණ දරණ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණට ලැබුණු ඡන්ද සංඛ්‍යාව ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ 310ක් පමණි. එකද ආසනයක්වත් දිනාගෙන නැත. මෙවැනි විරෝධතාවලදී කළ යුතුව තිබෙන්නේ ඒවා නිවැරදි කරගැනීමට ඉඩ දීම මිස එම නාමයෝජනා ප්‍රතික්ෂේප කර මහා වියවුල් නිර්මාණය කිරීම නොවේ. ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරන්නට පියවර ගන්න.

මේ ලිපියත් කියවන්න:
ඇල්පිටිය: සුළු හේතු මත නාමයෝජනා ප්‍රතික්ෂේප කිරීම හරි ද?