Kuwait workers struggling to find food

රටින් බැහැර ජීවත් වන හා රැකියා කරන මිලියන් ගණනක් වන ශ්‍රී ලාංකිකයන් අතරින් කීදෙනෙකු මේ වන විට කොවිඩ්-19 හේතුවෙන් මියගොස් තිබේ ද යන්න පිළිබඳ නිල සංඛ්‍යාලේඛන සොයාගැනීමට මේ වන විට හැකියාවක් නැත. සාධාරණ තක්සේරුවක් කර බැලූ විට අවම වශයෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 50ක්වත් මේ වන විට කොරෝනා වයිරසය හේතුවෙන් මිය ගොස් තිබීමට ඉඩ තිබේ.

Translations by Creative Content Consultants

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් අතරින් විශේෂයෙන් ම රැකියා සඳහා විදේශගත වූවන්ගේ ජීවිත සම්බන්ධයෙන් රජය වගකිව යුතු ය. මන්ද, රටට අත්‍යවශ්‍ය වන විදේශ විනිමය ලබාදෙන ප්‍රධාන ම මාර්ගය වන්නේ ඔවුන් වීමයි.

එහෙත්, මව්රටට ආයුබෝවන් කීමේ අරමුණින් රට තුළ කරන්නට පුළුවන් උපාධි පවා රටේ ජාතික ධනය වැය කරමින් විදේශ විශ්වවිද්‍යාලවලින් ලබාගැනීමට උත්සාහ කරන සිසුන් ආපසු සියරට ගෙන ඒමට දක්වන ලද සංදර්ශනාත්මක උනන්දුවට වඩා සම්පූර්ණයෙන් ම පරස්පර ප්‍රතිචාරයක් විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රජය දක්වනු පෙනේ. මෙය ඉතාමත් අසාධාරණ තත්වයකි.

මැද පෙරදිග රටවල සේවය කළ ශ්‍රී ලාංකිකයන් ඇතුළු බොහෝ විදේශ ශ්‍රමිකයන් ඒ රටවල කොවිඩ්-19 රෝගීන් අතරින් බහුතරයයි. සවුදි අරාබියේ මේ වන විට රෝගීන් සංඛ්‍යාව 85,000 ඉක්මවා තිබෙන අතර, මරණ සංඛ්‍යාව 1,000 ඉක්මවා තිබේ.

තම රටවල සේවය සඳහා ගෙන්වා ගන්නා ලද කම්කරුවන්ගේ ජීවිත සම්බන්ධයෙන් මේ රටවල් වගවිය යුතු බව ඇත්ත ය. තමන්ගේ රටවල කම්කරුවන්ට උරුම කර දී තිබෙන අසාධාරණ ශ්‍රම තත්වයන් හේතුවෙන් ඔවුන් අතර රෝගය බහුල ලෙස පැතිරී ගොස් එම කම්කරුවන් බහුතරය මිය යමින් තිබියදී, රෝගීන් ටික ගුවන් යානාවල පටවා ඔවුන් පැමිණි රටවලට තල්ලු කර ඇඟ බේරාගැනීමට ඔවුන් කැමති ය. කුවේටය කළේ එයයි. එයට ඉඩ නොදිය යුතුය.

කටාර් වැඩ කඳවුරක් ඇතුළත දර්ශනයක්

එහෙත්, මේ මිනිසුන් අපේ රටේ ජනතාවයි. මැද පෙරදිග රටවල කොවිඩ්-19 වැළඳී මිය යන මිනිසුන් වැඩි පිරිස ශ්‍රී ලාංකික දිළිඳු කම්කරුවන් වැනි පිරිස් ය.

ඔවුන් අතර රෝගය පැතිරී නොයන පරිදි සමාජ පරතරය පවත්වාගත හැකි පහසුකම් සැපයීමට ශ්‍රී ලංකාව වැනි රටවල් ලෝක සෞඛ්‍ය සංවිධානය හරහා එම රටවල රාජ්‍ය නායකයන්ට බලපෑම් කළ යුතු ය. ශ්‍රී ලංකාවේ රජය එය කරන්නේ ද නැත.

එසේම, ශ්‍රී ලංකාව තුළ රෝගය පැතිරී නොයන අන්දමින්, එම රටවලදී කරන ලද විශ්වසනීය පීසීආර් පරීක්ෂණ වාර්තා හා නිරෝධායන ක්‍රියාමාර්ග මත පදනම්ව ශ්‍රී ලාංකික පුරවැසියන් ආපසු සිය රට රැගෙන ඒම වේගවත කළ යුතු ය.

ඒ සඳහා ඒ රටවල් සමග සාකච්ඡා කළ යුතු ය. එසේ කරනවා ද?

විදෙස්ගත ශ්‍රමිකයන් ආපසු සියරට පැමිණි පසු ඔවුන් නිරෝධායනය කිරීම පිණිස යටිතල පහසුකම් වහා සංවර්ධනය කළ යුතු ය. මේ වන විට එය කරමින් තිබෙනවා ද?

ආහාර ලබාගැනීමට පොරකන කුවේටයේ සංක්‍රමණික ශ්‍රමිකයෝ

සවුදි අරාබියේ දමාම් නගරයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකු සියදිවි නසාගෙන ඇති බව තානාපති ආරංචි මාර්ග වාර්තා කරයි. ඒ අතරින් එක් අයෙකු සියදිවි නසාගෙන තිබෙන්නේ ඔහුගේ නවාතැනේ අසල්වැසියකු කොවිඩ්-19 නිසා මිය යාම හේතුවෙන් ඇති වූ මානසික අවපීඩනයක් හේතුවෙන් බව පෙනේ. අනෙක් තැනැත්තා දීර්ඝ කාලීනව පිළිකා රෝගී තත්වයකින් පීඩා විඳි අයෙකු බව කියැවේ. ඔහුට ලංකාවට ආපසු එන්නට උවමනාව තිබෙන්නට ඇත.

මෙම මරණ දෙක විදෙස්ගත ලාංකික ශ්‍රමිකයන් වර්තමානයේ මුහුණ දී සිටින තත්වය සම්බන්ධයෙන් සංකේතාත්මකව ඉතා වැදගත් ය.

රජය මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක විය යුතු ය. ඒ සඳහා මහජනතාව රජයට බලපෑම් කළ යුතු ය.

කවරයේ ඡායාරූපය කුවේටයේ වර්තමාන දර්ශනයකි.

Translations
ආහාර ලබාගැනීමට පොරකන කුවේටයේ සංක්‍රමණික සේවකයෝ

2 thoughts on “සවුදියේ ලාංකික ශ්‍රමිකයන් සියදිවි නසාගන්න තත්වයක ද?

  1. Kawru unath minissu minissumaya . Un kaankikayoya . Sramikayo rata giye wediyamak soyagena dharidrathawen midiemata ho rata yeame rellataya . Owunge manasata nawa purushartha kaawadinnath athi . Ekko minihagen nidahas vie nawa sihina sebea karagannath viya heka .
    Ae kesea namuth oya vijjumbareadi rajaya leboo videasa vinimayen unta wadaa leboo phala bohomei . Enisaa mea asaranayan genwagena owun vetunu naraa walen suwapath kalayuththe ude rea karana aagamika poojawanta gelapena ayurinya !

  2. Eththo kathi bothi sukathi .
    Diwaakala HORU janathaawata peanna kulal kaa ganithi . Ae asuu dutu NETHTHO thutuwethi .
    Peradineka Kosol raju duthwea yai kiyu sihina sebeavemin pawathi .

Leave comment

Your email address will not be published. Required fields are marked with *.