Officials

සජිත්, රවී, ගයන්ත, අකිල, නවීන්, හරින්, මනෝ, හලීම් ඇමතිවරු වත්කම් ප්‍රකාශ හංගලා

නීතිය අනුව 2018/ 2019 වසර සඳහා වත්කම් බැරකම් ප්‍රකාශ සිදු නොකළ කැබිනට් ඇමතිවරුන් අටදෙනෙකුට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂමට පැමිණිලි කිරීමට ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පියවර ගෙන තිබේ.

Sinhala Tamil English Translations and Content Writing

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පසුගියදා තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ ඇමතිවරුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ ලබාගත්තේ ය.

තොරතුරු දැනගැනීමේ කොමිෂම විසින් අග‍්‍රමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ වත්කම් ප්‍රසිද්ධියට පත් කිරීමට ද නියෝගයක් පනවන ලදී.

මේ අතර, ලංකාවේ දේශපාලන ඉතිහාසය තුළ පළමු වතාවට විවිධ දේශපාලන පක්ෂවලට අයත් හත්දෙනෙකුගෙන් යුත් පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කණ්ඩායමක් සිය වත්කම් හා බැරකම් ප්‍රසිද්ධියට පත් කළ හ. තාරක බාලසූරිය, වාසුදේව නානායක්කාර, එම්.ඒ. සුමන්දිරන්, විදුර වික්‍රමනායක, රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න, රන්ජන් රාමනායක සහ සයිඩ් අලි සහීරි මව්ලානා එම මන්ත්‍රීවරුන් හත්දෙනා ය. ඔවුන්ගේ වත්කම් බැරකම් ප්‍රකාශ මෙතනින් කියවිය හැකි ය.

එහෙත්, ඇමතිවරුන් අටදෙනෙකු නීති ප්‍රකාරව වත්කම්, බැරකම් ප්‍රකාශයට පත් කර නැති බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය පවසයි. එම ඇමතිවරුන් වන්නේ සජිත් ප්‍රේමදාස, ගයන්ත කරුණාතිලක, රවී කරුණානායක, අකිල විරාජ් කාරියවසම්, එම්.එච්.ඒ. හලීම්, මනෝ ගනේෂන්, හරින් ප්‍රනාන්දු සහ නවීන් දිසානායකයි.

1975 අංක 01 දරණ වත්කම් හා බැරකම් ප්‍රකාශන පනත අනුව, කැබිනට් අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් ජනාධිපතිවරයාට ද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් කතානායකවරයාට ද, අමාත්‍යංශ නිලධාරීන් අමාත්‍යංශ ලේකම්වරයාට ද යනාදී වශයෙන් විවිධ ආයතනවල නිලධාරීන් සිය ආයතන ප්‍රධානියාට සිය වත්කම් ප්‍රකාශ සිදු කළ යුතුය.

මෙම වරදට රු. 1000කට නොවැඩි දඩයක් හා/හෝ සිර දඬුවමක් නියම කිරීමට පුළුවන.

මෙම ලිපියත් කියවන්න: මැතිවරණ, වත්කම් බැරකම් ප්‍රකාශ හා වගවීම >>