A hospital in Sri Lanka

ජාතික සෞඛ්‍ය රක්ෂණ යෝජනා ක්‍රමයක් ස්ථාපිත කිරිම ආණ්ඩුවේ මීලඟ ඉලක්කය බව අගමැති රනිල් වික්‍රමසිංහ ජාතික සෞඛ්‍ය පර්යේෂණ සංසදයේ වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට සහභාගී වෙමින් පැවසුවා. අනාගත එක්සත් ජාතික පක්ෂ රජයක් යටතේ මෙම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වීමේ හැකියාවක් තිබෙනවා. එසේම, ඕනෑම දෙයකට විරුද්ධ වීම ප්‍රතිපත්තිය කරගත් ව්‍යාපාරවල විරෝධය මතු වීමත් අපේක්ෂා කළ හැකි තත්වයක්.

Translations by Creative Content Consultants

මොකක්ද මේ ජාතික සෞඛ්‍ය රක්ෂණය? ලංකාවේ අපට මෙය කුමක් ද යන්න තේරුම් ගන්නට අමාරුයි. ජර්මනියේ පදිංචි ශ්‍රී ලාංකිකයකු අපට එය පැහැදිලි කරදුන්නේ මෙසේයි:

ජාතික සෞඛ්‍ය රක්ෂණයක් ක්‍රියාත්මක වන ලෝකයේ බොහෝ දියුණු රටවල වැඩ කරන ජනතාව ලබා ගන්නා වැටුපෙන් යම්කිසි ප්‍රතිශතයක් සෞඛ්‍ය ප්‍රතිකාර සඳහා රක්ෂණ වාරිකය ලෙස කපා ගන්නා අතර ඒ හා සමාන කොටසක් රැකියාව කරන ආයතනය මගින් ද වෙන්මේ කර, මුළු මුදලම රක්ෂණ සමාගමට ගෙවනු ලබනවා. එම පුද්ගලයාගේ සෞඛ්‍ය වියදම් ආවරණය වන්නේ මෙම සෞඛ්‍ය රක්ෂණයෙන්. ප්‍රතිකාර ගැනීමට වෛද්‍යවරයකු හෝ රෝහලක් වෙත ගියවිට ශ්‍රී ලංකාවේ මෙන් අත්තනෝමතික මිළ ගණන් අයකරන්නට බැහැ. රක්ෂණ සමාගම් විසින් ඒ ඒ ප්‍රතිකාර සඳහා නියමිත ගෙවීම් සම්මත කර තිබෙනවා. ෆාමසිවලින් මිළ දී ගන්නා ඖෂධ සඳහා ද සම්මත මිළ ගණන් තිබෙනවා. ඒ අනුවයි රක්ෂණ සමාගම් ගෙවීම් කරන්නේ. වැඩි මිළක් අය කරන්නට සිදුවෙනවා නම් වෛද්‍යවරයාට හෝ රෝහලට රක්ෂණ සමාගමෙන් අනුමැතිය ලබා ගන්නට සිදු වෙනවා.

මේ පිළිබඳ මහාචාර්ය සිරි හෙට්ටිගේ ලංකාදීප පුවත්පතට ලියූ ලිපියක අදහස් දක්වන්නේ මෙසේයි: “අද වනවිට පොදු සෞඛ්‍ය සේවාවේ ඇත්තේ විශාල කඩාවැටීමකි. නිදහස් සෞඛ්‍ය සේවය යැයි කීව ද එහි නිදහස්භාවයේ සීමාව එන්න එන්නම පටුවෙමින් තිබේ. කොහේ හෝ වැටී සිටීමට තැනක් ඇත යන අර්ථයෙන් සෞඛ්‍ය සේවය පවතිද්දී ඇති හැකි මිනිසුන් සෑමවිටම සිය සෞඛ්‍ය අවශ්‍යතා සඳහා යොමුවන්නේ පෞද්ගලික රෝහල් වෙතටය. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආචාර්යවරයකු මීට කදිම යෝජනාවක් වසර කීපයකට පෙර කළේය. ඒ සෑම පවුලකටම නිතර මුණගැසිය හැකි වෛද්‍යවරයකු බිහිකිරීමය. මෙය දියුණු ලෝකයේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළකි. දියුණු රාජ්‍ය විසින් සහතික කරනු ලැබූ තත්ත්වයකි. පුරවැසියන්ට පා ගමනින් යා හැකි දුරකින් වෛද්‍යවරයකු හෝ වෛද්‍ය මධ්‍යස්ථාන පිහිටුවීම එහිදී සිදුවේ. මේවා ලෝකයේ යථාර්ථයක් කළ වැඩපිළිවෙළය.

“මෙම වැඩපිළිවෙළ යටතේ පුරවැසියකු විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමුවන්නේ වෛද්‍ය මධ්‍යස්ථානයේ හෝ සාමාන්‍ය වෛද්‍යවරයාගේ මඟපෙන්වීම හා අනුදැනුම මතය. විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශ ආදිය ද වෛද්‍ය මධ්‍යස්ථානයේ පුරවැසියාට අදාළ ගොනුවේ තැන්පත් කර ඇත. එයින් කියැවෙන්නේ පුරවැසියන්ගේ සෞඛ්‍ය තත්ත්ව හා රෝග ඉතිහාසය ගැන කියැවෙන වාර්තාවක් ඔවුන් අසලම ඇති බවය. මෙය ඉතාම පහසුවෙන් දියත් කළ හැකි ව්‍යාපෘතියකි. ඊට රුපියල් කෝටි ගණන් වැය වෙන්නේ ද නැත. ඒ සඳහා පුහුණු කළ වෛද්‍යවරු මේ රටේ ඕනෑ තරම් සිටිති. ඔවුන්ට දිය යුත්තේ මූලික යටිතල පහසුකම් පමණි. අපට මෙය ග්‍රාමසේවක කොට්ඨාස පදනමින් වුව ආරම්භ කළ හැකිය. උදාහරණයකට ග්‍රාමසේවක කොට්ඨාසයේ පවුල් පන්සීයක් වේ නම් ඔවුන් වෙනුවෙන් වෙනම වෛද්‍යවරයෙක් සිටී. ඔහුට අවශ්‍ය මූලික අවශ්‍යතා සපුරාලිය යුතුය. මේ ආකාරයට රට පුරා ව්‍යාප්ත වූ බිම් මට්ටමේ සෞඛ්‍ය සේවයක් ආරම්භ කරන්නේ කෙසේදැයි අප සාකච්ඡාවට ලක් කළ යුතුය. ඊට සෑම පුරවැසියකුටම ජාතික සෞඛ්‍ය රක්ෂණයක් දෙන ක්‍රමයක් සෑදිය හැකිය. දැන් පවතින ක්‍රමය යටතේ මනුෂ්‍යයෙකු රෝගී වූ විට අන්ත අසරණය. ඔවුන් සිටින්නේ අන්තිමේදී ගොස් ඉස්පිරිතාලයට මිය යන අදහසකිනි. එසේම සෞඛ්‍ය වෛද්‍ය සේවා සියල්ල ඒකාබද්ධ කිරීම ද අත්‍යවශ්‍යය. සැබැවින්ම තර්කානුකූල පදනමකින් කෙරෙන සෞඛ්‍ය සේවා ප්‍රතිසංවිධානයකින් අපට මේ පොදු පෞද්ගලික භේදය පවා වෙනස් කළ හැකිය.” (මූලාශ්‍රය: 2019 පෙබරවාරි 13 ලංකාදීප පුවත්පත)

කැනඩාව සහ ඔස්ටේ‍්‍රලියාව වැනි බටහිර රටවල ව්‍යාප්ත වී ඇති සමාජ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමයෙන් (social health insurance) සැමදෙනාටම එක් ක‍්‍රමයක් යටතේ එක් මට්ටමක ආවරණයක් ලබාදෙන බැවින් සෞඛ්‍ය සේවා පාරිභෝගිකයන්හට සැලකියයුතු බාහිර වියදම් නොමැතිව වඩාත් පරිපූර්ණ සහ සාධාරණ සේවා ආවරණයක් ලබා ගත හැකි බවත්, ග‍්‍රී ලංකාවේ පවත්නා නිදහස් සෞඛ්‍ය පද්ධතියට විකල්පයක් වශයෙන් ප‍්‍රතිපත්ති සම්පාදකයන් යෝජනා කරන්නේ බටහිර රටවල්වල පවතින මේ සමාජ සෞඛ්‍ය රක්ෂණ ක‍්‍රමය බවත්, යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ප‍්‍රජා හා පවුල් වෛද්‍ය දෙපාර්තමේන්තුවට අනුයුක්ත වෛද්‍ය රම්‍යකුමාර් විසින් සම්පාදනය කරන ලද ලිපියක, දිවයින පුවත්පතේ පළ වූ පරිවර්තනයක දැක්වේ. “කොළඹ සෞඛ්‍ය ප‍්‍රතිපත්ති ආයතනය විසින් පළ කර ඇති දත්ත අනුව 2015 දී ග‍්‍රී ලංකාවේ සෞඛ්‍ය වියදම්වලින් 54% ක් පෞද්ගලික මූලාශ‍්‍රවලින් පැමිණ ඇති අතර, එයින් 85% ක්ම රෝගී පාර්ශ්වය විසින් තම පසුම්බියෙන් ගෙවා තිබේ. ඉතිරි 15% අතරින්, සේවායෝජකයන් විසින් 5-8% ක් පමණ දායක වූ අතර රාජ්‍ය නොවන ආයතන විසින් 2-3% අතර ප‍්‍රමාණයක් ආවරණය වී ඇත. ඉතිරි 5% ක ප‍්‍රමාණය සෞඛ්‍ය රක්ෂණයෙන් ආවරණය වී ඇති බව වාර්තා වේ. සෞඛ්‍ය රක්ෂණයෙන් ගෙවනු ලබන කොටස සැලකිය යුතු ලෙස පෙනෙන්නට නොතිබුණද පෞද්ගලික මූල්‍ය සම්පාදනය සඳහා සෞඛ්‍ය රක්ෂණ දායකත්වය 1990 සිට 2015 කාල පරාසය තුළ 1% සිට 5% දක්වා ඉහළ ගොස් ඇති අතර, මෙම 2015 ඇස්තමේන්තුව තවදුරටත් ඉහළ යමින් පවතී.” (මූලාශ්‍රය: 2019 ජනවාරි 13 දිවයින පුවත්පත)

පෞද්ගලික රක්ෂණ සමාගම් විසින් මහජනයා අතර රෝග සම්බන්ධ බිය පතුරුවාහරිමින් සෞඛ්‍ය රක්ෂණය ඔස්සේ අධික ලෙස ලාභ ලබන, මනා නියාමනයකින් තොර, කූට අන්දමින් කටයුතු කරන වෙළඳපොළක් නිර්මාණය කර තිබේ. මෙම සෞඛ්‍ය ආවරණයන් බොහෝ විට වයස්ගත පුද්ගලයන්ට හිමි වන්නේ නැත. එසේම, එමගින් ආවරණය කරනු ලබන රෝග හා ප්‍රතිකාර සඳහා දැඩි සීමාවන් තිබේ. වෙළඳ ප්‍රචාරණයේදී එම කරුණු වසන් කරනු ලැබේ. වෙළඳපොළෙහි තිබෙන සෞඛ්‍ය රක්ෂණයක් ලබාගත්ත ද, සෞඛ්‍ය වියදම් සම්බන්ධ අවදානමට එයින් විසඳුමක් ලැබෙන්නේ නැත.

රජයේ සේවකයන් හා විශ්‍රාමිකයන් සඳහා වන අග්‍රහාර රක්ෂණ ක්‍රමය හා පාසල් සිසුන් සඳහා වන සුරක්ෂා රක්ෂණ ක්‍රමය වැනි රක්ෂණ ක්‍රම සහනදායී වේ. එහෙත්, පාසල් සිසුවකු පළමු වර උසස් පෙළ විභාගය ලියූ සැණින් එම සිසුවාගේ සුරක්ෂා රක්ෂණ ක්‍රමය අවසන් වේ. අග්‍රහාර රක්ෂණයෙන් ආවරණය කරනු ලබන්නේ සමස්ත ජනගහනයෙන් සුළු ප්‍රතිශතයකි.

ජාතික සෞඛ්‍ය රක්ෂණයක් හඳුන්වා දීමේදී සැලකිය යුතු තවත් කාරණයක් වන්නේ රක්ෂණය සඳහා අවශ්‍ය ගෙවීම් කරගත නොහැකි දිළිඳු ජනකොටස්වල ආවරණයයි. ජාතික සෞඛ්‍ය රක්ෂණයකින් කිසිවකු අත නොහැරීම රජයේ වගකීමකි. ඉන්දීය රජය කෝටි 50ක් ජනතාව ආවරණය කරමින් 2018 වසරේ දියත් කළ ආයුෂ්මන් භාරත් රක්ෂණ ක්‍රමයේ අත්දැකීම් මෙහිදී යොදාගත හැකියි. එය ලොව ලොව විශාලතම රාජ්‍ය සෞඛ්‍ය රක්ෂණය ලෙස සැලකේ.

(Photo credit: World Bank)

4 thoughts on “රනිල් ගෙනෙන බව කියන ජාතික සෞඛ්‍ය රක්ෂණය මොකක් ද?

  1. Adu paadu sakasaa gathyutha honda wedapiliwelaki . Asema siyalu purawesiya aawaranaya viyayuthui . Rata thulata pamina sewaa sapayana videshikayan da athulath kota owunge daayakathwaya aniwaarya kalayutuya . ( Canada weni rataka aaganthukayan daayakathwa karaganna athara sim pathak wuwa illum kiriemedie wuwa eya balapaanu labea .)

  2. ☹️
    මේක එතරම්ම හොඳ ක්‍රමයක් නොවෙයි. රක්ෂණ සමාගම්වල ඉන්න actuaralist ලා තමයි අවසානයේදී ලෙඩාට දිය යුතු බේත් මොනවාද කියන එක තීරණය කරන්නේ

    • ලංකාවේ හිටි දොස්තර නෝනලා ඔස්ට්‍රේලියාවට ගෙනිහින් දැන් එනව අපට කියන්න මෙහෙ හොඳ නරක.
      කලිසමක් ඇඳගෙනද ඉන්නේ.

  3. ලංකාවේ හිටි දොස්තර නෝනලා ඔස්ට්‍රේලියාවට ගෙනිහින් දැන් එනව අපට කියන්න මෙහෙ හොඳ නරක.
    කලිසමක් ඇඳගෙනද ඉන්නේ.

Leave comment

Your email address will not be published. Required fields are marked with *.