පරිස්සමින් විමසිය යුතු ඌවතැන්නේ සුමන හිමි කතා වස්තුව

2010 ජනාධිපතිවරණයට පෙර, ජනවාරි 02 වැනිදා පොලිස් විශේෂ කාර්ය බලකාය සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මාළිගාවත්ත බෝධිරාජාරාම විහාරස්ථානයේ තිබී T 56 ගිනි අවි දෙකක් සහ ජීව උණ්ඩ 210ක් අත්අඩංගුවට ගත්තා.
ඌවතැන්නේ සුමන හිමි, මාවෙලතැන්නේ සුමේධ හිමි සමඟ කරුණා පාර්ශවයේ ආධාරකරුවන් බව කියන ජී. බාලන්, කේ. තමිල් චෙල්වන් සහ සන්දීපන් සුබ‍්‍රමනියම් මේ සම්බන්ධයෙන් චෝදනා ලැබුවා. මාස ගණනක් රිමාන්ඩ් භාරයේ තබාගැනීමෙන් පසු ඔවුන්ට ඇප ලැබුණා.
ඌවතැන්නේ සුමන හිමි ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාගේ ආධාරකරුවෙක්. ඔහු 2015 මහ මැතිවරණයට කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග කළේ සරත් ෆොන්සේකා නායකත්වය දුන් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයෙන්. එහෙත්, එම පක්ෂයට එම මැතිවරණයේදී එකම ආසනයක්වත් දිනාගන්නට ලැබුණේ නැහැ. පසුව එක්සත් ජාතික පක්ෂය සරත් ෆොන්සේකාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලබාදුන්නා.
ඌවතැන්නේ සුමන හිමියන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හා වාසුදේව නානායක්කාරගේ කොළඹ නාගරික නායකයකු වන මහින්ද කහඳගමගේගේ ඇතැම් කටයුතුවලදී ඔහුට එරෙහිව සටන් කළ අයෙක්.
ඌවතැන්නේ සුමන හිමි කලක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ භික්ෂු සංගමයේ ලේකම් ධුරය දැරුවා. 2004දී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුව බලයට පත්කිරීමට හා 2005දී මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් කිරීමටත් ඔහු වැඩ කළා.
ඌවතැන්නේ සුමන හිමි හැර අනෙක් විත්තිකරුවන් තිදෙනාට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට ගෙන නොයන බවට 2018 ජුනි මස 24 වැනිදා නීතීපතිවරයා කළ දැනුම් දීම මත විනිසුරුවරයා ඔවුන් නිදොස් කොට නිදහස් කළා.
නීතිවිරෝධී අන්දමින් ගිනි අවි සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වරදකරු වූ මාළිගාවත්ත බෝධිරාජාරාමාධිපති ඌවතැන්නේ සුමන හිමියන්ට කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළා. ඒ 2020 ජුනි 01දායි. ඒ හිමියන් එම තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට අභියාචනා කර තිබුණා.
ඌවතැන්නේ සුමන හිමියන් හට බන්ධනාගාරය තුළදී ජම්පරය ඇඳීමට සිදුවුණා.
ඌවතැන්නේ සුමන හිමියන්ට පොදු සමාවක් ලබාදෙන ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී ඩයනා ගමගේ ජනාධිපති හා අගමැතිගෙන් ඉල්ලීම් කර තිබුණා. 2021 ජනවාරි 03දා ඌවතැන්නේ සුමන හිමියන්ට ජනාධිපති සමාව හිමිවුණේ ඒ අනුව යයි කියනවා. ඩයනා ගමගේ සජිත් ප්‍රේමදාස නායකත්වය දෙන සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක වුණත්, ඇය 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී ආණ්ඩුවට පක්ෂව ඡන්දය දුන්නා.
මෙම කතාව මෙතැනින් අවසන් නොවන බව අපගේ විශ්වාසයයි. මෙම භික්ෂුවට සමාව දී තිබෙන හදිසිය කෙතරම් ද යත්, ඔහු විසින් අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබුණු පෙත්සම ද ඉවත් කරගන්නැයි කොන්දේසියක් පැනවූවා.
මෙහි ඊළඟ පියවර හිරු රූපවාහිනිය අයත් රෙනෝ සිල්වාගේ සහෝදරයා වන, මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ඔහුගේ වෘත්තීය සමිති කටයුතු පිළිබඳ උපදේශක භාරත ලක්ෂ්මන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට ලක්ව සිටින දුමින්ද සිල්වා නිදහස් කිරීම යයි බොහෝ අය විශ්වාස කරනවා. ඒ වෙනුවෙන් විරුද්ධ පක්ෂයේ විරෝධය කල්තබා සමනය කිරීමට මෙම පියවර ගත් බව විශ්ලේෂකයන් පවසනවා.
Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018