තෙල් නැවේ ගින්න තවම නිවා නැහැ; පාලනය කරලා. අවදානම අඩු වෙලා (ඡායාරූප)

ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ හා ශ්‍රී ලංකා නාවික හමුදාවේ ඒකාබද්ධ මෙහෙයුමකින් මේ වන විට ශ්‍රී ලංකාවට නැගෙනහිර මුහුදේ ගිනිගනිමින් තිබූ MT New Diamond තෙල් නැවේ ගින්න පාලනය කර එය නොගැඹුරු ශ්‍රී ලංකා වෙරළ දෙසට පාවී ඒම වළක්වා ඇති බව වාර්තා වේ. තෙල් කාන්දු වීම් මේ දක්වා වාර්තා වී නැත.
ඒ අනුව, එය ALP Winger නම් ටග් යාත්‍රාවක් මගින් ඇදගෙන ගැඹුරු මුහුද දෙසට ඇදගෙන යමින් තිබේ. මෙම සටහන තබන මොහොතට පැය දෙකකට පමණ පෙර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වාර්තා කර තිබුණේ නැව ශ්‍රී ලංකාවේ වෙරළෙන් නාවික සැතපුම් 35ක් දුරින් ඇති බවයි.
ඉන්දීය වෙරළාරක්ෂක බලකාය වාර්තා කර තිබුණේ ගින්න අඩු වී ඇති බවයි. තවමත් ගිනි නිවීම් කටයුතු කරමින් තිබෙන අතර, තෙල් කාන්දුවක් සිදු වී නැත. මෙම මෙහෙයුම සඳහා ගිනිගන්නා නැවේ මාස්ටර්වරයා ද සහභාගි කරගෙන තිබේ.
තෙල් කාන්දුවක් සිදු වුවහොත්, අවශ්‍ය ආරක්ෂණ ක්‍රියාමාර්ග ගැනීම සඳහා ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ Shaurya, Ameya, Abheek නෞකා හා Dornier යානා දෙකක් යොදවා තිබේ. එම ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක වන්නේ මත්තල සිටයි. Ravana, සහ Visabha නම් ටග් යාත්‍රා දෙකක් ද ගිනි නිවීමේ මෙහෙයුමට යොදවා ඇති බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පවසයි.
නැව අයිති සමාගමේ යාත්‍රාවක් සහ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නැව් දෙකක් ද මෙහෙයුමට සහභාගි වන බව ෂින්හුවානෙට් වාර්තා කර තිබිණි.
ඉහළ ඡායාරූපයේ ඇත්තේ ඉන්දීය වෙරළාරක්ෂක බලකායේ නිලධාරීන් ගිනි ගන්නා නැව ටග් යාත්‍රාවට සම්බන්ධ කරන ආකාරයයි.
MT New Diamond බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ගිනි ඇවිලුණු පසුපස වම් පැත්තේ ජල තලයට මීටර් 10ක් ඉහළින් මීටර් දෙකක පමණ පැල්මක් දකින්නට ලැබෙන බව ඉන්දීය වෙරළාරක්ෂක බලකාය පවසයි.
(ඡායාරූප ඉන්දීය වෙරළාරක්ෂක බලකායෙන් හා ශ්‍රී ලංකා නාවික හමුදාවෙනි.)


Wedea hondata yanawa . Ginna paalane korapu eka vismithai . Ginna nashtawatama niwanta hekiwunath , wenath boho gini niwnaa se sathuthuwana athara hadawath thula perani gini pulingu samaharunge sith thula pibidena bawa denenne owun prasuothakarana kalaakruthi nisai !