කොවිඩ්-19 නිසා රැකියා කෝටි දෙකහමාරක් දක්වා අහිමි වේවි – ජාත්‍යන්තර කම්කරු සංවිධානය

කොවිඩ්-19 ගෝලීය වසංගතයෙහි ප්‍රතිඵලයක් ලෙස ලොව පුරා ලක්ෂ 50ත් කෝටි දෙකහමාරක් අතර රැකියා අහිමි වනු ඇති බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය දළ ඇස්තමේන්තුවක් කරමින් පවසයි.
එහෙත්, 2008-2009 ගෝලීය මුල්‍ය අර්බුදය හමුවේ කළ පරිද්දෙන් ජාත්‍යන්තර වශයෙන් සම්බන්ධීකරණය කරන ලද ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ගතහොත් රැකියා අහිමි වීම අඩු කරගත හැකි බව ද ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි. එහිදී ද දෙකෝටි විසිලක්ෂයක් රැකියා අහිමි විය.
රැකියා අහිමි වීමට අමතරව, ඌන රැකියා නියුක්තිය හා රැකියා සඳහා ගෙවන වැටුප් පහත වැටීම ද අපේක්ෂා කෙරේ.
තරුණයන්, කාන්තාවන් සහ වැඩිමහළු ජනයා ද සංක්‍රමණික කම්කරුවන් ද මෙම තත්වය හමුවේ වැඩි අවදානමකට මුහුණ දෙනු ඇත.
හානිය අවම කරගැනීමට නම්, සේවකයන්, සේවායෝජකයන් හා ඔවුන්ගේ නියෝජිතයන් සම්බන්ධ කරගනිමින් සමාජ සංවාදයක් සිදු විය යුතු බව ද, ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මහජන විශ්වාසය හා සහයෝගය ඇති කරගැනීම සඳහා එය ඉතා වැදගත් වන බව ද ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි. එසේම, අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගනු ලබන ක්‍රියාමාර්ගවලදී ජාත්‍යන්තර ශ්‍රම ප්‍රමිති අනුගමනය කිරීමෙන් ඒවා සාධාරණ සහ තිරසර කරගැනීමට හැකි වන බව ද ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ අදහසයි.
ඒ සඳහා සේවා ස්ථානයේ සේවකයන් ආරක්ෂා කරගැනීම, රැකියා සහ ආර්ථිකය උත්තේජනය කිරීම සහ රැකියාවලට සහ ආදායම්වලට සහාය සැපයීම කරන්නැයි ජාත්‍යන්තර කම්කරු සංවිධානය එහි සාමාජික රාජ්‍යවලින් ඉල්ලා සිටියි.
කෙටි සේවා කාලයන්, වැටුප් සහිත නිවාඩු වැනි රැකියා රැකගැනීමේ ක්‍රියාමාර්ග, මුල්‍ය හා බදු සහන සහ සමාජ ආරක්ෂණය පුළුල් කිරීම වැනි ක්‍රියාමාර්ග ඒ අතර තිබිය යුතු ය. ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට ද මෙම පහසුකම් සැපයිය යුතු බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි. එසේම, විශේෂිත ආර්ථික අංශ සම්බන්ධයෙන් විශේෂ මුල්‍ය ප්‍රතිපත්ති සම්පාදනය කළ යුතු බව ද, ණය හා ආධාර ලබා දිය යුතු බව ද ජාත්‍යන්තර කම්කරු සංවිධානය පෙන්වා දෙයි.
කොවිඩ්-19 හේතුවෙන් 2020 වසර අවසානය වන විට ඩොලර් බිලියන 860 සිට ට්‍රිලියන 3.4ක් දක්වා ආදායම් අහිමි වන බව ජාත්‍යන්තර කම්කරු සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙයි.
Liberal artha kramaya osse Kaamasukallieya giewanaya paramasharshayata himinsieruwata yomukaranalada Athi Heki ho Nethi Beri maanawa samoohayanta , kalak yanathuru Coronawen pasu awadiya visaala maanasika piedanayak dennak wanu atha . Ema awadiya kese ho balaya allagena sitina lowa kawara Aanduwakata eyama Dekona vilakkuwak wanu atha . Samahara vita Balaya Kotiwalge allagath asaranayaata nodewani viya heka !