කොරෝනා වයිරස් මිථ්‍යාව හා ඇත්ත

ඕස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආසාදන රෝග විශේෂඥ, සහකාර මහාචාර්ය සංජය සේනානායක සමග කැන්බරා රූපවාහිනියක් විසින් පවත්වන ලද සම්මුඛ සාකච්ඡාවක සංක්ෂිප්ත පරිවර්තනය
කොරෝනා වයිරසය කියන්නෙ මොකක් ද?
කොරෝනා වයිරස් කියන්නෙ සාමාන්‍යයෙන් සතුන් තුළ හමු වන වයිරසයක්. එය මානවයන් වෙත පැනලා තියෙනවා. මේ අලුත් කොරෝනා වයිරසය සමග මිනිසුන්ට බලපාන වයිරස් හතක් තිබෙනවා. ඒවායින් හතරක් ප්‍රධානයි.
මේක ආවෙ කොහෙන් ද?
එහි ජාන සංයුතිය අනුව පෙනෙන්නේ එය වවුලන්ගෙන ඇරඹුණු බවයි. අතරමැදි සතෙකු හරහා මිනිසා වෙත එන්නට ඇති.
රෝග ලක්ෂණ මොනවා ද?
මෙය වැළඳෙන 80%කට තිබෙන්නේ මෘදු ආසාදනයක්. සුලබ රෝග ලක්ෂණ වන්නේ, උණ, කැස්ස, හතිය, මාංශ පේශි වේදනාව සහ උගුරේ වේදනාව. ඇතැමෙකුට පාචනයත් ඇති වෙනවා. සාමාන්‍ය ඉන්ෆ්ලුවන්සාවලින් වෙන් කර හඳුනාගැනීම තරමක් අමාරුයි.
එය පැතිරෙන්නෙ කොහොම ද?
හරියටම දන්නේ නැහැ. වෙනත් කොරෝනා වයිරස් වගේ ම මිනිසුන් කිවිසීමෙන් පිටවන බිංදු පොඩිතිවලින් සහ වයිරසය සහිත අත් ඇල්ලීම වැනි දෙයින්.
එය මතුපිටක කොයි තරම් වේලාවක් තිබෙන්නට පුළුවන් ද?
අපි මේ කොරෝනා වයිරසය ගැන හරි පිළිතුරු දන්නේ නැහැ. ඒත්, සාර්ස් වැනි අනෙකුත් කොරෝනා වයිරස්වල ලක්ෂණ අනුව, අඩු උෂණත්වයන් තුළ, තද මතුපිටවල ඇතැම් විට දින කීපයක් එයට පවතින්නට පුළුවන්.
ප්‍රතිකාර මොනවා ද?
අනුමත කළ කිසිවක් නැහැ. ඒත්, එච්අයිවී, මැලේරියා වැනි වෙනත් ආසාදනවලට භාවිතා වන ඖෂධ චීනයේ එහෙම සාර්ථක ලෙස භාවිතා කර තිබෙනවා. පරීක්ෂණ මට්ටමේ සාර්ථකත්වයක් පෙන්වන ඖෂධ තිබෙනවා.
වැඩිපුර ම අවදානමට ලක්වන්නේ කවුරු ද?
වැඩිපුර ම වයස අවුරුදු 60ට වැඩි අය , ශ්වසන ආබාධ, දියවැඩියාව, අධි රුධිර පීඩනය වැනි සෞඛ්‍ය ගැටලු ඇති අය. ගැහැණුන්ට වඩා පිරිමින් ආසාදනයට ගොදුරු වෙනවා. පිරිමින් අතර බෝ නොවන රෝග ව්‍යාප්තිය වැඩි වීම හා ගැහැණුන්ගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය වඩා ශක්තිමත් වීම එයට හේතු විය හැකියි.
ආසාදනයට ගොදුරු වීම වළක්වා ගත හැක්කේ කෙසේ ද?
විශාල රැස්වීම් මගහරින්න (දැනට ඕස්ට්‍රේලියාවේ එහෙම අවශ්‍යතාවක් නැහැ. කළ යුතු නම් රජය උපදෙස් දෙයි). නිතර අත් සෝදන්න.
අප අතට අත දීම සිපගැනීම එහෙම නැවැත්විය යුතු ද?
එහෙම වෙන්නට පුළුවන්. ඒ පිළිබඳ මා තවම හරියට දන්නෙ නැහැ.
මුහුණු ආවරණවලින් කොරෝනා වයිරසයෙන් ආරක්ෂා වෙන්නට පුළුවන් ද?
රෝහල්වල සහ නිවෙස්වල රෝගීන් බලාගන්නා විට එය ඇත්ත. මිනිසුන් අතරට යන විට එසේ පුළුවන් යයි සිතීම බොරුවක්.
ප්‍රතිජීවකවලින් මෙයට ප්‍රතිකාර කරන්නට පුළුවන් ද?
බැහැ. ඒවා තිබෙන්නේ බැක්ටීරියාවලට මිස වයිරසවලට නෙමෙයි.
ලියුම්, පාර්සල් ආදියෙන් ආසාදනය ව්‍යාප්ත වෙන්නට පුළුවන් ද?
නැහැ.
සුරතල් සතුන්ගෙන් මෙය ආසාදනය වන්නට පුළුවන් ද?
නැහැ. ඒත්, මෙයත් කිව යුතුයි. හොංකොංහි කොරෝනා වයිරස් ආසාදිත පුද්ගලයකුගේ නිවසේ බල්ලාටත් කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව හෙළි වුණා. එය කෙසේ සිදු වුණා ද යන්න තවම දන්නේ නැහැ.
උණුසුම නිසා කොරෝනා වයිරසය විනාශ වෙනවා ද?
ඇත්ත. වෙනත් කොරෝනා වයිරස වගේ ම තමයි. සෙල්සියස් අංශක 70ක ඉවුම් උෂ්ණත්වයේදී එය විනාශ වෙනවා.
Related News
3 thoughts on “කොරෝනා වයිරස් මිථ්‍යාව හා ඇත්ත”
Leave comment Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- admin on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Ranjith Adikaram on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- Weerasinha on නැගෙනහිර පර්යන්තය හෙවත් බූරුවන්ගේ කොන්ද කඩන පිදුරුගහ
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
- Sarath warnakulasuriya on පවිත්රාට කොවිඩ් වැළඳීම හා දිළිඳු ජනයාට කොවිඩ් වැළඳීම
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Mea scientist niyama thathu niyemeta kiyala thiyenawa . Minisun anduren aalokayata regenayaa yuthuya .
Excellent translation English to Sinhala.
ස්තුතියි