An ISRO employee reacts after the communication and data were lost from the Vikram Lander. Photograph: Jagadeesh Nv/EPA

අපේ අසල්වැසියා, ඥාතියා වන ඉන්දියාව සඳ මත පර්යේෂණ සඳහා සඳේ දකුණු ධ්‍රැව ප්‍රදේශයට ගොඩබැස්වීමට සැලසුම් කළ මිනිසුන් රහිත වික්‍රම් ලෑන්ඩර් යානය සමග සන්නිවේදනය අවසන් මොහොතේ බිඳී යාමෙන් එම යානයට කුමක් සිදු වී ද යන්න සොයාගත නොහැකි තත්වයක් නිර්මාණය වී තිබේ.

Sinhala Tamil English Translations and Content Writing

සන්නිවේදනය බිඳවැටෙන විට යානය චන්ද්‍ර මතුපිටට කිලෝමීටර් 2.1ක් ආසන්න වී තිබිණි.

විද්‍යාඥයන් තවමත් දත්ත විශ්ලේෂණය කරමින් සිටින බව ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සභාපති කේ. සිවන් බෙංගලූරුහිදී නිවේදනය කළේ ය.

වික්‍රම් ලෑන්ඩරයේ තිබෙන ප්‍රාග්යාන් නම් රෝද හයේ රෝවරය සඳේ ධ්‍රැව ප්‍රදේශයේ මතුපිට නිරීක්ෂණය කිරීමට නියමිතව තිබිණි.

මෙම මෙහෙයුම සමීපව නිරීක්ෂණය කළ ඉන්දීය අගමැතිවරයා ඉන්දීය අභ්‍යවකාශ විද්‍යාඥයන් දිරිමත් කළේ ය.

ඉන්දියාව චන්ද්‍රයාන්-2 නම් වූ මෙම අභ්‍යවකාශ ව්‍යාපෘතිය වෙනුවෙන් ඩොලර් මිලියන 140ක් වැය කළේ ය. එය සාර්ථක වී නම් ඉන්දියාව චන්ද්‍රයා මත ගොඩබැස්වීම් කළ ලොව සිව්වන රට වනු ඇත. මේ දක්වා ඒ සඳහා කටයුතු කර තිබෙන්නේ ඇමරිකා එක්සත් ජනපදය, රුසියාව සහ චීනය පමණි.

ඉන්දීය අභ්‍යවකාශ ව්‍යාපෘතියේ දේශපාලනික අරමුණ වන්නේ සුපිරි බලවතකු ලෙස ඉදිරියට පැමිණීමයි. 2022දී අභ්‍යවකාශයට මිනිසුන් තිදෙනෙකු යැවීමට ද ඉන්දියාව සූදානම් වෙමින් සිටියි.

කෙසේ වෙතත්, මෙම අභ්‍යවකාශ මෙහෙයුම් ඉන්දීය තාක්ෂණික සංවර්ධනය සඳහා මහෝපකාරී වෙයි. ඉන්දියාව මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන දරිද්‍රතාව නැතිකිරීම සඳහා දෙ මෙම උන්නතිකාමී තාක්ෂණික සංවර්ධනයන්ගේ ප්‍රතිඵල උපකාරී වෙයි.

NDTV ආයතනයේ විද්‍යා සංස්කාරක පල්ලව බග්ලා පැවසූ පරිදි “ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානය මෙම මෙහෙයුම දක්වා පැමිණියේ දස වසරක කාර්යයන් ඔස්සේ ය. මෙය රොකට් විද්‍යාව නිසා එහි අසාර්ථකවීම් සිදු විය හැකි ය. හැම දෙයක් ම පොතේ තියෙන විදියට සිදුවන්නේ නැත.”

ඡායාරූපය: වික්‍රම් ලෑන්ඩරය සමග සන්නිවේදනය ගිලිහී ගිය අවස්ථාවේ ඉන්දීය අභ්‍යවකාශ පර්යේෂණ සංවිධානයේ සේවිකාවකගේ ප්‍රතිචාරය, Jagadeesh Nv/EPA

Leave comment

Your email address will not be published. Required fields are marked with *.