ඉදිරි මැතිවරණවලදී වාර්ගික ආගමික ආතති දේශපාලන වාසි සඳහා භාවිතා කරන්න එපා – එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර අහමඩ් ෂහීඩ්

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු රජය ඉක්මණින් තත්වය පාලනය කරගත් මුත්, ඇතැම් ආගමික අන්තවාදීන් විසින් පතුරුවනු ලබන වෛරය සහ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් බොහෝ ආගමික ප්‍රජාවන් තම ආරක්ෂාව ගැන දැඩි කණස්සල්ලකින් පසුවන බව ආගම් හෝ විශ්වාසයන්ගේ නිදහස පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර අහමඩ් ෂහීඩ් අද පැවසී ය.
ඔහු මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකාවේ දින 12ක දූත මෙහෙවරක් අවසානයේදී වාර්තාවක් ඉදිරිපත් කරමින් මාධ්‍ය අමතමිනි. මෙම දූත මෙහෙවර අතරතුරදී ඔහු උතුරු, නැගෙනහිර, මධ්‍යම, වයඹ පළාත්වල චාරිකා කරමින් වාර්ගික, ආගමික ප්‍රජාවන් සහ සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් ද හමු වී සාකච්ඡා කළේ ය.
පාලනයකින් තොර මාධ්‍ය විසින් මුස්ලිම් ප්‍රජාව ඉලක්ක කරමින් පතුරුවනු ලබන වෛරී ප්‍රචාරවලට එරෙහිව රජය ක්‍රියාමාර්ග ගත යුතු බව ද එක්සත් ජාතීන්ගේ විශේෂඥවරයා පැවසී ය. දේශපාලන වාසි පිණිස එම මාධ්‍ය වාර්ගික ආගමික ආතතිය අවුලුවන බව ද ඔහු පෙන්වා දුන්නේ ය.
“වෛරය සහ ප්‍රචණ්ඩත්වය ඇවිලවීට එරෙහිව ක්‍රියා කිරීමට රජය අසමත් වීමෙන් අන්තවාදය තීව්‍ර වීමට ඉඩ සැලසෙන අතර එමගින් සාමය ගොඩනැගීමේ ක්‍රියාවලියට බරපතල තර්ජනයක් එල්ල වනු ඇත. වාර්ගික ආගමික ආතති හුදකලා සිදුවීම් ලෙස නොතැකිය යුතු ය. යටිතලයේ පැවති මෙම ආතතික තත්වය සහ එදිරිවාදිත්වය පාස්කු ඉරිදා ප්‍රහාරවලට බොහෝ පෙර සිට පැවතුණා,” යි ද ෂහීඩ් පෙන්වා දුන්නේ ය.
“සියලු ජනතාවන්ගේ හිමිකම් ආරක්ෂා කිරීමටත්, වාර්ගික ආගමික පසුබිම කුමක් වුවත්, වැරදිකරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමටත් ශ්‍රී ලංකාව දැන් ශක්තිමත් ලෙස පියවර ගත යුතුයි.
“මෙහිදී කාන්තාවන් මුහුණ දෙන ප්‍රචණ්ඩත්වය, අවතැන්වීම හා ඔවුන් පිළිබඳ දක්වනු ලබන විශේෂ අගතිය වැළැක්වීමට පියවර ගත යුතුයි.
“විශ්වාසය සහ සාමය ගොඩනැගීමත්, සංහිඳියාවත් වෙනුවෙන් වාර්ගික සහ ආගමික ප්‍රජාවන් අතර තිරසාර සංවාදයක් පවත්වාගෙන යා යුතුයි. මධ්‍යස්ථ හඬට අවස්ථාව දිය යුතුයි. ඔවුන්ගේ ගැටලු වෙත අවධානය යොමු කළ යුතුයි. පීඩාවන් දුරු කළ යුතුයි.
“විවිධ රාජ්‍ය ආයතන සහ සිවිල් සමාජ සංවිධානත්, ආගමික නායකයිනුත් විසින් සංහිඳියාව වෙනුවෙන් සහ සාමකාමී සහජීවනය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් දිරිවඩන මුලපිරුම් කර තිබෙනු මා දුටුවා.
“එහෙත්, ආගම් හෝ විශ්වාසයන් සම්බන්ධ නිදහස යනු හුදෙක් ආගමික ඉවසීම පමණක් නොවෙයි. තමන් පෞද්ගලිකව හෝ ප්‍රසිද්ධියේ විශ්වාස කිරීමට හෝ නොකිරීමට කර තිබෙන තෝරාගැනීම කුමක් වුවත්, සෑම පුද්ගලයකුට ම සමාන ලෙස සැලකීම් ලැබීමට අයිතියක් තිබෙනවා,” යි එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාර අහමඩ් ෂහීඩ් පැවසී ය.
මූලික නිදහස භුක්ති විඳීමට හැකි පරිසරයක් නිර්මානය කිරීම සඳහා රජයෙන් හා අනෙකුත් පාර්ශ්වවලින් ඉල්ලා සිටි එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරවරයා ඉදිරි මැතිවරණවලදී වාර්ගික ආගමික ආතති දේශපාලන වාසි සඳහා භාවිතා නොකරන ලෙස අයැද සිටියේ ය.
එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකාරවරයා විසින් අද දින ශ්‍රී ලංකාව පිළිබඳ ඉදිරිපත් කරන ලද වාර්තාව මෙතැනින් කියවිය හැකි ය>> ඔහු සිය නිගමන සහ නිර්දේශ 2020 මාර්තුවේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සභාව වෙත ඉදිරිපත් කරනු ඇත.
Related News
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන - TOPnews.LK on රජයට බදු ගෙවන්නට යන අයට වෙන වැඩ ඇසුරෙන් රාජ්‍ය අංශය ගැන
- ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද? - TOPnews.LK on ආණ්ඩුව ගොඩගන්න මංගලට පුළුවන්ද?
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018