Shan Wickramasinghe

TNL මහජන දේපල දුරාචාරයේ යොදවලා

ප්‍රදීප් එන්. වීරතුංග

“මාධ්‍ය නිදහසට තර්ජන එල්ල වන්නේ ආණ්ඩුවලින්, හමුදාවලින් විතරක් නෙමෙයි. තමන්ගේ දේශපාලන උවමනාවන් වෙනුවෙන් තමන්ට හිමි රූපවාහිනී නාලිකාව භාවිතා කරන මාධ්‍ය ආයතන හිමිකරුවන් ද මාධ්‍ය නිදහසට තර්ජනයක්”.

Sinhala Tamil English Translations and Content Writing

රූපවාහිනී ප්‍රවෘත්ති ‍ ප්‍රකාශයක අනිවාර්ය අංග ලක්ෂණයක් විය යුත්තේ නිවැරදිබව, සමබව සහ අපක්ෂපාතීබවයි. අදාල රූපවාහිනී ආයතනයේ මතය, නිගමන, ප්‍රවෘත්තිවලට ඇතුළත් නොකළ යුතුයි යන්න ශිෂ්ටසම්පන්න රූපවාහිනී මාධ්‍ය භාවිතය පිළිබඳ ජාත්‍යන්තර ප්‍රමිතියක් (පොදු රාජ්‍ය මණ්ඩලීය ගුවන් විදුලිය සංගමය මාර්ගෝපදේශ, Red Lion Radio නඩුව, එංගලන්තයේ OfCom පනත).

රූපවාහිනී මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන්න විකාශන බලපත්‍රයක් යම් පුද්ගලයෙකුට ලබාදෙන්නේ මාධ්‍ය ආයතනයේ හිමිකරුගේ මතය ප්‍රකාශ කිරීම සඳහා එම රූපවාහිනී මධ්‍යස්ථානය යොදා නොගත යුතුය යන අනිවාර්ය කොන්දේසිය යටතේ. එය සදාචාරය අතින් ද අනිවාර්ය කොන්දේසියක්.

සීමිත සම්පතක් සහ මහජන පොදු දේපලක් වන රූපවාහිනී මධ්‍යස්ථානයක් පටන් ගන්න කෙනෙකුට බලපත්‍රයක් ලැබෙනවා කියන්නේ සමාජයේ අන් අයට නොලැබෙන සුවිශේෂී වරප්‍රසාදයක්. ඒ වරප්‍රසාදය ඔහුට ලබාදෙන්නේ ප්‍රවෘත්ති නිවරදි ව , සමබරව සහ අපක්ෂපාතී ඉදිරිපත් කළ යුතුය යන අනිවාර්ය කොන්දේසිය යටතේ.

ඊයේ (21) සහ පෙරේදා (22) TNL මාධ්‍ය ජාලයේ ප්‍රවෘත්ති සහ පත්තර කියවන වැඩසටහන් එහි හිමිකරු වන ශාන් වික්‍රමසිංහ ගේ දේශපාලන අභිමතයට අනුව වෙනත් මතවලට පහර ගැසීමට අශීලාචාර ලෙස යොදා ගන්නා ආකාරය දක්නට ලැබුණා.

උදාහරණ විදිහට මංගල සමරවීර අමාත්‍යවරයා සම්බන්ධ ප්‍රවෘත්ති අයිතමය දක්වන්න පුළුවන්.

මේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ අන්තර්ගතය තුළ ඒකපාර්ශ්වික මත දැක්වීම්, නිගමන, නිර්දේශ බහුලව දක්නට ලැබුණා. ඉතාම අසීලාචාර ලෙස ප්‍රවෘත්ති මූලධර්ම උල්ලංඝනය කරමින් “23 දා මාතරදී පැවැත්වීමට නියමිත රැස්වීමට සෙනග එන්නේ නැහැ”, “මංගල සමරවීර අමාත්‍යවරයා ආයෙ පාර්ලිමේන්තු යවන්නේ නැහැ”, ආදී TNL රූපවාහිනී ප්‍රවෘත්ති කාමරය තුළ අතේ ගොතන ලද අනාවැකි ඇතුළත් කර තිබුනා. මෙහෙම ප්‍රචාරය කරපු දේවලට කිසිම මූලාශ්‍රයක් තිබුණෙත් නැහැ.

මේ විදිහට රූපවාහිනී මාධ්‍ය සතු සමාජයට බලපෑම් කිරීමේ හැකියාව අවභාවිත කිරීම ‍ ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක්.

ප්‍රවෘත්ති ප්‍රචාරය තුළ මංගල සමරවීර අමාත්‍යවරයා මීට වසර ගණනාවකට කලින් කරපු ප්‍රකාශයක් පිළිබඳ එම ප්‍රකාශයට විරුද්ධ මත දරන, නමක්, ගමක් නැති පුද්ගලයන් සහ හාමුදුරුවරු කිහිප දෙනෙකුගේ අදහස් දැක්වීම් ඇතුළත් කර තිබුනා. මේ කිසිවකට ප්‍රතිචාර දැක්වීමට මංගල සමරවීර අමාත්‍යවරයාට හෝ ඔහුගේ මතය වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයන්ට අවස්ථාව ලබා දී තිබුණේ නැහැ .

මේ රූපවාහිනි නාලිකාවලට පුළුවන් නූතන තාක්ෂණය භාවිතා කරන කරලා, ඕනෑම සිදුවීමක්, දර්ශනයක් රූපරාමුවක්, විකෘති කරන්න, අතිශයෝක්තියට නගන්න, මගහරින්න, බොරුව ඇත්ත බවටත්, ඇත්ත බොරු බවටත් පත්කරන්න. රාමු ගත කිරිම (framing) ලේබල් කිරීම (labeling), Misrepresentation රූපවාහිනී ප්‍රවෘත්තිකරුවන් භාවිතා කරන තවත් ප්‍රයෝග.

මේ කිසිවක් නරඹන්නා දන්නෙ නැහැ. තමන් රූපවාහිනියෙන් අහන දකින දේ, ඇත්තද, බොරුද කියලා පරික්ෂා කරන්න ‍ ක්‍රමයක් නරඹන්නාට නෑ. ඒ නිසා තමා දකින, අහන දේ ඒ විදියටම උරාගන්න ඒකයි නරඹන්නා කරන්නේ. මේ විදියට රූපවාහිනී කරුවන්ට පුළුවන් ඕනෑම සිදුවීමක්, ප්‍රවෘත්තියක් තමන්ට ඕන විදියට කතන්දරයක් විදිහට (Narrate කරන්න) ගොඩනගලා නරඹන්නන් ගොනාට අන්දවන්න.

ඒ නිසා අසාධාරණයට ලක් වන පුද්ගලයන්ට පැමිණිලි කරන්න, සාධාරණය ඉෂ්ට කරගන්න ආයතනයක් නැහැ .

ලංකාව ද සාමාජිකත්වය දරන පොදු රාජ්‍ය මණ්ඩලීය ගුවන්විදුලිය සංගමයේ ‍ ප්‍රවෘත්ති සංස්කරණ මාර්ගෝපදේශවලට (code of practice) අනුව මාධ්‍ය ආයතන තමන්ට අභිමත මතයට පක්ෂග්‍රාහීව කටයුතු නොකළ යුතුයි. බලපත්‍ර හිමියාගේ මතය ඉදිරිපත් කිරීම සඳහා තම රූපවාහිනී නාලිකාව භාවිතා නොකළ යුතුයි.

නරඹන්නාට තීරණයක් ගැනීමට හැකි වන පරිදි සියලු මත සහ අදහස්, කරුණු දිරිපත් කිරීම තමයි රූපවාහිනී මධ්‍යස්ථානයේ භූමිකාව.

මේ විදිහට TNL තම දේශපාලන උවමනාවන් ඉටු කරගන්න කරුණු විකෘති කරමින් මහජන දේපලක් වන රූපවාහිනී මාධ්‍ය බලපත්‍ර අවභාවිතා කිරීම මාධ්‍ය නිදහසට තර්ජනයක්.

TNL ප්‍රචාරය කළ මංගල සමරවීර අමාත්‍යවරයා සම්බන්ධ ප්‍රවෘත්ති අයිතම මෙසේය:

• මංගල සමරවීර මහතා සජිත් ප්‍රේමදාස මහතා වෙනුවෙන් සංවිධානය ලබන 23 වැනිදා මාතරදී සංවිධානය කරන රැලියට රට ජාතියට හා ඒජාපයට ලැදි පාක්ෂිකයන්ටත් නායකයන්ටත් යන්නට නොහැකි බව. 
• බුදු දහමට නිගාකළ මංගල සමරවීර ඉදිරියේදී පාර්ලිමේන්තුවට යැවීමට සුදුසු නැති බව මහා සංඝරත්නය කියති යනුවෙන් පටන් ගන්නා ප්‍රවෘත්තිය සමග සමරවීර මහතා බුදුදහමට නිගාකළ බවට චෝදනා කරමින් භික්ෂුන් වහන්සේලා අතිතයේදී කළ ප්‍රකාශ ගණනාවක් පෙන්වන අතර සමරවීර මහතාට ඒරෙහිව පැවැති විරෝධතාවල පෝස්ටර් බැනර් ආදියද පෙන්වයි. රට ජාතිය ආගම අමතක කළ ද්‍රෝහියා මාතරට එපා- මංගල විදේශිය ජාන කලවම් පුද්ගලයෙක් වැනි වෛරී ප්‍රකාශ ගණනාවක් ජනතා අදහස් වශයෙන් පෙන්වයි.
• ඇමතිවරයා මින් ඉදිරියට පාර්ලිමේන්තු නොයැවිය යුතු යයි භික්ෂුන් වහන්සේලා කරන ප්‍රකාශ ගණනාවක්ද පෙන්වයි.විශේෂත්වය නම් අලුතින් රූගතකළ ප්‍රකාශකයන්ගේ නම් සඳහන් නොකිරීමය.
• ඉන්පසු ජනතාව දක්වන අදහස්ද ‌ෙපන්වයි- ඔවුන්ගේද නම් ගම් නැත. සියලු දෙනාම කියන්නේ මංගල පාර්ලිමේන්තුවට නුසුදුසු අසාර්ථක පුද්ගලයකු බවයි.මෙතෙක් බිහිවූ අසාර්ථකම මුදල් ඇමැති මංගල බවද කියයි.
• මංගල ඇමතිවරයා එජාපය අභ්‍යන්තරයේ ගැටුම් නිර්මාණය කරමින් අගමැති සිහිනයක් දකින බව කියයි.

මේ දෙරණේ චර්යාව:
ජනාධිපතිවරණ ප්‍රචාරණය සඳහා මහජන දේපල අපහරණය ඇරඹේ