buffalos

දිනමිණ නැවතත් ජාතිවාදී වාර්තාකරණයට ද?

යම් අපරාධයක් පිළිබඳ වාර්තා කරද්දී එම අපරාධය සම්බන්ධයෙන් වරදකරුවන් ලෙස සැක කරනු ලබන පුද්ගලයන් සුළු ජාතිකයන් වේ නම් එය විශේෂයෙන් සඳහන් කිරීම මාධ්‍ය නිරීක්ෂකයන් විසින් කාලයක් තිස්සේ පෙන්වා දී තිබෙන ප්‍රාථමික ජාතිවාදී වරදකි.

Translations by Creative Content Consultants

බහුතර ජාතියට අයත් පුද්ගලයන් වරදක් සිදු කළ විට එසේ එම පුද්ගලයාගේ ජාතිය හුවා දැක්වීමක් සාමාන්‍යයෙන් සිදුවන්නේ නැත.

ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව විසින් ගාමිනී ජයලත් අලුත් කර්තෘ ලෙස පත් කර තිබෙන දිනමිණ පුවත්පත මෙම වරද නැවත සිදු කර තිබේ. පොදු අයිතියට යටත් දිනමිණ පුවත්පත මෙම වරද සිදුකිරීම ඉතා නරක තත්වයකි.

හොඳ ක්‍රියාවලදී නම් මේ අන්දමින් ජාතිය මතු කර දැක්වීම වරදක් නැත. පසුගිය මහ වැසි සමයේ එක් පාන්දර යාමයක පොළොන්නරුවේ ගල්ලෑල්ල ප්‍රදේශයේදී බස් රථයක් මගීන් 50කට වැඩි පිරිසක් සමග ගංවතුරට හසු වී, බස්වල ආසන මට්ටම දක්වා වතුර ගලා, ගසාගෙන යාමේ තර්ජනයට ලක් වී තිබියදී, ජීවිත අවදානම් දරාගනිමින් එම බස් රථය වෙත පළමුව පිහිනා ගියේ වැලි ගොඩදැමීම ජීවිකාව ලෙස කරගෙන ගිය මුස්ලිම් තරුණයන් දෙදෙනෙකි. එම තරුණයන් ගැන වාර්තා කරන්නට බොහෝ මාධ්‍යවලට අමතක විය.

මගී ජීවිත අවදානමට ලක්කරමින් ගංවතුර මැදට බස් රිය පැදවූ රියදුරාගේ ජාතිය ගැන සඳහන් නොවුණේ එම පුද්ගලයා මහ ජාතියේ අයෙකු නිසා වන්නට ඇත.

ගැබ්බර මී එළදෙනුන් ඇතුළුව මීගවයන් විශාල ප්‍රමාණයක් නීතිවිරෝධි අන්දමින් කහටගස්දිලිය පොලිස්වසමේ සිට අක්කරයපත්තුව ප්‍රදේශයට මස් පිණිස ප්‍රවාහනය කිරීමට සූදානම්වු මුස්ලිම් ජාතිකයන් පස් දෙනකු මීගවයන් 20 දෙනකු සතුන් ප්‍රවාහනය සඳහා යොදාගත් විශාල ප්‍රමාණයේ ලොරි රථයක් ඇතුළු උපකරණ හා ව්‍යාජ ලේඛණ සමඟ ඊයේ(15දා)අලුයම අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වාර්තාව මෙතනින් >>>

Translations