ජනමාධ්‍යවේදීන් දෙසීයේ ලැයිස්තුව

ආණ්ඩුව විසින් ආණ්ඩුව විවේචනය කරන ජනමාධ්‍යවේදීන් 200කගේ ලැයිස්තුවක් සකසා පොලිසියට භාර දී තිබෙන බව පසුගිය දිනෙක සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිටියාස් බකීර් මාකර් පාර්ලිමේන්තුවේදී පැවසීය.
මේ වන විට ආණ්ඩුව සමාජ මාධ්‍ය පසුපස පැන්නීම ආරම්භ කර තිබේ. ආණ්ඩුව විවේචනය කරන සමාජ මාධ්‍ය බලපෑම්කරුවන්ගෙන් සිදුවන සුළු වැරදිවලදී පවා ඔවුන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කර කරදරයට පත්කරන ආකාරය දැකිය හැකිය.
උදාහරණයක් ලෙස, කොවිඩ්-19 ආසාදිතයන් මහමග වැටී මියයන බවට සමාජ මාධ්‍ය පළකිරීම් සිදුකළ බව කියන පුද්ගලයන් දෙදෙනෙකු දැනට අත්අඩංගුවට ගෙන තිබේ. තවත් 25ක් පමණ අත්අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
සමාජ මාධ්‍ය භාවිතා කරන්නන් අතින් සිදුවන සුළු වැරදි සම්බන්ධයෙන් පළමු වරට දැඩි ලෙස අවවාද කර නිදහස් කිරීමේ හැකියාව තිබියදීත්, පොලිසිය ඒ වෙනුවට පුද්ගලයන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කරනු දක්නට ලැබේ. ඔවුන් රිමාන්ඩ් කරනු ලබන්නේ මේ වන විට නම්, කොරෝනා වසංගතය නිසා පීඩාවට පත් වී තිබෙන බන්ධනාගාරවල වීම ඇත්තෙන්ම දඬුවමකි.
මෙම තත්වය හමුවේ උදාවිය හැකි තත්වයන් පිළිබඳ අවධානය යොමු කරමු. ආණ්ඩුවේ වෛරයට ලක් වූ යම් මාධ්‍යවේදීන් හා සමාජ මාධ්‍ය බලපෑම්කරුවන් පිරිසක් සිටී නම්, ඔවුන්ගේ සුළු වරදකින් හෝ ඔවුන් දඩයම් කිරීම සඳහා පොලිසියට අවස්ථාව ලැබේ. එබැවින් මාධ්‍යවේදීන් මාධ්‍ය භාවිතයේදී ඉතා පරිස්සමින් වැඩකිරීම අවශ්‍යය.
මාධ්‍යවේදීන් ආණ්ඩුවට විරුද්ධ යයි සිතීම ආණ්ඩුවේ බොළඳ ආකල්පයකි. එසේම, මාධ්‍යවේදීන්ද තමන් ආණ්ඩුවට විරුද්ධ විය යුතු යයි සිතන්නේ නම්, එයද බොළඳකමකි. මාධ්‍යවේදීන්ගේ භූමිකාව ආණ්ඩුවට, විපක්ෂයට මෙන්ම පුරවැසියන්ටද ඉතා වැදගත්ය. ආණ්ඩුව එය දිරිගැන්විය යුතුය.
මෙහිදී දෙපාර්ශ්වයේම වගකීම් සහගතබවක් අවශ්‍යය. ආණ්ඩුවේ කටයුතු සේම මාධ්‍යවේදීන්ගේ කටයුතුද වෘත්තිකභාවයකින් යුතුව සිදු විය යුතුය.
මේ අතර, මෙම ප්රශ්නය දෙස බැලිය යුතු තවත් කෝණයක් තිබේ. ලංකාවේ මාධ්‍ය මර්දනයක් තිබෙන බව ප්‍රචාරය වීමෙන් ආණ්ඩුවට සිදුවන්නේ බරපතල අවාසියකි. ආසන්න වශයෙන් ගත් කල මේ වන විට යුරෝපා සංගමය විසින් ශ්‍රී ලංකාවට ලබාදී තිබෙන ජීඑස්පී ප්ලස් බදු සහනය පිළිබඳ ප්‍රශ්නයක් යුරෝපා සංගමය විසින් මතු කර තිබේ.
අනෙක් පැත්තෙන්, පටු අරමුණු වෙනුවෙන්ද ලංකාවේ මාධ්‍ය මර්දනයක් ඇති බව ප්‍රචාරය කිරීම සිදු වේ. ආරක්ෂාව පිළිබඳ ප්‍රශ්න මතුකර බටහිර රටවලට පලායාම මෙවැනි පටු අරමුණු සඳහා උදාහරණයකි. පසුගිය කාලයේදී මාධ්‍යකරුවන් ලෙස පෙනී සිටි පිරිස් විසින් මෙම තත්වය අපහරණය කිරීම නිසා අනවශ්‍ය ප්‍රශ්න නිර්මාණය විය.
ඉමිතියාස් බාකීර් මාකර් කියූ කතාව ඇත්තක්ද නැද්ද යන්න අප දන්නේ නැත. එහෙත්, ආණ්ඩුවේ චර්යාව පිළිබඳ විශ්වාසයක් නොමැති තත්වය තුළ මේ ලියන මාත්, කියවන ඔබත් ඔවුන්ගේ ඉලක්කයක් වන්නේ නම් පුදුමයක් නොවේ.
Related News
2 thoughts on “ජනමාධ්‍යවේදීන් දෙසීයේ ලැයිස්තුව”
Leave a Reply to Sarath warnakulasuriya Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Maadya nidahasa yanu prajathantrika samajayaka moolika meheyumaki . Eya awabhaavitha nokalayuthu menma , aanduwada janathawada ae bawa pasak karagatha viyayuthuya .
Hebai , apa jiewathwenne prajathanthrika awakaasayadei gemburinma wataha gaththoth anawasya karadara walin bearie pewathiya heka . Nethinam :
Gora sathungen wasanvie mahawana meda piya nangana ” JURASIK PARK ” hei vidhyarthiya hamuwana lassanata gie gayana piyakaru kurulla wetha nobiyawa lanwoovita siduwoo vinnehiya wennak obatath matath siduviyaheka !