Hiroshima Park public toilet

වල කක්කුස්සියට ආපසු අප ගෙන යන ආණ්ඩුව

ආණ්ඩුවට හිතවත් ධම්මික පෙරේරා වැනි ව්‍යාපාරිකයන්ට වාසි වන පරිදි ටයිල් හා නිවාසවල සනීපාරක්ෂක භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මේ වන විට ලංකාවේ මිනිසුන්ට වැසිකිලියක් හදාගන්නට බැරි තත්වයක් ආණ්ඩුව විසින් නිර්මාණය කර තිබේ.

ධම්මික පෙරේරාගේ කොම්පැනියෙන් මුදල් ගෙවා ටයිල් හා කොමෝඩ් ආදිය ඇණැවුම් කර කවදා හෝ උන්ට පුළුවන් දවසක ඒවා දෙන තෙක් මළපහ නොකර බලාසිටීමට මේ රටේ අමාරුවෙන් ගෙයක් හදාගන්නා ජනතාවට සිදුවී තිබේ.

ආණ්ඩුව මිනිසුන්ට වැසිකිළි යන්නට තිබෙන නිදහස පවා අහෝසි කරමින් සිටින බව පෙනේ.

කොකුපණු රෝගය හැත්තෑවේ දශකයේදීත් ලංකාවේ බරපතල ප්‍රශ්නයක් විය. කොකුපණු රෝගය බෝවුණේ තැන තැන මළපහ කිරීමෙන් හා වෙනත් වැරදි සනීපාරක්ෂක පුරුදුවලිනි. ලංකාවේ සමාජය තිස්බඹේ ගල් උඩ රෙන සංස්කෘතියේ සිට ගෙට දුරින් පිහිටි වල කක්කුස්සිය, ජල මුද්‍රිත වැසිකිළිය හරහා ගෙට ඈඳන ලද තෙත බාත්රූම් සංස්කෘතියට සංවර්ධනය විය. එහි ද මූලධාර්මික ගැටලු ඇති බව අපි දැන් හඳුනාගනිමින් සිටිමු. දැන් ලාංකීය සමාජය වියළි වැසිකිළි සංස්කෘතියට මාරුවෙමින් තිබේ. වඩා හොඳ සනීපාරක්ෂක පුරුදු සමාජය තුළ ස්ථාපිත වීම සැබෑ සමාජ පෙරළියක පදනමකි.

වර්තමාන ආණ්ඩුව ආපසු අප ගෙනයමින් තිබෙන්නෙ වල කක්කුස්සිය දෙසට බව පෙනේ.

මේ වන විට නානකාමර කට්ටල මිල දෙගුණයකින් පමණ ඉහළ නංවා කළුකඩ මිලට විකිණීමට ක්ෂේත්‍රයේ ඒකාධිකාරයන් පිහිටුවාගෙන තිබෙන රොසෙල්, ලංකා ටයිල් වැනි කොම්පැනි සමත් වී තිබේ.

ටයිල් ආනයන ව්‍යාපාර වැසී ගොසිනි. ටයිල් ඇතිරීම, මේසන් වැඩ ආදී රැකියාවල නියුතු වුණ ලක්ෂයකට අධික යයි සැලකෙන පුද්ගලයන්ට රැකියා අහිමි වීමේ තර්ජනයක් පවා මතු වී තිබේ.

ලංකාවට අවශ්‍ය ටයිල්වලින් මෙරට නිෂ්පාදනය කරනු ලැබුවේ 45%ක් පමණක් බවත්, ඒවා නිෂ්පාදනය කිරීමට අවශ්‍ය අමුද්‍රව්‍යවලින් 55%ක් පමණ ආනයනය කරන ලද බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පාර්ලිමේන්තුවේදී පෙන්වාදුන්නේය. ආනයනික ටයිල්වලට 100%ක් බදු පනවා තිබුණ නමුත් ආනයනික ටයිල් හේතුවෙන් වෙළඳපොළ මිල ස්ථාවර විය.

ඡායාරූප ජපානයේ හිරෝෂිමා උද්‍යානයේ කඩදාසි කොකුන්ගේ හැඩය අනුව තැනූ පොදු වැසිකිළි

අපේ රටේ ආණ්ඩු සනීපාරක්ෂාව සුඛෝපභෝගී දෙයක් ලෙස සලකා අධික ලෙස බදු පනවද්දී, ලෝකයේ රටවල් වැසිකිළි ගැන සිතන නවීන ආකාරය දැනගැනීම සඳහා මෙම ලිපිය බලන්න. ඒ 2014 ඒවා බව ද දැනගන්න. අප සිටින්නේ කෙතරම් පසුපසින්ද? THE WORLD’S 10 BEST PUBLIC TOILETS FOR 2014

සනීපාරක්ෂාව ආණ්ඩුව කුමක් සිතුවත්, පුරවැසියන් ලෙස අප ඒ ගැන සංවේදී විය යුතුය. සනීපාරක්ෂාව පිළිබඳ අනගි පාඩමක් පහත දැක්වෙන රූපයෙහි දැක්වේ. පොදු වැසිකිළි පමණක් නොව, ගෘහස්ථ වැසිකිළි පාවිච්චි කිරීමේදී පවා, විශේෂයෙන් පිරිමින් මෙම පාඩම හොඳින් ඉගෙනගන්නවා නම් හොඳය.

මේ ලිපියත් කියවන්න