Unic radio

පිලිප් ශාන්ත

මම පුංචිම පුංචි කාලෙ රේඩියෝවක් ඇහැව්වෙ ආච්චිලගෙ ගෙදර ගියාමයි. ඒ කියන්නෙ අපේ ගෙදර ඒ කාලෙ රේඩියෝවක් තිබුණෙ නැහැ. ආච්චිල හිටියෙ අම්පාරෙ නුගේලන්දෙ. එහෙ ගිහින් රේඩියෝව අහන එක පට්ට ආතල් එකක් උනා. ඒ ආතල් එක කැඩුනෙ හිටි ගමන් මීටර් මාරු වෙනව කියල සීන් එකක් වෙලා හඩ නැහී ගියාමයි. ඒකට ආච්චි නම් කිව්වෙ ඒ මිනිස්සුන්ට රේඩියෝ කර කර ඉදලම බැහැනෙ ගෙදර දොරේ වැඩත් කරන්න ඕනනෙ. ඒ නිසා පොඩි විවේකයකට රේඩියෝව නතර කරන බවයි. ඒත් චූටි මාම කිව්වෙ මල්වත්තෙ විකාශනාගාරයේ තාක්ෂණික ප්‍රශ්නයක් නිසා රේඩියෝව දවල් නෑහෙන බවයි.

Sinhala Tamil English Translations and Content Writing
අද වගේ ඒ කාලෙ එෆ් එම් තරංග මාලා රේඩියෝ විකාශන තිබුණෙ නැහැ. ඒ නිසා මධ්‍යම තරංග හා කෙටි තරංග වලින් වැඩ කරන ආණ්ඩුවෙ ගුවන් විදුලිය විතරයි තිබුණෙ. කෙටි තරංග විකාශයන් ඇහෙන්නෙ හුලං ගහනව වගේ. ඒ කියන්නෙ ඇහෙනවා, නෑහෙනවා වගේ. නමුත් මධ්‍යම තරංග විකාශයන් නම් හොඳට ඇහුනා. ඒත් එෆ් එම් තරංග විකාශයන් ස්ටීරියෝ තාක්ෂණය තිබුණෙ නැහැ.

කොහොම උනත් මේ රේඩියෝ ඇහිල්ල මට අල්ලල ගියා. ගෙදර ආවට පස්සෙ තාත්තට වද දුන්නෙ ගෙදරට රේඩියෝවක් ගේමු කියලයි. එක දවසක් පඩි අරන් ගෙදර ආව තාත්ත “එහෙනම් රේඩියෝවක් ගේන්න යමු”යි කියල පාරට බැස්ස. තාත්තගේ හම්බර් බයිසිකලයෙ ඉස්සරහ බාර් එකට කොට්ටයක් දාල මාව වාඩි කෙරෙව්ව. අයිය වාඩි වුණේ පිටිපස්සෙ ලගේජ් ඒකේ. තාත්ත බයිසිකලය පදින කොට අයිය තාත්තගෙ සීට් එක දෙපැත්තෙන් කකුල් දාල පැඩල් එකට බර දුන්න පදින්න ‌ලේසි‌වෙන්න. ගෙදර ඉදල ඇල්පිටිය ටවුමට මෙහෙම ගියා. ටවුන් එකේ දී අයියව අම්බලන්ගොඩ බස් එකකට නග්ගවපු තාත්ත එයාගෙ අතට සල්ලියක් දීල කුරුදුගහහැතැක්මෙන් බහින්න කිව්ව. තාත්ත මාවත් තියාගෙන හැතැම්ම දෙකක් බයිසිකලය පැද්ද.

අපි ගත්තෙ යුනික් රේඩියෝවක්. ඒව හැදුවෙ උපාලි විජේවර්ධනල බව තාත්ත රේඩියෝ කඩේ රණවීරත් එක්ක කතා වුනා. රේඩියෝවෙ මිල රුපියල් 305යි. ඒත් තාත්ත අතේ තිබුනෙ රුපියල් 300යි. රුපියල් පහ හිඟ තියල රේඩියෝව දෙන්න රණවීර මුදලාලි කැමැති උනා. ඉතුරු රුපියල් පහ සෙන්මේරිස් එකට ඉස්කොලෙ ආව අක්ක අතේ එවන්නම් කියල තාත්ත පොරොන්දු උනා.

රේඩියෝව ගත්ත තාත්තයි මායි බයිසිකලෙන් ඇල්පිටියට ආව. අයිය පුරුදු පරිදි බස් එකෙන් ආව. අපි එනකම් එයා ටවුමෙ සතොස ළඟ බලන් හිටිය. මට බයිසිකල් ගමන හොඳටම එපා උනේ කකුල හිරි වැටෙන නිසයි. සතොස හන්දියෙන් මාත් බැහැල කකුලෙ හිරි යවා ගත්ත. ආයෙත් බයිසිකලයෙ ඉස්සරහ බාර් එකෙ කොට්ටෙ උඩින් මාව තිබ්බෙ තාත්ත. අයිය කලින් වගේම ලගේජ් එකේ. දැන් රේඩියෝව තියෙන පෙට්ටිය තියෙන්නෙ හැන්ඩ්ල් එක උඩ. ඒක අල්ල ගන්න උනේ මට. තාත්ත බයිසිකලය පදිනවා.

ගෙදර ගෙනාව රේඩියෝව දිග ඇරල ඒකෙ සද්දෙ දානකම් මට ඉවසුමක් නැහැ. බැටරි කෑලි තුනකින් වැඩ කරන රේඩියෝව පුදුමාකාර භාණ්ඩයක් බව මට හිතුනා. උදේ පාන්දර 5.30ට පන්සිල් හා සෙත් පිරිත් වලින් වැඩ අල්ලන රේඩියෝව දවස පුරාම කන්දීම මගේ විනෝදය උනා. ඉතින් රේඩියො අහන කොට ඒ කාලෙ තිබුණ ලොකු බාධාවක් උනේ විදුලි බලය ඇණ හිටි විට විකාශය අඩපනවීමයි. එහෙම උනාම විනාඩියක් දෙකක් විකාශය නතර වෙනව. දවසක් අකුරැස්සෙ නැන්ද ඕකට කිව්වෙ නිවේදකවරු හුස්ම ගන්න රේඩියෝව නතර කරනව කියලයි.

ඒ කාලෙ ජනමාධ්‍යවේදිනියක් ගැන කතාවක්

Sriya Ratnakara
ශ්‍රී සඟරාව වගේ ශ්‍රියා රත්නකාර

1 thought on “හුස්ම ගන්න කතාව නතර කරන නිවේදකවරු සිටි ‌‌රේඩියෝ කාලෙ

  1. මාත් පොඩිකාලෙ ගුවන්විදුලිය ඇසීම ගැන කතාවක් දෙකක් ලියල තියනවා ඒවා මෙතෙන්ට ඈඳන්න ඕනේ

Leave comment

Your email address will not be published. Required fields are marked with *.