මෙමෝරියලයිසේෂන් හා ස්මාරක

Memorialization යන ඉංග්‍රීසි වදනෙහි අරුත වන්නේ මතකයේ රඳවා තබාගැනීමයි. මළගිය ඥාතීන්, මිතුරන්, සහෘදයන්, රටවැසියන් සම්බන්ධ මතකය රඳවා තබාගැනීම මිනිස් පරිණාමයේ මුල් යුගයේ සිටම පවතින අභිචාරයකි.
ශ්‍රී ලංකාවේ ආදි වාසී ජනයා වන වැදි ජනතාව අතර නෑ යකුන් පිදීම ප්‍රධාන පෙළේ අභිචාරයකි.
සිංහල ජනයා තම ඥාති මිත්‍රාදීන් සම්බන්ධ මතකයන් රඳවා තබාගැනීම සඳහා සොහොන් කොත් ඉදිකිරීම වැනි බටහිර අභිචාර මෙන්ම මළවුන් සිහිකර දාන මානාදී පින්කම් ද සිදුකරති.
දෙමළ, මුස්ලිම් ජනයා අතර ද මෙම මතකයේ රඳවා තබාගැනීම විවිධ ස්වරූපයෙන් තිබේ. වතුකරයේ ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනයා අතර තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන්ගේ සොහොන් බිම් නැතිකමයි. කලක් සොහොන්බිම ලෙස පාවිච්චි කරන වතු ඉඩම් කට්ටි ඉන්පසු වතු වගාව සඳහා යොදාගැනීම ඊට හේතුවයි.
සාමූහික වශයෙන් වෙන් වූවන් මතකයේ රඳවා තබාගැනීම අදාළ වන්නේ සුනාමි වැනි ස්වාභාවික විපත්වලින් මියගිය ජනයා හා මිනිසා විසින් සිදුකරන ලද විනාශයන් නිසා මියගිය ජනයා වෙනුවෙනි.
දකුණේ සිංහල වාමාංශික ව්‍යාපාර 194ද මුල්ඔය වත්තේ කම්කරු අරගලයක් අතරතුර ඝාතනය කරන ලද ගෝවින්දන්, 1953 හර්තාලයේදී දිවිදුන් පිරිස්, 1980 ජුනි 5දා මරාදමන ලද සෝමපාල, 1971 කැරැල්ලේදී මියගිය අය හා 1987-89 කැරැල්ලේදී මියගිය අය ආදීන් වෙනුවෙන් සැමරුම් පවත්වන්නේ ද මතකයේ රඳවා තබාගැනීම වෙනුවෙනි.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගිය සතියේ සිය නිර්මාතෘ එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක සැමරුවේය. ඇතැම් මතකයේ රඳවා තබාගැනීම් වෙනුවෙන් චිත්‍රපට නිර්මාණය කරනු ලැබේ. නිදහසේ පියා චිත්‍රපටයේ අරමුණ එක්සත් ජාතික පක්ෂයේ නිර්මාතෘවරයකු වූ, ශ්‍රී ලංකාවේ පළමු අගමැති ඩී.එස්. සේනානායක සැමරීමයි. ගින්නෙන් උපන් සීතල චිත්‍රපටයේ අරමුණ රෝහණ විජේවීර පිළිබඳ මතකය සංරක්ෂණය කිරීමයි.
රාජපක්ෂ පවුල ඩී.ඒ. රාජපක්ෂ පියා හා මව මතකයේ රඳවා තබාගැනීම වෙනුවෙන් ඉදිකළ සමාධියේ රූපයක් මෙහි පළවේ.
කුමන හේතුවක් මත වුව හෝ වෙන් වූ තමන්ගේ ප්‍රියයකු මතකයේ රඳවා තබාගැනීමට ඕනෑම පුද්ගලයකු තුළ පෙළඹවීමක් ඇති වේ. එය සාමූහික පෙළඹවීමක් ද විය හැකිය. ඉල්මහ විරු සමරුව වැනි අවස්ථා යෙදෙන්නේ ඒ වෙනුවෙනි.
මිනිසුන් ස්මාරක ඉදිකරන්නේ ද එහෙයිනි. ස්මාරක බුල්ඩෝසර් කරන්නට පුළුවන. එහෙත්, පවතින ස්මාරකයකට වඩා කඩා බිඳදමන ලද ස්මාරකයක් වැඩි කාලයක් මතකයේ රැඳී තිබෙන්නට පුළුවන. අහිංසකයන්ගේ ආරාමය යනු එසේ කඩා බිඳදමන ලද කලා කෘතියක් ද වන ස්මාරකයකි. බත්තරමුල්ල ආසන්නයේ එය පවතිද්දීත් එය නොතකා හැර තිබිණි. එයට හේතුව වන්නේ එය එකී ස්මාරකයෙන් නියෝජනය කරන ලද පරපුර විසින් එය භාර නොගැනීමයි. එහෙත්, අහසින් පාත් වූ එම ස්මාරකය බිඳදැමීමෙන් පසු එම බිඳ දැමීම මතකයක් බවට පත්වී තිබේ.
පොදු ස්ථානවල ස්මාරක ඉදිකිරීම විධිමත් අන්දමින් සිදුකළ යුතුය. එහෙත්, විධිමත් හෝ අවිධිමත් හෝ ආකාරයකින් ඉදි කර ඇති යම් ස්මාරකයක් තිබේ නම්, එය ඉවත් කළ යුත්තේ ද ඉතා විධිමත් ආකාරයටයි. බුල්ඩෝසර්වලට සිමෙන්ති හා යකඩ සුණුවිසුණු කරන්නට හැකිය. එහෙත්, මතකයන් එහෙම විනාශකරන්නට බැරිය. බුල්ඩෝසර් විසින් ඇත්තෙන්ම කරනු ලබන්නේ අලුත් මතකයේ රඳවා තබාගැනීම් නිර්මාණය කිරීම විය හැකිය.
බුද්ධිමත් නායකයෝ මිනිස් හැඟීම් සමග පරිස්සමෙන් කටයුතු කරති. ජාතිවාදියෝ තම අරමුණු වෙනුවෙන් සෙසු හදවත් පාරන්නට පසුබට නොවෙති.

Related News
4 thoughts on “මෙමෝරියලයිසේෂන් හා ස්මාරක”
Leave comment Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
ලොව විවිධ ආගම් අදහන්නන් අතරින්, වර්ෂ 1946 ට පසු ජනගහනයට සාපේක්ෂව වැඩිම කාලයක් සිවිල් යුද්ධවල පැටලී සිටියේ බෞද්ධ රටවල් කීවොත් විශ්වාස කිරීමට අපහසුයි නේද? එනමුත් සත්‍ය තත්ත්වය එයයි. වැඩිදුර විස්තර සඳහා පහල ලින්කුවෙන් ගොස් එම ලිපියේ අංක 1 වගුව බලන්න.
https://journals.sagepub.com/doi/full/10.1177/2053168016646392
Sugath Dammi wenuwen ho Dammi Sugath wenuwen ho smaraka goda neguwe netha . Sugath Goluhadawatha liyaa palakaleaya . Dammi videsayaka sita aawarjanaya kalaaya .
Minisaa pamanak nowa sathun pawaa samerum agayathi .
Buduho pawaa samerum agayana bawa unwahanseve desum walin pasak wea .
Koi konayekin beluwath samerum ageyeima waradak nethiwaa menma siyalu janathawata podu maanasika suwayak danawannak menma maanawa himikam yatathe sthanagatha viyayuththak lesa yahapath paalakayan sithathwa !
Dekkama paalakayanta mala panina smaraka dozer kalath , lankieya samajaya smarakayanta agaru nokarathi .
Horagolle Bandaranaike sohona samadhiyak lesa namkarathdie eya piligaththa menma samaharu bhakthi poorwakawa aachara kalaha .
Dutugemunu visin thama prthiwaadiya ta garu nambu pudha kaloya .
Satanedhi viyapath Elara ” panagiya ballaku men ” hewayan lawaa adagenavith akulata nodemmeya . Epamanak nowa Elara smarakaya asalin yannahu sanwaraviyayuthe yai niyama kalabawa da kiyathi .
Sthupa da smarakayan bawa sandahan kala yuthu yai sithami .