Louise Brown with mum and dad

මඳසරු මව්පියන් මිලියනයක බලාපොරොත්තු ඉටු කළ ලුවිස් බ්‍රව්න් උපන් දිනය

ශ්‍රී ලංකාවේ වසර 10ක් ජනාධිපති ධුරය දැරූ වයෝවෘද්ධ පුද්ගලයකු වන අගමැති මහින්ද රාජපක්ෂ පසුගියදා මඳසරුභාවය හා දරුවන් හැදීම හෝ නොහැදීම පිළිබඳ තෝරාගැනීමේ පුද්ගලය අයිතිය ප්‍රසිද්ධ වේදිකාවේදී සමච්චලයට ලක්කළා.

Translations by Creative Content Consultants

අද දවස වැදගත් ඓතිහාසික සිදුවීමක් සිදු වූ දවසක්. අද තමයි ලොව පළමු නළ දරු උපත සිදු වුණේ. මඳසරුභාවයෙන් පීඩා විඳින, දරුවන් අවශ්‍ය මව්පියන්ට මිලියන ගණනක පැතුම් ඉටු කරමින අද වැනි දවසක තමයි in vitro fertilization (IVF) ක්‍රමය මගින් ලුවිස් බ්‍රව්න් උපත ලැබුවේ. එනම්, ගර්භාෂයෙන් පිටතදී සංසේචනය කරන ලද ඩිම්බයක් හා ශුක්‍රාණුවක් මගින් විද්‍යාගාරයක වර්ධනය කර පසුව ගර්භාෂයේ තැන්පත් කරන ලද කළලයක් මගිනුයි.

බ්‍රිතාන්‍ය ජාතික විද්‍යාඥ රොබට් එඩ්වර්ඩ්ස් සහ නාරි වෛද්‍ය විශේෂඥ පැට්‍රික් ස්ටෙප්ටෝ විසින් මෙම ක්‍රමය පිළිබඳ පුරා දශකයක් තිස්සේ කරන ලද පර්යේෂණවල ප්‍රතිඵලය තමයි ලුවිස් බ්‍රව්න්. ඇගේ පියා ජෝන් බ්‍රව්න්. මව වන ලෙස්ලි බ්‍රව්න්ගේ පැලෝපීය නාලවලට හානි වී තිබුණු නිසා ඇයට සාමාන්‍ය ක්‍රමයට දරුවකු බිහිකිරීමේ හැකියාව තිබුණේ නැහැ.

ලුවිස් බ්‍රව්න් උපන්නේ 1978 ජුලි 25දා එංගලන්තයේ ඕල්ඩ්හැම්හිදී යි. එතැන් සිට අද දක්වා උපත ලැබූ නළ දරුවන් සංඛ්‍යාව මිලියන 6කට වැඩි බව ටයිම් සඟරාව වාර්තා කළා.

ලුවිස් උපන්නේ සීසේරියන් සැත්කමකිනුයි. ඇගේ නැගනිය වන නැටලීත් නළ දරුවෙක්. ඇය තමයි සාමාන්‍ය විදියට උපන් ලොව පළමු නළ දරුවා.

ලුවිස් බ්‍රව්න් වර්තමානයේදී 42 හැවිරිදි දෙදරු මවක්. ඇය සිය සැමියා සමග ඉතා සාමාන්‍ය ජීවිතයක් ගත කරනවා. ඇගේ මව ලෙස්ලි දැන් ජීවතුන් අතර නැහැ. පහත දැක්වෙන්නේ ඇය උපන් අලුත ගත් ඡායාරූපයක්.

Translations