පාසල් යළි ආරම්භ කිරීමේ එඩිතර තීන්දුව

අජිත් පැරකුම් ජයසිංහ
බස්නාහිර පළාතේ කොළඹ, ගම්පහ, කලුතර දිස්ත්‍රික්කවල පාසල් හා තවත් පාසල් කීපයක් හැර සෙසු පාසල් ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ. එය ඉතා එඩිතර තීන්දුවකි. රටේ සමස්ත පාසල් සංඛ්‍යාව 10,100කට වැඩි අතර, ඒ අතරින් 5,100කට වැඩි සංඛ්‍යාවක් ආරම්භ කෙරේ. ශ්‍රී ලංකාවේ පාසල් අතරින් 90%කට වඩා සිසුන් 1,000ට අඩු ඒවා බැවින් සමාජ පරතරය පවත්වාගැනීම දුෂ්කර නොවන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පෙන්වා දෙයි. එසේම, හදිසි තත්වයන් තුළ සෞඛ්‍ය උපදේශානුකූලව තීරණ ගැනීමේ බලය පාසල් බලධාරීන්ට පවරා තිබේ. විස්තර මෙතැනින් >>
කෙසේ වෙතත්, ලංකා ගුරු සංගමයේ සභාපති ජෝසප් ස්ටාලින් පවසන්නේ පළමුව උසස් පෙළ පන්ති ආරම්භ කර ක්‍රමානුකූලව පාසල් ආරම්භ කිරීමට ගුරු සංගම් කළ ඉල්ලීමට රජය සවන් නොදුන් බවයි.
පාසල් ආරම්භ කිරීමේ අවදානමක් තිබේ. එහෙත්, මෙවැනි අවධියක රජයක් විසින් අවදානම් ගන්නට සිදු වේ. ගන්නා අවදානම සම්බන්ධ වගකීම බෙදී යන පරිදි සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කර තීරණවලට එළැඹීමට රජය සමත් විය යුතුය. එහෙත්, වත්මන් ආණ්ඩුව එවැනි සාමූහිකත්වයකින් කටයුතු කරන බවක් නොපෙනේ. කෙසේ වෙතත්, ඕනෑවට වඩා ප්‍රජාතාන්ත්‍රික වීමෙන් ලංකාවේ යමක් කළ නොහැකි බව පසුගිය ආණ්ඩුව කාලයේ පෙනුණු නිසා පාසල් යළි ආරම්භ කිරීමේ අවදානම හා වගකීම ආණ්ඩුව භාරගැනීම තේරුම්ගත හැකිය.
නව සාමාන්‍ය තත්වය යටතේ කොවිඩ්-19 සමග තව බොහෝ කාලයක් ජීවත් වීමට රටේ ජනතාවට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු, නිදන්ගත රෝගීන්, වැඩිහිටියන් වැනි අවදානම් ප්‍රජාව ආරක්ෂා කරගන්නට අරගල කරමින්, සැලකිය යුතු පිරිසක් කොරෝනා වයිරසයට ගොදුරු වී සුවපත් වෙමින් කල් බැලීමයි. එහිදී සැලකිය යුතු මරණ සංඛ්‍යාවක්ද වාර්තා වන බව තේරුම් ගැනීමට සිදු වේ. කොවිඩ්-19 සමග ජීවත් වීම යනු හැකි තරම් පරිස්සම් වීමයි. ඒ සඳහා මේ රටේ ජනතාව හුරුපුරුදු විය යුතුය. සම්පූර්ණයෙන්ම සාමාන්‍ය තත්වයට පත්විය නොහැකි වුණත්, හැකි තරම් දුරට සාමාන්‍ය පරිදි ජීවිතය විඳීමට අප උත්සාහ ගත යුතුය.
කොවිඩ්-19 පළමු රැල්ල සමග ආණ්ඩුව විසින් රට පුරා මාස ගණනක් තිස්සේ පණවා තිබුණු අර්ථ විරහිත ඇඳිරි නීතියෙන් පසු, දෙවන වාරය සඳහා යළි පාසල් ආරම්භ කළද කොවිඩ්-19 සමග ජීවත් වීම සඳහා ශ්‍රී ලංකාවේ පාසල් හා සිසුන් සූදානම් කිරීමක් බොහෝ තැන්වල සිදු වූයේ නැත. සිදු වුණේ පෙර පරිදි සාමාන්‍ය අන්දමින් පාසල් පැවැත්වීමයි. සිසුන් තබා ගුරුවරුන්වත් සමාජ දුරස්ථභාවය වැනි කාරණා කෙරෙහි අවධානය යොමු කළේ නැත. දැන් අවදානම තුළ ජීවත් වන විට හෝ වගකීම් සහගත වීමට රටේ ගුරු, සිසු හා මාපිය පරම්පරා වගබලා ගත යුතුය.
Related News
2 thoughts on “පාසල් යළි ආරම්භ කිරීමේ එඩිතර තීන්දුව”
Leave comment Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Kattandin menma aathurayoda edithara viyayuthuya . Aathurayanta vinakarana , yaksha pisaacha pretha kumbhanda piriwara pitiyata genviemata kalin yakaduro dolapideni soudanawa thabathi .
Nethnam aathurayata menma aathurayantada visesa samaawak nam netha .
Editharawa paasal ariyath , sawkyarakshanaya ehi suodaanamwa thibuneda ?
Yakku pitiyata enne TV Radio News ahala nam noweaya !