ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නට ඕනැද?

අජිත් පැරකුම් ජයසිංහ
කොවිඩ්-19 යනු ශ්‍රී ලංකාවේ තවදුරටත් දුර්ලභ තත්වයක් නොවෙයි. එය ප්‍රජාව අතර පැතිරී ඇති බවක් රජය ප්‍රකාශයට පත්කර නැතත්, රට පුරා හැමතැනින්ම රෝගීන් හමුවන බව බොරුවක් නොවෙයි. ඇතැම් රෝගීන්ට රෝගය වැළඳුණු ආකාරයත් අපැහැදිලියි.
උදාහරණයක් ලෙස, පසුගිය දෙසැම්බර් 8දා ළමා රෝහලේදී මියගිය මෝදර ප්‍රදේශයෙන් රෝහල්ගත කරන ලද දින 20ක් වයසැති බිළිඳාගේ පියාට හෝ මවට හෝ කොවිඩ්-19 වැළඳී තිබුණු බවක් හෙළිදරව් වුණේ නැහැ. එම දරුවාට කොවිඩ්-19 වැළඳුණු ආකාරය තවමත් සෞඛ්‍ය බලධාරීන් විසින් රටට කියා නැහැ. මේවා පැහැදිලි කිරීම පහසුත් නැහැ. ඇත්තම කියනවා නම්, දැන් තිබෙන තත්වය අනුව, ඔය සුලමුලවල එච්චර වැදගත්කමකුත් නැහැ.
මිනුවන්ගොඩ පොකුර හැදීමට මුල්වුණ බ්‍රැන්ඩික්ස් ආයතනයට කොවිඩ්-19 වයිරසය පැමිණි ආකාරයවත් සොයාගන්නට තවම සෞඛ්‍ය හෝ ආරක්ෂක අංශවලට බැරි වුණානෙ. තව මොන කතාද?
දැන් ඉතින් අප කතා කළ යුතුව තිබෙන්නේ කොවිඩ්-19න් මියයන මේ රටේ පුරවැසියන්ට ගෞරවනීය ආදාහනයක් වෙනුවෙන් තිබෙන අයිතිය පිළිබඳවයි. එය තවදුරටත් මුස්ලිම් ජාතිකයන්ගේ විතරක් ප්‍රශ්නයක් නොවෙයි. මළසිරුරු පිළිස්සීම පිළිනොගන්නා ක්‍රිස්තියානි, හින්දු පමණක් නොව බෞද්ධ ආගමිකයන් ද සිටින බව අප අමතක කළ යුතු නැහැ.
පුද්ගලයකුගේ අවසන් කටයුතු කරනු ලබන්නේ එම පුද්ගලයාගේ අන්තිම කැමැත්ත, සංස්කෘතිය, ආගම ආදී සාධක අනුවයි. කොවිඩ්-19 නිසා ඒ සියල්ලට වඩා නිරෝධායන නීති ප්‍රමුඛ වෙලා තිබෙනවා.
නවීන තාක්ෂණය ඔස්සේ කොවිඩ්-19 මළසිරුරකට ගෞරවනීය අවමංගල්‍යයක් සඳහා අවස්ථාව ලබාදෙන්නට බැරිකමක් නැහැ. උදාහරණයක් ලෙස, ඇමරිකාවේ පොලිස් ප්‍රහාරයකින් මියගිය කළු ජාතික ජෝජ් ෆ්ලොයිඩ් කොවිඩ්-19 රෝගියකු බව හඳුනාගෙන තිබියදීත් ඔහු වෙනුවෙන් සංකේතාත්මක ගෞරවනීය අවමංගල්‍යයක් පැවැත්වුණා.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දනය සම්බන්ධයෙන් කටයුතු කරන මිලිටරි අංශ වගේම සෞඛ්‍ය අංශත් රෝගීන්ගේ හා පුරවැසියන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ අසංවේදීයි. මරණයකදී පවුලේ අයගේ ශෝකය සම්බන්ධයෙන් ඔවුන්ගේ අසංවේදීකම පෙන්වපු අවස්ථාවක් තමයි රිජ්වේ ආර්යා රෝහල කොවිඩ්-19 නිසා මියගිය දින 20ක් වයසැති බිළිඳා ගැන කටයුතු කළ ආකාරය. පවුලේ ඥාතීන් විසින් භාර නොගන්නා ලද කොවිඩ්-19 මළසිරුරු ගණනාවක් තවම මෘත ශරීරාගාරවල තිබියදී, මෙම බිළිඳු මළසිරුරත් දෙමව්පියන් සමග සාකච්ඡා කර අවබෝධයක් ඇතිකරගන්නා තෙක් හෝ තබාගන්නට තිබුණා.
ශ්‍රී ලංකාවේ කොවිඩ්-19 මර්දන කටයුතුවල නියැලී සිටින මිලිටරි අංශවලටත් වඩා සෞඛ්‍ය අංශ මාධ්‍ය පෙරේතකමකින් පෙළෙනවා. පීඑච්අයිලා කොවිඩ් රෝගීන් හා ආශ්‍රිතයන් ‘අල්ලාගෙන නිරෝධායනයට දමන්නට’ යන්නේ මාධ්‍ය කැමරාත් අටවාගෙනයි. මේ බිළිඳාගේ මරණය ගැන පවා මව්පියන්ට දන්වන්නට කලින් මාධ්‍යවලට දැන්වූ බවට බිළිඳාගේ පවුලේ අය චෝදනා කරනවා.
වර්තමානයේ ක්‍රියාත්මක වන පටිපාටි ලෝකය විසින් අනුගමනය කරන්නට පටන් ගත්තේ කොවිඩ්-19 සම්බන්ධයෙන් සමාජයේ දැවැන්ත භීතිකාවක් තිබියදීයි. එහෙත්, මේ වන විට තත්වය වෙනස් වෙලා. කොවිඩ්-19න් මිනිසුන් මියයන බව ඇත්ත. ඒත්, එය මේ වන විට ගෘහාශ්‍රිත ප්‍රශ්නයක්.
කොවිඩ්-19න් මියයන පුද්ගලයන්ට ගෞරවනීය අවමංගල්‍යයක් සඳහා තිබෙන අයිතිය පිළිබඳ මේ රටේ පාලකයන්ටත්, ඔවුන් උෂාර් කරන අන්තවාදී බලවේගයන්ටත් තේරෙන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නම ඕනැද? ඊට කලින් මේ ගැන හිතන එක සාධාරණ නැද්ද?
Related News
3 thoughts on “ගෞරවනීය ආදාහනයකට ඇති අයිතිය ගැන සිතන්නට ප්‍රභූවරයකු කොවිඩ්-19න් මැරෙන්නට ඕනැද?”
Leave comment Cancel reply
- Sri Lanka President pardons a criminal Buddhist monk; more criminals expected to be pardoned
- A section of Buddhist leaders of Sri Lanka urge the government to give permission to bury COVID-19 dead bodies
- Some of the murdered COVID-19 positive prisoners were ones released by court
- Baby farm owner arrested in Sri Lanka
- White handkerchief marks protest against forcible cremation by the government of Sri Lanka
Cartoons
search
Recent Posts
Recent Comments
- සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන - TOPnews.LK on සේරුවාවිල රත්තරං නැගෙනහිර ජැටියෙන් නැව්ගත වන හීන
- රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience) - TOPnews.LK on රන්ජන් රාමනායක හෘදය සාක්ෂියේ සිරකරුවෙකි (Prisoner of Conscience)
- වාසු ගැන නිව්ස් එකක් - TOPnews.LK on වාසු ගැන නිව්ස් එකක්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
- Sarath warnakulasuriya on ඒ ජාතියෙන් එනවා නම් මට ඒ ජාතියෙන් කරන්නත් පුළුවන්
Archives
- January 2021
- December 2020
- November 2020
- October 2020
- September 2020
- August 2020
- July 2020
- June 2020
- May 2020
- April 2020
- March 2020
- February 2020
- January 2020
- December 2019
- November 2019
- October 2019
- September 2019
- August 2019
- July 2019
- June 2019
- May 2019
- April 2019
- March 2019
- February 2019
- January 2019
- December 2018
Prabhoo ayek miyagiye covid 19 nisaa nam , owhoo sutus gaala puchchanawada !
Mang hithanne ehema wena ekak nea . Manda owho prabhoon nisaa . Hebei bohovita owun prabhoo wune janathawakage mathini .
Prabhoo thumanla hemavitama saamanya janayageda garuthwaya rekiya yuthui .
Nethahoth prabhon yai bawthisma kala ayata nuduredie janayaa athin hikkadu yannawei .
Kawruth nowei , guru bhawathun thamaa fail .
Manda , andha mithyaawan pasupasa divena menma bahubootha panchaskanda thama paalakayan se piliganna parapurak bihiwena paridi igennuwaata !
Aandu visin rrajya balaya thamanta yai seka nethiwa kiwwe issara . Den ae adahasa raajyatath horaa gilihemin pawathinne moolyamaya haa sanvidhanya athin aandu peradaviya hemi prabala samaagam visin raajya paalanaya nonila wasayen athpath kara ganimin sitina nisai .