Keenie Meenie book

80 දශකයේ කීනි මීනි පෞද්ගලික හමුදාව ලංකාවේ කළ යුද අපරාධ ගැන පරීක්ෂණ

බ්‍රිතාන්‍යයේ කීනි මීනි සර්විස් නම් පෞද්ගලික කුලී හමුදාව විසින් 1980 දශකයේදී ශ්‍රී ලංකාවේ කළ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ලන්ඩන් පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

Translations by Creative Content Consultants

කීනි මීනි සේවාව 1980 දශකයේ අග භාගයේ ජවිපෙ කැරැල්ල මර්දනයේදීත් යුද අපරාධවල යෙදුණු බවට චෝදනා එල්ල වුණත්, ජවිපෙ සම්බන්ධ ඔවුන්ගේ ක්‍රියා පිළිබඳ පැහැදිලි සාක්ෂි ඉදිරිපත් වී නැහැ.

1980 දශකයේදී ප්‍රභූ ආරක්ෂාව ඉලක්ක කරගෙන විශේෂ කාර්ය බලකාය පිහිටුවීම සඳහා කීනි මීනි සේවාවේ සහයෝගය ලැබුණු බව ප්‍රකට කරුණක්. ප්‍රභූ ආරක්ෂාවට අමතරව යුද කටයුතු සඳහා ද විශේෂ කාර්ය බලකාය සම්බන්ධ වුණා.

කීනි මීනි සේවාවට යුද අපරාධ චෝදනා එල්ල වන්නේ 1980 දශකයේ මැද භාගයේදී දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයට එරෙහි ඇතැම් මෙහෙයුම්වලදී සිවිල් වැසියන්ට සිදු වූ හානි සම්බන්ධයෙනුයි.

මෙම චෝදනාව කලක සිට පැවතියත්, මෙය අලුතෙන් ම මතු වන්නේ බ්‍රිතාන්‍ය ගවේශනාත්මක මාධ්‍යවේදී ෆිල් මිලර් විසින් පළ කරන ලද Keenie Meenie The British Mercenaries Who Got Away with War Crimes පොතෙහි අන්තර්ගත කරුණු පදනම් කරගෙනයි. මෙම පොතෙන් චිත්‍රපටයක් ද නිකුත් වීමට නියමිත ය.

කීනි මීනි යන නමෙහි අරුත පවා අපැහැදිලි ය. එය සමන්විත වූයේ බ්‍රිතාන්‍යයේ ආරක්ෂක අංශවල සේවය කළ පළපුරුදු නිලධාරීන්ගෙනි. 1980 දශකයේදී ඔවුන්ගේ ක්‍රියා සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හේතුවෙන් එම සේවාව වසා දමන ලද මුත්, දැනට ද ක්‍රියාත්මක පෞද්ගලික ආරක්ෂක සමාගමක් වන සැලඩින්, කීනි මීනි සංවිධානයේ සම්පත් හා ඉතිහාසය භාවිතා කරයි.

වර්තමානයේදී 78 හැරවිරිදි ඩේවිඩ් වෝකර්, 1980 දශකයේදී කීනි මීනි සේවාව පවත්වාගෙන ගිය බව සැලකේ. එම වකවානුවේදී ඔහු සරේ ප්‍රාන්තයේ කොන්සර්වෙටිව් පාක්ෂික මන්ත්‍රීවරයෙකි. වර්තමානයේ ඔහු සැලඩින් ආරක්ෂක සමාගමේ අධ්‍යක්ෂවරයෙකි. (Saladin වෙබ් අඩවිය මෙතැනින්)


කොක්කඩිචෝලෙයි සංහාරයෙන් මිය ගිය පුද්ගලයන් වෙනුවෙන් ඉදි කර තිබෙන ස්මාරකය

1987දී, නැගෙනහිර පළාතේ කොක්කඩිචෝලයිහි ඉස්සන් ගොවිපළක පුද්ගලයන් 85දෙනෙකු ඝාතනය කිරීම පිළිබඳ පොතෙහි සඳහන් වේ.

1985දී උතුරු පළාතේ පිරමන්තනාරු ගමට ගුවනින් පහර දී පුද්ගලයන් 16දෙනෙකු මරා දැමීම ඇතුළු යුද කටයුතු සඳහා හෙලිකොප්ටර් පැදවීම පිණිස කීනි මීනි සේවාව විසින් බ්‍රිතාන්‍ය ගුවන් නියමුවන් කුලී සේවා සඳහා යොදා ගත් බව පොතෙහි චෝදනා කෙරේ.

ලන්ඩනයේ සිවිල් සමාජ සංවිධානයක් වන දෙමළ තොරතුරු මධ්‍යස්ථානය විසින් මෙම පොතේ කරුණු පිළිබඳ පෞද්ගලික හමුදා කටයුතු අධීක්ෂණය කරන එක්සත් ජාතීන්ගේ ක්‍රියාකාරී කණ්ඩායමට පැමිණිලි කරන ලදී.

එක්සත් ජාතීන්ගේ ආයතනය විසින් මේ පිළිබඳ බ්‍රිතාන්‍ය විදේශ කාර්යාලයෙන් විමසන ලදී. එක්සත් ජනපද රජය ‘සටන්වලදී ක්‍රියා සම්බන්ධයෙන් නීති මුක්තිය’ පිළිබඳ අනුගමනය කර තිබෙන අපරාධ ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී විමසන ලදී. එයට එක්සත් ජාතීන්ගේ නිල වාර්තාකරුවන් (rapporteurs) පස්දෙනෙකුගේ සහාය ලැබිණි. ඒ අතර, වධහිංසනය සහ අතුරුදහන් වීම් පිළිබඳ විශේෂඥයෝ ද සිටිය හ.

1986 ජුනි 7දා කීනි මීනි සේවාවෙහි ගුවන් නියමුවකු තවත් නියමුවකු සමග පදවන ලද හෙලිකොප්ටරයක් විසින් කොටි සංවිධානයේ සටන්කරුවන් රැගෙන යමින් සිටි බවට සැක කළ බස් රියකට පහර දුන්නේ ය. එම හෙලිකොප්ටරයේ දොරටුව අසල සිට වෙඩි තැබූ සටන්කරුවා එම බසයෙන් කාන්තාවන් හා ළමයින් බැස දුවද්දී ද වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ වාර්තාකරුවන් විසින් කරන ලද කරුණු විමසීමේ දැක්වේ.

1985දී නිකරගුවාවේ අභ්‍යන්තර සටන්වලදී රෝහලකට බෝම්බ ප්‍රහාර එල්ල කළ බවට ද කීනි මීනි සේවාවට චෝදනා එල්ල වී තිබේ.

මෑතදී ප්‍රසිද්ධ වූ කීනි මීනි සේවාවේ ශ්‍රී ලංකාවේ කටයුතු පිළිබඳ විස්තර දැක්වෙන ලේඛනයක ඡායාරූපයක්.

ඡායාරූප ලබාගත්තේ ඩේලි මැවරික් වෙබ් අඩවියෙනි.

Translations